diff --git a/src/ru/2026-02/04/commentary.md b/src/ru/2026-02/04/commentary.md index 87205c9b3cb..fb244595678 100644 --- a/src/ru/2026-02/04/commentary.md +++ b/src/ru/2026-02/04/commentary.md @@ -83,7 +83,26 @@ date: 24/04/2026 #### План Сергея Хрибара -Мы подготавливаем данные - попробуйте позже +Новые впечатления от пособия Нины Этчесон\ +«Духовное возрастание в отношениях с Богом» + +1) Опыт первых уроков показал, что предложенные в пособии темы действительно актуальны, насущны и вызывают живой практический интерес. Это радует! +2) С другой стороны раскрываются эти темы в пособии плохо. Например, познание Бога сводится к знаниям о качествах Бога, а общение с Ним почти не рассматривается. А ведь знание о Боге и знание Бога (знакомство с Ним) – вещи разные. Также не вполне корректно Слово Божье ограничивать Библией, Писание вкладывает в это понятие гораздо больше. К сожалению, заявленные темы нередко изложены слишком поверхностно и примитивно. Это огорчает! +3) На каждую тему приводится много библейских текстов из разных мест Писания, но не все эти тексты соответствуют заявленной теме, многие притянуты. В то же время, вспоминается много весьма уместных отрывков, но в Пособии их почему-то нет. Это тоже немного огорчает, но побуждает исследовать Писание. +3) Посему нам (ведущим уроков) важно не ограничиваться пособием, а готовится к урокам самостоятельно, в молитве исследуя Писание. Просмотрев пособие бегло и узнав тему урока, лучше сначала постараться выяснять самим, как эта тема раскрыта в Библии, а уже потом читать пособии. +4) Итак, отбирая материал к уроку, будем держаться обозначенной в пособии темы, но при этом не бояться посмотреть на неё непредвзято, с разных сторон. Главное при этом руководствоваться Библией! + +**Цель урока:** учиться правильно воспринимать Писание. Форма урока – обсуждение Проблемы: что есть «Слово Божье» и насколько оно отражено в Библии? Отбор материала. Об изучении Библии будет следующий урок, а здесь мы рассмотрим понятие «Слово Божье»: оно гораздо шире и не ограничивается Библией. В Библии записанное откровение называется «Писанием», а «Словом Божьим» Книгу книг стали называть горазда позже. Тем не менее, сказанное Богом Библия передаёт, и почему мы в это верим, обсудить будет полезно. + +1) Вспомните П. Ст. – Евр.4:12 – Что здесь понимается под Словом Божьим? … Ср. контекст – 4:10-13 … Насколько эти слова применимы к Библии? … 5-10 мин. +2) Что вообще Писание называет Словом Божьим? … Пс.32:6, Ис.55:10-11, Ин.1:1, 17:17, Отк.19:11-13 – Где здесь сказано о Библии? … Ин.17:17 – Что значит быть освящёнными истиной? … (см. пример Христа) … 10 мин. +3) Лк.4:4 – Что имеет в виду Иисус? … Ср. Вт.8:3, см. контекст – Лк.4:1-13 – Какую роль в этой истории сыграло записанное Слово Божье? … 5-10 мин. +4) 2Тим.3:15-17 – Что значит «богодухновенно» (=боговдохновенно)? … Всякое ли слово Библии от Бога? … Отв. обосн. … Почему вы доверяете Библии? … Как бы вы ответили тем, кто с Библией не знаком? … (Хорошо, если поделится каждый участник беседы) … Как Библия повлияла на ваши взгляды, поступки, решения? … Поделитесь примерами … 15-20 мин. + +Итак, Своим Словом Господь сотворил мир и правит вселенной. Слово Божье явилось в Его Сыне. А ещё Слово Божье раскрывается в Библии – Книги книг полезной во все времена. Ей мы и руководствуемся – 2Тим.3:16-17!\ +А как изучать Писание, обсудим в следующий раз. + +**Общее пение:** «Люблю читать я Книгу», «На бумаге временем забытой», «Библия много света нам открыла» --- diff --git a/src/si/2026-02/07/01.md b/src/si/2026-02/07/01.md index e37fd27a273..97e9f26ade0 100755 --- a/src/si/2026-02/07/01.md +++ b/src/si/2026-02/07/01.md @@ -3,5 +3,18 @@ title: ප්‍රායෝගික යාච්ඤාව date: 09/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +### මේ සතියේ පාඩමේ අධ්‍යයනය සඳහා කියවන්න +1 රාජාවලිය 19:1-8 මතෙව් 6:5-8 , ලූක් 11:2-4, මතෙව් 6:5-15, දානියෙල් 9:4-19, රෝම 8:26,27. + +>

කටපාඩම් පදය

+> “ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරව්ත උන්වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ සිත් වගුරවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂා ස්ථානයක්ය.” (ගීතාවලිය 62:8) + +ඔබේ යාච්ඤා ජීවිතය කෙබඳු එකක්ද? ඔබ යාච්ඤා කරන්නේ කෙතරම් කාලයකට පසුවද? කොතරම් උනන්දුවෙන්ද? කොතරම් අපේක්ෂා සහගතවද? ඔබ දිනපතා යාච්ඤා කරනවාද, නැතහොත් හදිසි අවස්ථාවක් ඇතිවූ විට පමණක්ද? ඔබ යාච්ඤාවේදී නිතර යම් යම් දේ ඉල්ලා සිටිනවාද, නැතහොත් ඔබේ යාච්ඤාවෙහිදී දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමක් කරනවාද? + +ඔබ ඔබේ උදැසන ආහාරයට පෙර යාච්ඤා කරනවා මෙන්ම ඇතැම්විට දවසේ වැඩකටයුතුවල කඩිසරව යෙදී සිටින අතරතුරත් යාච්ඤා කරනවාද? ඇතැම්විට ඔබ නිත්‍ය යාච්ඤා කණ්ඩායමක හෝ දවස පුරා යාච්ඤාවෙහි යෙදී සිටීමේ අත්දැකීම් ලබා තිබෙන්නට පුළුවන. ඔබේ ජීවිතයේ සියලු දේ වෙනස් කිරීමට හැකිවන්නාවූ දේව බලවත්, උන්වහන්සේගේ සමීපත්වයත් යාච්ඤාවේදී ඔබට අවබෝධ වී තිබෙනවාද? + +යාච්ඤාව අපත් (අතු) යේසුස්වහන්සේවත් (මුද්‍රික වැල) නිත්‍ය ලෙස සම්බන්ධ කරන දෙයකි. “අප වර්ධනය වී සඵල වන්නේ නම්, අප නිරතුරුවම ජීවමාන වැලෙන් සාරය සහ පෝෂණය උරාගත යුත්තෙමුත වැලෙන් වෙන්වුව හොත් අපට ශක්තියක් ඇත්තේ නැත.” —Ellen G. white, Early Writings, p. 73. යාච්ඤාවෙහි නිතරවීමේ ආශිර්වාදය මෙයයි. දෙවියන්වහන්සේ සෑමවිටම අපේ යාච්ඤාවලට සවන් දෙමින්, උන්වහන්සේට සුදුසු යයි හැඟෙන කාලවකවානුවක, උන්වහන්සේගේ සර්ව සම්පුර්ණ ආකාරයෙන් පිළිතුරු සපයන සේක. එනමුත්, එම පිළිතුර සෑමවිටම අප අපේක්ෂා කර සිටින ආකාරයේ එකක් නොවිය හැක. + +මෙම සතිය තුළ යාච්ඤාවෙහි නිරතවූ වෙනත් සුද්ගලයින් පිළිබඳව හදාරමින් දෛනිකව අපේ යාච්ඤා ජීවිතය ශක්තිමත් කරන ආකාරය දෙස බලමු. + +මැයි මස 16වන සබත් දවසට සුදානම් වන පිණිස මෙම සතියේ පාඩම අධ්‍යයනය කරන්න. \ No newline at end of file diff --git a/src/si/2026-02/07/02.md b/src/si/2026-02/07/02.md index c30932f3060..56ee1aaf006 100755 --- a/src/si/2026-02/07/02.md +++ b/src/si/2026-02/07/02.md @@ -1,7 +1,16 @@ --- -title: පාඩම +title: එලියා - අර්බුද තුළ යාච්ඤා කරයි date: 10/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +එලියා අතිශයින්ම දුෂ්ට කාලයක, ආහබ් රජු, “තමාට පළමුව සිටි සියලු ඉශ්‍රායෙල් රජුන්ටත් වඩා ඉශ්‍රායෙල් දෙවිවු ස්වාමින්වහන්සේ කෝප කරවීමට කටයුතු කළ කාලයේදී ජීවත් වූයේය.” (1 රාජාවලිය 16:33). එලියාගේ ජීවිතයේ වඩාත් අනපේක්ෂිත දෙයකට මුහුණ දීමට සිදුවූයේ කාර්මෙල් කන්ද අසලදීය. (බලන්න 1 රාජාවලිය 18). මෙම අසමසම සිද්ධිය සනිටුහන් කර ඇති කථාවේ උච්චතම අවස්ථාව වූයේ ආහබ් සහ ඔහුගේ මුළු රාජධානියම දෙවියන්වහන්සේ යාච්ඤාවලට පිළිතුරු දෙන ආකාරය ඔවුන්ගේ ඇස්වලින් දැකගැනීමයි. මෙම අවස්ථාව ඉශ්‍රායෙල්වරුන්ගේ ඉතිහාසය තුළ අමතක කළ නොහැකි මොහොතක් වූවා සේම, මෙම කථාව තුළ සනිටුහන් වන සිද්ධි පෙළගැස්මෙහි වු ක්ෂණික වෙනස්වීම හේතුවෙන් අපද මවිතයට පත්වන්නෙමු. + +`කියවන්න. 1 රාජාවලිය 19:1-8, කියවන අතරතුර එලියාගේ යාච්ඤා මෙන්ම ඒ සඳහාවූ දෙවියන්වහන්සේගේ ප්‍රතිචාරය කෙරෙහි අවධානය යොමු කරන්න. මෙහි සඳහන් වන අන්දමට එලියාට සිත් තැවුලට සහ අධෛර්යට පත්වීම වූ මූලික හේතුව කුමක්ද? මෙහිදීවූ දෙවියන්වහන්සේගේ ප්‍රතිචාරය කර්මෙල් කන්දෙහිවූ ප්‍රතිචාරයට වඩා වෙනස් වන්නේ කුමන ආකාරයෙන්ද?` + +එම දවස තුළ එලියාගේ සෑම යාච්ඤාවකටම දෙවියන්වහන්සේ පිළිතුරු සැපයූ නමුත්, අනාගතවක්තෘවරයාගේ චිත්ත ධෛර්යයත්, මානසික සහ ශාරීරික ශක්තියත් වෙනස් විය. එලියා දෙවියන්වහන්සේ සමග ඒ දවසේ විශාල ජයග්‍රහණයක් අත්දුටුවත්, විඩාවට පත්වු මොහොතකදී, දෙවියන්වහන්සේ කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය අභිබවා මරණ බය ඔහු තුළ හටගගත්තේය. මෙම කථාව තුළ කැපී පෙනෙන සිද්ධියක් වන්නේ, එලියා දොම්නසට සහ අධෛර්යයට යටත්වූ නමුත්, දෙවියන්වහන්සේ මොළොක් ගුණයෙන් සහ සැලකිලිමත් බවින් යුතුව ඔහු වෙත පැමිණ ඔහුට අවශ්‍ය ආහාරපාන සැපයීමයි (1 රාජාවලිය 19:5,6) - එම සැපයීම දහවල් 40 ක්ද, රාත්‍රී 40 ක්ද ගතවන තුරු පැවතුණි. (1 රාජාවලිය 19:8). අවසානයේදී, දෙවියන්වහන්සේ, උන්වහන්සේව එළිදරව් කළේ පෙරට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්වූ ආකාරයකටය. + +ඇතැම්විට අපේ ජීවිත තුළ දෙවියන්වහන්සේ, සෘජුවූද, ප්‍රබලවද, සහ ප්‍රතික්ෂේප කළ නොහැකි ආකාරයෙන් අපේ යාච්ඤාවලට පිළිතුරු සපයන සේක. මින් අපේ ඇදහිල්ල ශක්තිමත් වනවා සේම, අපේ ජීවිතවලට දෙවියන්වහන්සේගේ සමීප බව දැනෙනු ඇත. + +ඇතැම් අවස්ථාවලදී අප සැලෙමින් පරික්ෂාවලට අවනත වෙමින්, නොසැලෙන ඇදහිල්ලකින් යුතුව දෙවියන්වහන්සේව අනුගමනය කිරීම අපහසු කටයුත්තක් සේ සලකන්නෙමු. අප බොහෝ විට දෙවියන්වහන්සේගේ ප්‍රතිsචාර අපට උවමනා කරන්නාවූ අන්දමට දෙනු ලැබීම අපේක්ෂා කර සිටින නමුත්, උන්වහන්සේගේ යෝජනා මෙන්ම මාර්ගද අපේ ඒවා වඩා අතිශයින් උසස් බව අමතක කර ඇත. (යෙසායා 55:8,9). දෙවියන්වහන්සේගේ මැවිල්ලට අදාළ බොහෝ දේ අපට නිසි පරිදි අවබෝධ නොවන්නා සේම, දෙවියන්වහන්සේගේ මාර්ග පිළිබඳව බොහෝ දේ අපට අවබෝධ කරගැනීමට නොහැකි වීම පුදුම වන්නට තරම් දෙයක් නොවන බව වටහා ගත යුත්තෙමු. + +අපේ යහපත්වූද, කරුණාවන්තවූද පියාණන් වන දෙවියන්වහන්සේ අපට අවශ්‍ය කුමක්දැයි දන්නා සේක. මේ සියලුම අපහසුතා අතරතුර ඔබට නිශ්චලව සිටිමින් ඔබේ නෙත් උන්වහන්සේ වෙතට යොමු කරමින් සිටිය හැක්කේ කේසේද? මේ පිළිබඳව මේ මොහොතේම උන්වහන්සේ සමග සාකච්ඡා කරන්න. \ No newline at end of file diff --git a/src/si/2026-02/07/03.md b/src/si/2026-02/07/03.md index fbd3dfd7471..ffa9416be16 100755 --- a/src/si/2026-02/07/03.md +++ b/src/si/2026-02/07/03.md @@ -1,7 +1,25 @@ --- -title: පාඩම +title: යාච්ඤාවට පිළිතුරු නොලැබුණා සේ පෙනෙන විට date: 11/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +`ඇතැම්විට ඔබ යමක් අපේක්ෂා කරමින් දිගු කලක්, වසර ගණනාවක් වුවද යාච්ඤා කර ඇති නමුත්, එම යාච්ඤාවලට දෙවියන්වහන්සේ පිළිතුරු දී නැතැයි යන හැඟීමක් ඔබට ඇතිවන්නට පුළුවන. බයිබලයෙහි පවසා ඇත්තේ, “ඉල්ලන්න, එවිට නුඹලාට දෙනු ලැබේ.” (මතෙව් 7:7) යනුවෙන් වන නමුත්, “අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය. (1 යොහන් 5:14). මෙම පොරොන්දු ඔබ අවබෝධ කරගන්නේ කුමන ආකාරයකටද?` + +හන්නා, විශේෂ යමක් ඉල්ලා යාච්ඤා කළාවූ කැපවූ ස්ත්‍රියක් වූවාය. (1 සාමුවෙල් 1:10-17). මුලදී පෙනෙන්නට තිබුණේ දෙවියන්වහන්සේගෙන් ඇගේ යාච්ඤාවලට පිළිතුරක් නොලැබුණා සේ වුවත්, ඇය නොකඩවා යාච්ඤාවෙන් ඉල්ලා සිටි අතර, දෙවියන්වහන්සේ නිසි කාලයේදී උන්වහන්සේගේ කැමැත්ත අනුව පිළිතුරු සැපයූ සේක. ඇතැම්විට කල් බලා සිටින විට දෙවියන්වහන්සේ සමග වන අපේ ඇසුර ගැඹුරට වර්ධනය වනවා සේම, උන්වහන්සේ කෙරෙහි අපේ විශ්වාසයද වැඩි දියුණු වන්නේය.” + +ගීතාවලිය 62:8 හි සඳහන්ව ඇත්තේ, “ජනයෙනි, සෑමවිටම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරව්ත උන්වහන්සේ ඉදිරියෙහි නුඹලාගේ සිත් වගුරුවව්. දෙවියන්වහන්සේ අපට රක්ෂා ස්ථානයක්ය” යනුවෙනි. විශ්වාසය අපේ යාච්ඤාවලට ක්ෂණික පිළිතුරක් ලැබෙන බවක් නිශ්චිතව අපට පෙනෙන්නට නොතිබුණත්, අපට ඉතා සුදුසු කුමක්දැයි උන්වහන්සේ දන්නා බව අප විශ්වාස කරනවාද? එමෙන්ම, උන්වහන්සේට සුදුසු යයි සිතෙන අවස්ථාවක, උන්වහන්සේ සිතන ප්‍රකාරයට අපට පිළිතුරක් ලැබෙනු ඇතැයි ඔබ විශ්වාස කරනවාද? + +ඇතැම්විට අප සිතන තරම් ඉක්මණින් හෝ අපට අවශ්‍ය ආකාරයට අපගේ යාච්ඤාවලට පිළිතුරු නොලැබෙනවා ඇත. මේ පිළිබඳව බයිබලය තුළ අපට ඇති උපදෙස් මොනවාද? + +- ඔබේ කැමැත්ත නොව දෙවියන්වහන්සේගේ කැමැත්ත සොයන්න. (මතෙව් 6:10; 1 යොහන් 5:14,15). +- ඔබේ චේතනා පිළිබඳව සිතා බලන්න. (හිතෝපදේශ 16:2; යාකොබ් 4:3) +- ඔබ විසින් පාපය අගය කොට ඇත්දැයි සිතා බලන්න. (ගීතාවලිය 66:18; පේත්‍රැස් 3:12; හිතෝපදේශ 15:29) +- දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ වචනය තුළ පවතින්න. (යොහන් 15:7). +- ඔබ යාච්ඤා කරන විට එය ඇදහිල්ලෙන් කරන්න (හෙබ්‍රෙව් 11:6; යාකොබ් 1:6; මාර්ක් 11:24; මතෙව් 21:22) +- ඔබේ සිතේ ස්වභාවය පිළිබඳව සිතා බලන්න (නිහතමානීද නැතහොත් උඩඟුද) (යාකොබ් 4:6; 1 පේත්‍රැස් 5:6) +- පසුබට නොවී සිටින්න (1 තෙසලෝනික 5:17,18) +- අනුන්ට කමාවන්න (මාර්ක් 11:25,26) + +අවසානයේදී, දෙවියන්වහන්සේ විශාල චිත්‍රය දකින බැවින්, උන්වහන්සේ අපට ඉතා හොඳ දෙය කුමක්දැයි දන්නා සේක. (රෝම 8:28; එපීස 3:20; යෙරෙමියා 29:11-13). ඇතැම්විට උන්වහන්සේගේ පිළිතුර පාවුල් තුමාට දුන් පිළිතුර මෙන් සරල වූ එකකි. “මාගේ කරුණාව නුඹට සෑහේය.” (2 කොරින්ති 12:9). + +පිළිතුරු නොලැබුණාක් මෙන් පෙනී යන යාච්ඤාවකට අපේ ප්‍රතිචාරය තීරණය කරන්නාවූ ප්‍රධාන යථාර්ථය වන්නේ දෙවියන්වහන්සේ පිළිබඳව අප දරන ප්‍රතිරූපයයි. අප දෙවියන්වහන්සේව දකින්නේ aදුරස්ථවූ, අප කෙරෙහි උනන්දුවක් නොමැති කෙනෙකු ලෙස නම්, එවිට උන්වහන්සේ සමග අපට අති සම්බන්ධතාවය දුර්වල වූවකි. එවැනි අවස්ථාවකදී බයිබලය තුළින් උන්වහන්සේගේ ප්‍රේමය සහ සැලකිල්ල පිළිබඳව තොරතුරු සොයමින් ඔබේ විකෘති මනස පැහැදිලි කරන ලෙස ඉල්ලා යාච්ඤා කරන්න. \ No newline at end of file diff --git a/src/si/2026-02/07/04.md b/src/si/2026-02/07/04.md index 3bd7677b1cf..63a3c304602 100755 --- a/src/si/2026-02/07/04.md +++ b/src/si/2026-02/07/04.md @@ -1,7 +1,23 @@ --- -title: පාඩම +title: යාච්ඤා කරන අන්දම යේසුස්වහන්සේ අපට උගන්වන සේක date: 12/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +යේසුස්වහන්සේ මෙලොව සිටි අවධියේ, යාච්ඤාව දීර්ඝවූද, ප්‍රවේශමෙන් රචනය කරනු ලැබුවාවූද - නාට්‍යානුසාරයෙන් යුක්තවූද - සංකීර්ණ වචන යොදා ගනිමින් ඒවා කටපාඩමින් කීවාවූද - එවැනි යාච්ඤා සියල්ලගේ ගෞරවයට පාත්‍ර වූ ඒවාද විය. එනමුත්, මෙවැනි යාච්ඤාවල කිසි යහපතක් ඇති බව යේසුස්වහන්සේ පැවසුවේ නැත. (මතෙව් 6:5-8). උන්වහන්සේ ඔවුන්ට ඇත්ත ඇති සැටියෙන් පෙන්වූ සේක. ඔවුන් ව්‍යාජ ලෙස ධර්මිෂ්ඨයන් සේ හැසිරුණාහ. + +යේසුස්වහන්සේ යාච්ඤා කරන ආකාරය ගෝලයන් දුටු අතර, යාච්ඤාව උන්වහන්සේගේ ජීවිතයේ වැදගත් අංගයක් වූ බවත් ඔවුන් දැන සිටියහ. (ලූක් 5:16; 6:12; ලූක් 9:18ථ ලූක් 22:41; ලූක් 24:30; මාර්ක් 1:35; මාර්ක් 6:46). ඔවුන් යේසුස්වහන්සේව නිරීක්ෂණය කළ විට, උන්වහන්සේ එවකට සිටි ආගමික නායකයන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්වු බවත්, ඔවුන් මීටපෙර යාච්ඤාව පිළිබඳව සිතා සිටියාට වඩා බොහෝ කරුණු එය තුළ ගැබ්ව ඇති බවත් අවබෝධ කරගත්හත එබැවින්, ගෝලයන් යේසුස්වහන්ස් වෙතට පැමිණ, “ස්වාමිනී, අපටත් යාච්ඤා කරන්ට ඉගැන්නුව මැන„’ යි (ලූක් 11:1). පැවසූහ. + +යේසුස්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට සහ අපට ආදර්ශයක් වෙමින්, අප දිනපතා භාවිතා කරන භාෂාවෙන් යාච්ඤා කිරීමට හැකිවන බව කියාදුන් සේක. යාච්ඤාව අවංකව හදවතින් පැන නැගිය යුතු බවත් උන්වහන්සේ අපට පෙන්නුම් කළසේක. + +කියවන්න. ලූක් 11:2-4 සහ මතෙව් 6:5-15 දක්වා කියවීමෙන් පසුව, යාච්ඤාව පිළිබඳව යේසුස්වහන්සේ ඉගැන්වූ පහත සඳහන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන්න. + +- **ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි:** සියල්ලන්ගේ පියාණන් සමග අපට ඇති සම්බන්ධතාවය ඒත්තු ගැනීම. +- **ඔබගේ නාමයට ගෞරව වේවා:** දෙවියන්වහන්සේගේ ශුද්ධත්වය අවබෝධ කරගනිමින්, උන්වහන්සේ වෙතට පැමිණීමේදි පූජනීයත්වයෙන් සහ ගෞරවයෙන් යුක්ත වීම. +- **ඔබගේ රාජ්‍යය ඒවා:** දෙවියන්වහන්සේගේ නැවත පැමිණීම මෙන්ම ශුද්ධාත්මයාණන්වහන්සේ අප වෙත පැමිණීම අපේක්ෂාවෙන් සිටීම. +- **ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන්ම පොළොවෙහිද කරනු ලැබේවා:** අපට ඕනෑ කරන දෙය ඉල්ලමින් යාච්ඤා කරනවා වෙනුවට, දෙවියන් වහන්සේ අපේ යහපත උදෙසා අපට අවශ්‍ය දේ පිළිබඳව දන්නාවූ බව විශ්වාස කරමින්, දෙවියන්වහන්සේට සියලු දේ බාර කරමින් දේව කැමැත්ත ඉෂ්ට වන සේ ඉල්ලමින් යාච්ඤා කිරීම. +- **අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව:** අපට ජීවත්වීමට අවශ්‍ය දේ ඉල්ලා සිටීම එය ශාරීරිකව (ආහාර සහ ජලය) මෙන්ම ආත්මිකව (යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ජීවමාන වචනය). +- **අපේ ණයකාරයන්ට අප කමා කළාක් මෙන් අපේ ණයත් අපට කමාකළ මැනව:** අපේ පාප පිළිබඳව පසුතැවිලි වී, කමාව ඉල්ලමින් අපට පීඩා කළ අයට, දෙවියන්වහන්සේ අපට කමා කරන්නා සේ කමාවීම. +- **අප පරික්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මානව:** මෙම ලෝකය තුළ ජීවත් වීමේදී නපුරින් ආරක්ෂාව සහ රැකවරණය ඉල්ලා සිටීම (ගීතාවලිය 91). +- **රාජ්‍යයද, බලයද, තේජසද ඔබගේය ආමෙන්:** අපටද, අපට අයත් සියල්ලද, අප විසින් කරනු ලබන සියල්ලද දෙවියන්වහන්සේට අයිති බව පිළිගැනීමයි. අපේ මහිමය මෙන්ම ප්‍රශංසාව උන්වහන්සේට පමණක් අයිති බවය. (1 ලේකම් 29:11). + +`සෑම අදැසනකම ඔබේ මුහුණ දෙවියන්වහන්සේ වෙතට හරවා, ඔබට වෙන කිසිවෙකුට වඩා ප්‍රේම කරන්නාවූ දෙවියන්වහන්සේ සමග කථා කරන්නාක් මෙන් යාච්ඤා නොකරන්නේ මන්ද? මෙවැනි දෙයක් කිරීම සුදුසු දෙයක් බව ඔබ දන්නා නමුත්, එය කිරීමෙන් ඔබව වළක්වන්නේ කුමක්ද? යේසුස්වහන්සේ අපට ආරාධනා කර ඇති බැවින් මෙම මොහොතේම යාච්ඤා කරන්න.` \ No newline at end of file diff --git a/src/si/2026-02/07/05.md b/src/si/2026-02/07/05.md index 8e63c5e957c..529b44b3e0b 100755 --- a/src/si/2026-02/07/05.md +++ b/src/si/2026-02/07/05.md @@ -1,7 +1,20 @@ --- -title: පාඩම +title: ප්‍රශංසා, පාපෝච්චාරණය, ඉල්ලීම්, ස්තූතිවන්ත වීම date: 13/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +මතෙව් 6:5-15 දක්වා ඇති ඇති කොටස තුළින්, යාච්ඤා කරන අන්දම යේසුස්වහන්සේ විසින් පෙන්නුම් කොට ඇති ආකාරයට, එම නිදර්ශනය අනුගමනය කරමින් අප පුද්ගලිකවද, පවුලක් වශයෙන්ද, සභාවක් හැටියටද මිතුරෙකුට සේ දෙවියන්වහන්සේට ආමන්ත්‍රණය කළ යුත්තෙමු. බොහෝ අවස්ථාවලදී අපේ යාච්ඤා අනේකවිධි ඉල්ලීsම්වලින් පිරි පැවතියත්, යේසුස්වහන්සේ අපට උගන්වා ඇත්තේ ඊට වඩා දේවල් සඳහා යාච්ඤා කරන ලෙසය. + +`දානියෙල් 9:4-19 දක්වා වන කොටසෙහි සඳහන් දානියෙල්ගේ යාච්ඤාව කියවා එම යාච්ඤාවෙහි ඇති විවිධ අංග කෙරෙහි අවධානය යොමු කරන්න.` + +ඔබ යාච්ඤා කරන විට, ඔබේ යාචඤාවට පහත සඳහන් අංග ඇතුළත් කරගන්නේ කෙසේදැයි බලන්න. + +**ප්‍රශංසාව:** දෙවියන්වහන්සේ, සත්‍ය වශයෙන්ම දෙවියන්වහන්සේම වන බැවින් භක්ත්‍යාදරයෙන් යුතුව උන්වහන්සේට ප්‍රශංසා කිරීමයි. ගිතාවලිය 100 හි අන්තර්ගත නව අලංකාර ප්‍රශංසා ගීතය කියවන්න. දෙවියන්වහන්සේව ආමන්ත්‍රණය කරනු ලබන බහුවිධ නාම සහ උන්වහන්සේගේ විශිෂ්ඨ චරිතය පිළිබඳව සිතා බලන්න. උන්වහන්සේ “ඔබේ, මුදාගන්නාද, ගැළවුම්කරුද, සැනසිලිකාරයාණන් ද, සුවපත් කරන්නාද, යහපත් එඬේරාද, අල්ෆා සහ ඔමේගා ද (පළමු වෙනියා සහ අන්තිමයා) සහ පර්වතයද වේ“ යනුවෙන් සඳහන් කොට ඇති අතර, ඒවා උන්වහන්සේට දී ඇති නම් වලින් කිහිපයකි. + +**පාපොච්චාරණය සහ කමාවීම:** අපි දෙවියන්වහන්සේ සමග කථා කරමින් උන්වහන්සේ තුළ පවතින්නාවූ විට, අපව උන්වහන්සේගෙන් වෙන් කරනු ලබන දේවල් සමග එල්බ සිටීම අපට කළ නොහැකි දෙයකි. අප උන්වහන්සේට සමීප වු තරමට අපේ නොවටිනාකම් මෙන්ම අපේ දුඃඛිත ස්වභාවය අපි වැඩි වැඩියෙන් දකින්නෙමු. මෙසේ වන විට, අපේ පාප ඉවත් කර අපේ චරිත ස්වභාවය ප්‍රතිනිර්මාණය කරමින් උන්වහන්සේගේ ස්වරූපයට අපව ගොඩනගන මෙන් අප ආයාචනා කරමු. අපි දෙවියන්වහන්සේගෙන් ක්ෂමාව අපේක්ෂා කරන්නේ නම්, අනුන්ට කමාවීමට අප සූදානම්ව සිටිය යුත්තෙමු. “එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියාදී, සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පු කරන කන්නලව්ව කරණකොටගෙන මහත් දේ ඉෂ්ට වෙයි.” (යාකොබ් 5:16). + +**ඉල්ලීම්:** ඇතැම්විට ඔබේ පවුලේ උදවිය සමග, මිතුරන්, සෞඛ්‍ය පිළිබඳව, මුදල් පිළිබඳව, සේවා ස්ථානයේ හෝ ඔබේ අධ්‍යාපන කටයුතුවලදී ඔබ මුහුණපාන අභියෝග මොනවාද? මගපෙන්වන පිණිස දෙවියන්වහන්සේගේ මගපෙන්වීමේ හස්තය ඔබට අවශ්‍ය වන්නේ මොන අවස්ථාවලදීද? ඔබේ ආධාර සහ සහයෝගය අවශ්‍ය කාටද, එමෙන්ම එය ඉතා හොඳින් සැපයිය හැක්කේ කෙසේද? විශේෂයෙන්ම මේ පිළිබඳව යාච්ඤා කරමින් අවශ්‍යතා ඇති මනුෂ්‍යයන්ගේ උවමනාකම් “දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුව ඉටුවේවා “යි පවසා සිටින්න. + +**ස්තූතිවන්ත වීම:** පිලිප්පි 4: 6 කියවා, ඔබේ ජීවිතය තුළ ඔබට ඇති ආශිර්වාද පිළිබඳව සිතා බලන්න. වැදගත් හෝ සැලකිය යුතු මට්ටමේ ඇති දේවල් ඔබේ මතකයට එන්නට පුළුවන් වන නමුත්, බොහෝ විට අප එතරම් ගණන් නොගන්නාවූ දිනපතා අපට ලැබෙන හෝ හමුවන සුළු හෝ කුඩා දේවල් පිළිබඳව ඔබ සිතා බැලුවාද? අප විසින් නිරතුරුවම දෙවියන්වහන්සේගේ කරුණාව ලබන නමුත්, ඒ පිළිබඳව අප කෘතඥ වන්නේත්, ප්‍රශංසා කරන්නේත් කෙතරම් අල්ප වශයෙන්ද. + +`දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමටත්, උන්වහන්සේට අපේ පාප කියාදීමටත්, උන්වහන්සේගෙන් ඉල්ලා සිටීමටත්, උන්වහන්සේට ස්තූතිවන්ත වීමටත් ඔබට ඇති කාරණා මොනවාද? මේ මොහොතේම එසේ නොකරන්නේ ඇයි?` \ No newline at end of file diff --git a/src/si/2026-02/07/06.md b/src/si/2026-02/07/06.md index 872d10e7719..f1c8420cb88 100755 --- a/src/si/2026-02/07/06.md +++ b/src/si/2026-02/07/06.md @@ -1,7 +1,16 @@ --- -title: පාඩම +title: යාච්ඤාව පිළිබඳව වෙනත් ප්‍රශ්න date: 14/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +දෙවියන්වහන්සේ ඔබේ ගැටළුව මේ වන විටත් දන්නා බැවින්, ඒ ගැන යාච්ඤා කළ යුත්තේ ඇයි? දෙවියන්වහන්සේ සියල්ල දන්නා බැවින් ඔබ යාච්ඤා කළ යුතු වන්නේ මන්ද? එලන් වයිට් මහත්මිය එය පැහැදිලි කරන්නේ මේ අයුරිනි. “අපගේ තත්ත්වය උන්වහන්සේට කියාදීම අවශ්‍ය වන නිසා නොව, අපට උන්වහන්සේව පිළිගැනීමට හැකියාව ලබාදෙන පිණිස මෙය අව්‍ය වේ. යාච්ඤාවෙන් දෙවියන්වහන්සේ අප වෙතට පමුණවනු ලබන්නේ නැත. එය අපව උන්වහන්සේ වෙතට යොමු කරයි” —Steps to Christ p. 93. (පිරිපුන් මග 87 පිටුව) ඇත්තවශයෙන්ම, දෙවියන්වහන්සේ අපේ ආශාවන් සහ උවමනාවන් දන්නාවු අතර, උන්වහන්සේ අපේ සිත්වල ඇති චේතනා කියවන සේක. එනමුත්, යාච්ඤා කිරීමෙන් අපට යහපතක් සිදුවනු ඇත. අපේ ජීවිතයේ ඇති කාර්ය බහලත්වයෙන් මඳකට විවේක ගැනීමට අපට ආරාධනා කරන සේක. එමෙන්ම මඳකට නැවතී දෙවියන්වහන්සේ සියල්ලේ පාලකයාණන් ලෙස පිළිගනිමින්, අපම උන්වහන්සේගේ දෙපා ළඟට පමුණුවනවා ඇත. අප දෙවියන්වහන්සේට ආරාධනා කළ විට, අප තුළ උන්වහන්සේට ක්‍රියාත්මක වීම පිණිස මාවත් විවෘත වනවා ඇත. නිසි ආකාරයෙන් යාච්ඤා කිරීමට අප නොදන්නාවූ විට, ශුද්ධාත්මයාණන්වහන්සේ මැදිහත් වනසේක. (රෝම 8:26, 27). + +සියල්ල හොඳින් තිබේ නම් යාච්ඤා කළ යුත්තේ ඇයි? ස්වයපෝෂිත බව සහ උඩඟුකම (3 වන පාඩම බලන්න) ශක්තිමත් යාච්ඤා ජීවිතයකට වන ප්‍රබල බාධාවන් වේ. අපට දෙවියන්වහන්සේගේ අවශ්‍යතාව කොපමණද කියා අවබෝධ කරගත් විට පමණක්, අප මීට වඩා බොහෝ අවස්ථාවල උන්වහන්සේ වෙතට වඩ වඩාත් පැමිණෙනු ඇත. පරිපූර්ණ දේවදුතයන් පවා උන්වහන්සේට ප්‍රශංසා කරමින් නමස්කාර කරන්නේ නම්, පව් කරන්නාවූ මනුෂ්‍යයා වන අපට ඒ තරම් අවශ්‍යතාවයක් නැතැයි සිතන්නේ කෙසේද? මෙම සත්‍යතාවය පිළිබඳව මතෙව් 5:6 සහ යෙසායා 44:3 සඳහන් කරන්නේ කුමක්ද? + +යාච්ඤාව කෙරෙහි වූ ඇදහිල්ලේ භූමිකාව කුමක්ද? හෙබ්‍රෙව් 11:6 කියවා මෙම වචන පිළිබඳව මෙනෙහි කරන්න: “යාච්ඤාව සහ ඇදහිල්ල ඉතා සමීපව බැඳී පවතින හෙයින්, ඒවා සමස්තයක් වශයෙන් ඉගෙනගත යුතු වන්නේය. ඇදහිල්ලෙන් කරනු ලබන යාච්ඤාව තුළ දිව්‍යමය විද්‍යාවක් ගැබ්වී ඇත. එම විද්‍යාව තම ජීවිතයේ වැඩකටයුතු සාර්ථක කරගන්නාවූ සෑම කෙනෙකු විසින්ම අවබෝධ කරගත යුත්තාවූ විද්‍යාවකි. ක්‍රිස්=ස්වහන්සේ පවසා ඇත්තේ, “නුඹලා යාච්ඤා කොට ඉල්ලන මොන දෙයක් වුවත්, ඒ සියල්ල නුඹලාට ලැබුණේ යයි අදහන්න. ඒවා නුඹලාට ලැබෙන්නේය.” මාර්ක් 11:24. අප ඉල්ලන්නාවූ දෙය දේව කැමැත්තට අනුකූල විය යුතු බව උන්වහන්සේ පැහැදිලිව පෙන්වා දුන්සේක. අප ඉල්ලා සිටිය යුත්තේ උන්වහන්සේ පොරොන්දුවී ඇති දේවල්. එමෙන්ම අපට ලැබෙන්නාවූ සියලු දේ භාවිතා කළ යුත්තේ උන්වහන්සේගේ කැමැත්ත ඉටුකරන පිණිසය. මෙම කොන්දේසි නිසියාකාරව ඉටු කරන්නේ නම්, පොරොන්දු කිසිවිටෙක වරදින්නේ නැත..... ආශිර්වාද උදෙසා බාහිර සාක්ෂි දෙස බැලීමට අපට උවමනාවක් නැත.” —Ellen G. White, Education , pp. 257, 258. + +මා යාච්ඤා කළ යුත්තේ කවුරුන් සමගද? ඔබ තනිව යාච්ඤා කිරීම ඉතා වැදගත් වන අතර (දෙවියන්වහන්සේත් ඔබත් පමණක්), යාච්ඤාවත් බයිබලය ඉගෙනීමත්, දෙවියන්වහන්සේ සමග ඔබට ඇති සම්බන්ධතාවය රැකදෙන ජීවයේ රුධිරය හා සමාන වේ. ඔබ දෙවියන්වහන්සේට කථා කරමින් සවන් දෙන විට, ඔබේ සිත සෝදිසි කිරීම පිණිස වේලාවක් ගන්න.(මතෙව් 6:6). අප අපේ පවුල්වල සාමාජිකයන් සමග හෝ කුඩා කණ්ඩායම් ලෙස යාච්ඤා කිරීමට කාලය ගැනීම සුදුසු වන්නේ (ක්‍රියා 12:12), දෙදෙනෙකු හෝ තුන්දෙනෙකු රැස්ව සිටින ස්ථානයේ දෙවියන්වහන්සේ සිටින බැවිනි. (මතෙව් 18:20). අවසාන වශයෙන් අප විසින් අපේ සභාවේ සාමාජිකයන් සමග (යාකොබ් 5:13-16) යාච්ඤා කළ යුත්තෙමු. මෙහි සඳහන් කළ තුන් මාදිලියේ යාච්ඤා ඉතා වැදගත්ය. + +මා සවන් දිය යුත්තේ කෙසේද? යාච්ඤාව තුළ සාමාන්‍යයෙන් දෙවියන්වහන්සේට කථාකරනවාට වඩා යමක් අන්තර්ගතව ඇත. එමෙන්ම අප අපව “කප්පාදු කොට” අපේ ජීවිතවලට ආමන්ත්‍රණය කිරීමට උන්වහන්සේට ඉඩදිය යුත්තෙමු. මේ සඳහා පැහැදිලි මෙන්ම ආරක්ෂිත ක්‍රමය වන්නේ, ඔබේ නමස්කාරය කරන කාලය තුළ බයිබලය ඉගෙනීම මෙන්ම යාච්ඤා කිරීම එකතුව කිරීමයි. ඔබේ මනස හිස්වීමට ඉඩහැරීම පිළිබඳව මෙන්ම, බයිබලයෙන් ලැබෙන අදහස් වෙනුවට ඔබේම අදහස් වලට සවන්දීම පිළිබඳව ප්‍රවේසම් වන්න. + +`ඉහත සඳහන් කරුණුවලින් අතිශයින් අභියෝගාත්මක කරුණු මොනවාද?` \ No newline at end of file diff --git a/src/si/2026-02/07/07.md b/src/si/2026-02/07/07.md index b96da16d745..cffeaf904c7 100755 --- a/src/si/2026-02/07/07.md +++ b/src/si/2026-02/07/07.md @@ -3,5 +3,20 @@ title: වැඩිදුර අධ්‍යයනය සඳහා date: 15/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +Ellen G. White, “අපි අප ගැනම අඩුවෙන්, යේසුස්වහන්සේ ගැන වැඩියෙන් කථා කරමින්, මෙනෙහි කිරීමෙහි යෙදෙමු නම්, උන්වහන්සේගේ පෙනී සිටීම බොහෝ සේ අප සමග පවතිනවා ඇත. ” "Ellen G. White, Step to Christ , p. 102. (පිරිපුන් මග 95 පිටුව). + +ඇදහිල්ල අප තුළ ඇතිවන්නට පෙර අපි අපට අපැහැදිලි කරුණු විසඳීමටද, අනුමානයට සහ බියට යටත්වීමටද පෙළඹුණෙමු නම්, අපගේ වියවුල වැඩි වන්නේය. ගැඹුරු වන්නේය. එහෙත් අපි අපගේ අසරණ භාවය හා අවශ්‍යතාවයන් වටහා ගනිමින් උන්වහන්සේ වෙතට පැමිණ, මැවීමේ සෑම දෙයක්ම දකින තම කැමැත්ත හා වචනය අනුව සෑම දෙයක්ම පාලනය කරන සර්වඥානයෙන් යුත් තැනැන්වහන්සේ ඉදිරිපිට යටහත් විශ්වාසවන්ත ඇදහිල්ලෙක් අපගේ උවමනාවන් කියා දෙමු නම් උන්වහන්සේ අපගේ හඬ අසා අපගේ සිත් ආලෝකමත් කරන සේක.’ Steps To Christ p, 96, 9. පිරිපුන් මග 91 පිටුව + +“ප්‍රශංසාවේ පියාපත් මත නැඟී ස්වර්ගයට ළඟාවීමට මනුෂ්‍ය ආත්මයට පුළුවන. ස්වර්ගීය මණ්ඩපයේදී දෙවියන්වහන්සේට නමස්කාර කරනු ලබන්නේ ගීතයෙන් හා තූර්ය වාදනයෙන්ය.... අපි ස්තූතිදීම හා ගීතිකාවේ හඬද, ගෞරවණීය ප්‍රීතියද ඇතිව අපගේ මැවුම්කාරයාණන් වෙතට පැමිණෙමු” යෙසායා 51:3ග Sඑeචs එද Cයරසිඑ ල චග 104:පිරිපුන් මග 97 පිටුව).” + +**සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න:** + +`ඉහත උපුටා දක්වා ඇති කොටස් වලින් දැක්වෙන සංකල්ප වලින් කුමන එකක් ඔබව වඩාත් ප්‍රබෝධමත් කරනවාද? ඔබට අභියෝගයක් සේ පෙනෙන්නේ කුමන සංකල්පයද?` + +`බයිබලයේ සඳහන් අනෙක් පුද්ගලයන්ගේ යාච්ඤා ජීවිත තුළින් ඔබට ඉගෙන ගත හැකි වෙනත් පාඩම් මොනවාද? (බලන්න එස්රා 10:1; 2 රාජාවලිය 13:4; යොහන් 4:2,3; හෙබ්‍රෙව් 3:1; 2 රාජාවලිය 19:14-19; යෙරෙමියා 32: 16-25; නෙහෙමියා 1:4-11; 1 රාජාවලිය 8:22-54 මෙය එම ලැයිස්තුවෙන් කිහිපයක් පමණි).` + +`යාච්ඤා කරන අතරතුර නිරාහාරව සිටීමේ භූමිකාව කුමක්ද?` + +`මෙම සතියේ පාඩම තුළින් ඉගෙනගත් දේවල් හේතුවෙන්, ඔබේ යාච්ඤා ජීවිතට අලුතින් එකතු කිරීමට හෝ වෙනස් කිරීමට ඔබට යමක් තිබෙනවාද? වෙනසක් නොකරන්නේ ඇයි?` + +**සාරාංශය:** යාච්ඤා ජීවිතය පිළිබඳව අතිශයින් ක්‍රියාශීලී, පවතින්නාවූ ජීවිතයක් ගතකළාවූ මිනිසුන්ගේ මෙන්ම, එසේ සජීවී අත්දැකීම් වලින් තොරව උනන්දුවක් නොමැතිව සිටි මිනිසුන් පිළිබඳවද බයිබලය තුළ ඇති වාර්තාවල් අපට පරිහරණය කිරීමට පුළුවන. දෙවියන්වහන්සේ සමග අපට ඇති සම්බන්ධතාවය කුමන ආකාරයේ එකක් වුවත් බයිබලයේ පිටු තුළින් අප හා සමාන ඇවතුම් පැවතුම් ඇති කිසියම් කෙනෙකු පිළිබඳව විස්තර අපට ඕනෑම අවස්ථාවක සොයා ගැනීමට පුළුවන. අපේ නමස්කාර ජීවිතයට මගපෙන්වන පිණිස මෙන්ම දිරිගැන්වීම උදෙසා පොරොන්දු බහුල වශයෙන් අපට සොයා ගැනීමට පුළුවන. අපේ අරමුණ විය යුත්තේ ආත්මික වර්ධනයයි. අපේ නෙත්, සියලු දේවල උපරිම උදාහරණය වන මෙන්ම අපේ ඇදහිල්ලේ කර්තෘවරයා මෙන්ම අවසාන කරන්නාද වන යේසුස්වහන්සේ කෙරෙහි යොමුකොට සිටිමු. \ No newline at end of file diff --git a/src/si/2026-02/08/01.md b/src/si/2026-02/08/01.md index a67f6408abd..d35d13b2459 100755 --- a/src/si/2026-02/08/01.md +++ b/src/si/2026-02/08/01.md @@ -3,5 +3,16 @@ title: ඇදහිල්ල ඇතුව සිටීම date: 16/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +### මේ සතියේ පාඩමේ අධ්‍යයනය සඳහා කියවන්න +මාර්ක් 8:11, 12; මතෙව් 15:21-28; ලූක් 7:1-10; එපීස 2:8; හෙබ්‍රෙව් 11; එළිදරව් 14:12. + +>

කටපාඩම් පදය

+> “ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකයය, නොදන්නා දේවල් ගැන ඔප්පුවය” (හෙබ්‍රෙව් 11:1). + +යමෙක් වරක් පවසා ඇත්තේ, “ඇදහිල්ල වයිෆයි සබඳතාවයක් වැනිය. එය දෑසට නොපෙනෙන නමුත්,ඔබට අවශ්‍ය දෙයට ඔබව සම්බන්ධ කිරීම පිණිස එයට බලය ඇත.” එමෙන්ම කිසිදු සැකයකින් තොරව අප දැනගත යුත්තේ, ඇදහිල්ලෙන් තොරව දෙවියන්වහන්සේ සමඟ සබඳතාවයක් පවත්වාගෙන යා නොහැකි බවයි. + +අද දවසේ ඔබේ ඇදහිල්ල කෙබඳු එකක්ද? දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඔබේ ඇදහිල්ල චංචල වූ එකක්ද? ඇතැම් විට දෙවියන්වහන්සේ සමඟ ඉදිරියට යායුත්තේ කෙසේදැයි වටහාගත නොහැකි තරමේ අභියෝගයක අත්දැකීමක් ඔබ ලබා තිබෙන්නට පුළුවන. එසේත් නැතහොත්, ඔබේ ඇදහිල්ල කොළ පැහැති නටුවක් අග හටගන්නා රෝසමල් පොහොට්ටුවක් මෙන් ක්‍රමයෙන් වර්ධනය වී අලංකාර වර්ණවලින් නිමවී, ලස්සන මලක් බවට පත්ව එය පිහිටා ඇති සම්පූර්ණ පරිසරයම සුවඳවත් කරනවාද? සත්‍යවශයෙන්ම, “ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකයය. නොදන්නා දේවල් ගැන ඔප්පුවය.” (හෙබ්‍රෙව් 1:11). “දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදා දුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස” කටයුතු කරනවා මිස එය අපේම ශක්තියෙන් උත්පාදනය කළ හැකි දෙයක් නොවේ (රෝම 12:3). ඇදහිල්ල දෙවියන් වහන්සේගෙන් අපට ලැබෙන දීමනාවක් (එපීස 2:8, 9) වන නමුත්, දෙවියන් වහන්සේ කෙරෙහි අපේ ඇදහිල්ල රඳා පැවතිය හැක්කේ, දෙවියන්වහන්සේ අප උදෙසා මේ වන විටත් සිදුකර ඇති කටයුතු නිසාය. + +මෙම සතිය තුළ ඇදහිල්ල යන මාතෘකාව ගවේෂණය කරමු: සැකය සහ නොඇදහිලිවන්තකම පිළිබඳව කුමක් කළ යුතුද? යේසුස්වහන්සේට අනුව ශක්තිමත් ඇදහිල්ලක් කෙබඳු එකක්ද; “යේසුස්වහන්සේගේ ඇදහිල්ල” තිබීම යන්නෙන් කුමක් අදහස් කෙරේද? + +මැයි මස 23වන සබත් දවසට සුදානම් වන පිණිස මෙම සතියේ පාඩම අධ්‍යයනය කරන්න. \ No newline at end of file diff --git a/src/si/2026-02/08/02.md b/src/si/2026-02/08/02.md index 4db35603d21..10555951f88 100755 --- a/src/si/2026-02/08/02.md +++ b/src/si/2026-02/08/02.md @@ -1,7 +1,20 @@ --- -title: පාඩම +title: හුදෙක් මට ලකුණක් දෙන්න! date: 17/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +ඇතැම්විට යම්කිසි කෙනෙක්, මට රතු මුහුද දෙබෑවනවා දකින්නට ලැබුණොත්, හෝ මන්නා බිම වැටී තිබෙනවා දැක්කොත්, නැතහොත් යේසුස් වහන්සේ අන්ධයකු සුවපත් කරනවා දකින්නට ලැබුණොත්, මම විශ්වාස කරන්නම්” යනුවෙන් පවසනු ඔබට අසන්නට ලැබෙන්නට ඇත. නොඑසේනම්, එවැනිම සිතුවිලි ඔබේ මනස තුළ පහලවූ අවස්ථා තිබෙන්නට පුළුවන. + +බයිබල් කාලයේ ජීවත්වූ අයට වඩා අපට, ඇදහිල්ලෙන් යුතුව සිටීම පහසුවන්නේ ඇයි? ඉශ්‍රායෙල්වරුන්ට සම්පූර්ණ බයිබලයක් මෙන්ම, අපට මෙන් ආපසු හැරී බලන පිණිස දීර්ඝ ඉතිහාසයක්ද එදා තිබුණේ නැත. ආපසු හැරී බලමින්, දෙවියන්වහන්සේගේ මගපෙන්වීමත්, උන්වහන්සේගේ යහපත්කමත් නැවත සවිබලගන්වනු පිණිස එහි ඇති වැදගත්කම මෝසෙස් මතක් කර දුන්නේය. (කියවන්න: ද්විතීය කථාව 4:7-10; ද්විතීය කථාව 8:2, 3). ඉශ්‍රායෙල්වරුන්ට මෙන් නොව, අපට කරුණු දැනගන්නා පිණිස වසර 6000ක බයිබල් ඉතිහාසයක් ඇත (යොහන් 20:30, 31 බලන්න). + +සෑම පරම්පරාවක්ම ලකුණක් ඉල්ලා සිටින අතර, අපේ පරම්පරාව තුළද ඔවුන්ට වඩා කිසිදු වෙනසක් නැත. එනමුත් අප අවට ලකුණුවලින් පිරී පවතී. ඔබ, මතෙව් 24 වන පරිච්ඡේදය කියවන්නේ නම්, කොපමණ ප්‍රමාණයක් දී තිබේද, කොපමණ ප්‍රමාණයක් ඉටුවෙමින් පවතීද යන්න ඔබ දකිනු ඇත. + +`යේසුස්වහන්සේ මෙහි ජීවත්වූ සමයේ පවා, උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා බවට ඕනෑතරම් ලකුණු තිබියදී, එවකට සිටි මිනිසුන් ලකුණු ඉල්ලා සිටියහ. යේසුස් වහන්සේ ඊට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? (මාර්ක් 8:11, 12).` + +අපද ඵරිසීන් මෙන් යේසුස්වහන්සේ සමඟ වාද කරමින් උන්වහන්සේව පරීක්ෂාවට ලක්කරනවාද? අපට විශ්වාස කිරීම පිණිස අවශ්‍යවන්නාවූ සියලු දේ උන්වහන්සේ ලබාදී තිබියදීත්, අපේ ඇදහිල්ල මඳකමින්, අප උන්වහන්සේ “ආත්මයෙන් බලවත් ලෙස සුසුම්ලා” සිටීමට ඉඩ හරිනවාද? (මතෙව් 8:12). + +“යුදෙව්වරුන්ට උවමනා වූයේ මෙබඳු ලකුණක් නොවේ. තව මොනම පිටස්තර සාක්ෂියකින්වත් ඔවුන්ට ප්‍රයෝජන වන්නේ නැත. ඔවුන්ට උවමනා කළේ මානසික ආලෝකමත් කිරීමක් නොව, ආත්මික නවෝත්පාදනයකි.” “—Ellen G. White, The Desire of Ages, p. 406. (යුගයන්ගේ ආශාව 1 වන කොටස පිටුව 431). අපටද මොහොතක් පාසා දෙවියන්වහන්සේ සමඟ ගමනේ යෙදෙන පිණිස අව්‍යාජවූද, සැබෑවූද, අධ්‍යාත්මික ප්‍රතිසංස්කරණයක් අවශ්‍යව තිබෙනවා වන්නට පුළුවන්ද? ඇත්තවශයෙන්ම, අපේ ඇඟිලි තුඩු වලින් ලබාගත හැකි දැනුමක් අපේ බයිබල් තුළ තිබෙන බැවින්, ඇතැම්විට අපට ලකුණු වල උවමනාවක් නොතිබෙන්නට පුළුවන. + +එබැවින්, අපේ ඇදහිල්ල මඳකම හේතුවෙන් යේසුස්වහන්සේට “ගැඹුරින් සුසුම් ලෑමට” ඉඩ නොතබා, උන්වහන්සේ තෝමස්ට පැවසූ වචන මතක් කරගැනීම බොහෝ වැදගත් දෙයකි. එනම්: “නුදුටු නුමුත් විශ්වාස කළාවූ අය ආශිර්වාද ලද්දෝය.” (යොහන් 20:29; හෙබ්‍රෙව් 11:1). අපට අන්ධවූ විශ්වාසයකින් සිටින ලෙස දෙවියන්වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ නැත. විශ්වාස කරනු පිණිස ඕනෑතරම් සාධක උන්වහන්සේ අපට සපයාදී ඇත. මේ සියලු හේතු සාධක තිබුණත්, නිතරම අවිශ්වාසයට ඉඩ ඇත. ඉතා වැදගත් වන කරුණ වන්නේ, ඇදහිල්ල සනාථ කරන්නාවූ දේ පිළිබඳව අවධානය යොමු කිරීමත්, සැක පහලකරන දේ ප්‍රතික්ෂේප කිරීමත්ය. + +`දෙවියන්වහන්සේ කෙරෙහි ඔබට ඇති ඇදහිල්ල පිළිබඳව තත්පර 60කින් ඔබ විස්තර කරන්නේ කෙසේද? ඔබේ පිළිතුර තුළින්, දෙවියන්වහන්සේ සමඟ ඔබ යෙදෙන ගමන පිළිබඳව කුමක් පවසනු ලබයිද?` \ No newline at end of file diff --git a/src/si/2026-02/08/03.md b/src/si/2026-02/08/03.md index 78a3245c3c0..9810d8bc2df 100755 --- a/src/si/2026-02/08/03.md +++ b/src/si/2026-02/08/03.md @@ -1,7 +1,20 @@ --- -title: පාඩම +title: යේසුස්වහන්සේ අපේ ඇදහිල්ල දකිනසේක date: 18/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +`යේසුස්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ගේ ඇදහිල්ල මාර්ක් 4:40හි සඳහන්ව ඇති පරිදි මතෙව් 15:21-28 දක්වා සඳහන්ව ඇති ස්ත්‍රියගේ ඇදහිල්ල සමඟ සංසන්දනය කරන්න.` + +අපි යේසුස්වහන්සේගේ අනුගාමිකයන් යයි හඳුන්වාගත් පමණින්, අපේ ඇදහිල්ල ශක්තිමත් යයි අදහස් නොකෙරේ. ඇත්තවශයෙන්ම ඇතැම් මිනිසුන් විශ්වාස කරනවායයි ප්‍රකාශකොට සිටි නමුත්, ඔවුන්ගේ සිත් තුළ තිබූදේ යේසුස් වහන්සේ පැහැදිලිව දුටුසේක (යොහන් 2:23-25). + +`ලූක් 7:1-10 කියවන්න. මෙම වාර්තාව තුළින් ඇදහිල්ල පිළිබඳව අප ඉගෙනගන්නේ මොනවාද?` + +මාර්ක් 9වන පරිච්ඡේදය තුළ සඳහන්වන පරිදි, තම දරුවාට වැසුනු අශුද්ධාත්මය පලවා හැරීම පිණිස යේසුස්වහන්සේ වෙතට ගෙන ආ නමුත්, ඔහුට ධෛර්යය තිබුණේ, “මම විශ්වාස කරමි; මාගේ විශ්වාසය මදිකමට පිහිටවුව මැනව” යනුවෙන් (මාර්ක් 9:24) පවසා සිටීමටය. + +මේ සෑම අන්තර් ක්‍රියාවලියකදීම, යේසුස්වහන්සේ මනුෂ්‍යයන්ගේ ඇදහිල්ල පිළිබඳව විපරමින් සිටි බැවින්, එය තිබුණාවූ අය මෙන්ම නොතිබුණාවූ අයවද උන්වහන්සේගේ අවධානයට යොමුවූ අතර, ඔවුන්ගේ විශ්වාසයේ ප්‍රතිඵලයක් ලෙස හෝ එම ඇදහිල්ල ශක්තිමත් කරනු පිණිස ප්‍රාතිහාර්යය සිදුකළ සේක. + +ශුද්ධාත්මයාණන්වහන්සේ, විශ්වාස කරන ලෙස අපේ සිත් තුළට පවසන නමුත්, ආත්මවල සතුරාගේ අවශ්‍යතාවය වන්නේ, දෙවියන්වහන්සේ අපේ ජීවිත තුළ ක්‍රියාකරන අන්දම පිළිබඳව සැක පහලකිරීම හෝ එය සම්පූර්ණයෙන්ම අප විසින් ප්‍රතික්ෂේප කිරීමයි. අපේ ජීවිත තුළ ඉතා ආශාවෙන් පවත්වාගෙන යන්නාවූ අවිශ්වාසයට, අපව මෝහනයට පත්කළ හැකි බලයක් ඇත්තේය. ඔවුන් වපුරා ඇති සැකයේ බීජවලින් ඒවාට අදාළ අස්වැන්න නිෂ්පාදනය කරන බැවින්, සැකයේ සෑම බීජ මූලයක්ම සම්පූර්ණයෙන් උදුරා දැමිය යුතු වන්නේය. මෙම විෂ සහිත පැලෑටි උදුරා දැමූ විට, ඒවාට අවශ්‍ය පෝෂණය වචනයෙන් මෙන්ම ක්‍රියාවෙන්ද හීනවී යාම හේතුවෙන් ඒවායේ වර්ධනය තවදුරටත් සිදු නොවේ. සෑම ප්‍රාණයක් තුළම ඉතා අගනාවූ ඇදහිල්ලේ සහ ප්‍රේමයේ පැලවර්ග රෝපණය කළ යුතු වන අතර, ඊට හදවතේ සරු පසද මුසුකර පාලනය විය යුතු වන්නේය.” —Ellen G. White, Faith and Works, p. 17. + +අපට දෙවියන්වහන්සේගේ චරිත ගුණාංග පිළිබඳව හෝ උන්වහන්සේගේ වචනය පිළිබඳව සැක පහල වන්නේ නම්, ඒ පිළිබඳව අප කුමක් කළ යුත්තෙමුද? මනුෂ්‍යයන්ගේ හේතු දැක්වීම් දෙවියන්වහන්සේ නොසලකා හරින්නේවත්, මගහැරයන්නේවත් නැත්තේ අපව උන්වහන්සේගේ ස්වරූපයෙන් මවා ඇති හෙයින්, උන්වහන්සේ ආබ්‍රහම්, මෝසෙස් සහ යෝබ් වැනි අය සමඟ සංවාදයේ යෙදුනා මෙන් අප සමගද සංවාදයේ සිටීමට කැමැත්තෙන් සිටින බැවිනි. උන්වහන්සේ අපට ආරාධනා කොට සිටින්නේ, උන්වහන්සේගේ අති විශාල මෙන්ම අසීමිත විචාර ශක්ති රටාව තුළ කටයුතු කිරීමට ඉගෙන ගන්නා ලෙසට වන අතර, කිසියම් අවස්ථාවකදී අපට සම්පූර්ණයෙන් අවබෝධ නොවන තත්ත්වයකට අප පත්වුවහොත්, අප විසින් අවනත විය යුත්තෙමු. + +`ඇදහිල්ල උදෙසා ඔබ සතුව ඇති සියලුම තර්කානුකූල හේතු පිළිබඳව සිතා බලන්න. ඒ අතරම, තර්ක න්‍යායන් නවතා දමා ඇදහිල්ල වෙත, එනම් ස්ථිර ඇදහිල්ල වෙත යොමුවී, ඇදහිල්ල ක්‍රියාවට නැංවිය යුත්තේ මොන අවස්ථාවේදීද?` \ No newline at end of file diff --git a/src/si/2026-02/08/04.md b/src/si/2026-02/08/04.md index 09dd0603889..42242266659 100755 --- a/src/si/2026-02/08/04.md +++ b/src/si/2026-02/08/04.md @@ -1,7 +1,20 @@ --- -title: පාඩම +title: ඇදහිල්ල හැඟීමක් නොවේ date: 19/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +යේසුස්වහන්සේ පැවසුවේ ඔබට අබ ඇටයක තරම්වත් ඇදහිල්ලක් තිබේ නම් ඔබ කඳු පහකරන බවය (මතෙව් 17:20). ඔබ කිසිවිටෙක අබ ඇට දැක තිබේ නම්, ඒවා කෙතරම් කුඩාදැයි ඔබ විසින් අවබෝධ කරගන්නවා ඇත. එනමුත්, මෙවැනි කුඩා ඇදහිල්ලක් ඇති විට, විශාල වෙනසක් ඇති කිරීමට පුළුවන. මනුෂ්‍ය ශක්තියෙන් සිදුකළ නොහැකි දේවල් ඉටුකිරීම පිණිස ඇදහිල්ල වැදගත් වන්නා සේම, බලවන්ත සහ ශක්තිමත් විය යුත්තේය. අබ ඇටයකට විශාල ගසක් දක්වා වර්ධනය වීමට හැකිවන්නාසේ (මතෙව් 13:31, 32). අපේ ඇදහිල්ලද වර්ධනය වනවා මින එක තැන රැඳී සිටීම සුදුසු නොවන්නේය. + +ඇත්තවශයෙන්ම අපට දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවයක් ඇතුව සිටීම පිණිස පළමුකොට අවශ්‍ය වන්නේ ඇදහිල්ලයි (රෝම 12:3). + +`ගැළවීම උදෙසා ඇදහිල්ලේ භූමිකාව පිළිබඳව එපීස 2:8හි පවසන්නේ කුමක්ද? “මට ඇදහිල්ල නැත්තේ, දෙවියන්වහන්සේ මට එය ලබාදී නැති නිසයි” යනුවෙන් කිසියම් පුද්ගලයෙකුට සාධාරණ ලෙස පැවසීමට නොහැකිවන්නේ ඇයි?` + +පළමුකොට අප විසින් අවබෝධ කරගත යුත්තේ ඇදහිල්ල ද්‍රව්‍යමය දෙයක් නොවන බවය; එය ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පොළඹවනු ලබන්නාවූ මානව ප්‍රතිචාරයකි. මේ උදෙසා ශුද්ධාත්මයාණන් තුළින් දෙවියන්වහන්සේ ආරම්භකයා ලෙස කටයුතු කරන අතර, අප ඉඩ හරින්නේ නම් පමණක් උන්වහන්සේ වෙතට අපව ඇදගන්නවා ඇත (යෙරමියා 31:3). අප ඇදහිල්ල කරණකොටගෙන දේව අනුග්‍රහයෙන්, එනම් යේසුස්වහන්සේගේ මරණයට පත්වීමෙන් ගැළවීම ලබා ඇත්තෙමු. අප ගැළවීම ලබන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කරණකොටගෙන අප තුළ ඇත්තාවූ ඇදහිල්ල හේතුවෙනි. උන්වහන්සේ සමඟ සම්බන්ධතා පැවැත්වීම පිණිස මෙය උන්වහන්සේගේ හදවතට ඉතා සමීප කරුණක් වන්නේය. + +ඊළඟට අප විසින් මතක තබාගත යුතු වන්නේ ඇදහිල්ල හැඟීමක් නොවන බවය. “බොහෝ අය ඔවුන්ගේ වරප්‍රසාදයක් මෙන්ම ක්‍රියාවට නැංවිය යුතු වගකීමක්ද වන ඇදහිල්ල ක්‍රියාත්මක නොකොට, ඇදහිල්ලට පමණක් ගෙන ආහැකි හැඟීම පැමිණෙන තුරු බලා සිටිති. හැඟීම් ඇදහිල්ල නොවේ... ඇදහිල්ල අප විසින් ක්‍රියාවට නැංවිය යුතු වන අතර, ප්‍රීතිදායක හැඟීම් මෙන්ම ආශිර්වාද දෙනු ලබන්නේ දෙවියන්වහන්සේ විසින්ය.” —Ellen G. White, Early Writings, p. 72. + +ඇතැමෙකුට දෙවියන්වහන්සේට සමීපව සිටිනවායයි දැනෙන හැඟීමක් හෝ තමන් මිනිසුන් පවසන පරිදි කිතුනුවකු නොවන බවට වන හැඟීම් හේතුවෙන් ඔවුන්ට ඇදහිල්ල නැතැයි යන හැඟීමක් ඔවුන් තුළ ඇතිවේ. එනමුත් ඇදහිල්ල යනු දෙවියන්වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසයකින් යුතුව සිටීම වන අතර, එය යහපත් කාලයට පමණක් සීමා නොවී, ජීවිතයේ අඳුරු මෙන්ම කුණාටු පවතින්නාවූ අවස්ථාවලදී සහ ජීවිතයේ කුමක් වනවාදැයි වටහා ගැනීමට දුෂ්කර අවස්ථාවලදීද එය තිබිය යුත්තේය. + +අපගේ ආගමික අත්දැකීම් හෝ දෙවියන්වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවයන් හැඟීම් මත පදනම් වීම සුදුසු නොවේ. අප දෙවියන් වහන්සේගෙන් දුරස්ථවී ඇතැයි අපට හැඟෙන විට, අප විසින් අපේ ඇදහිල්ල ක්‍රියාවට නංවා උන්වහන්සේ වෙතට යොමු විය යුත්තෙමු (මාර්ක් 9:24 හි සඳහන් පියා මෙන්). + +`පහත දැක්වෙන බයිබල් පාඨ කියවා, දෙවියන්වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවය ශක්තිමත් කිරීම පිණිස වන ඇදහිල්ලේ ක්‍රියාවක් ලෙස අද දවසේ කටයුතු කරන්න. හෙබ්‍රෙව්. 12:1, 2; 2 ලේකම් 15:7; රෝම 3:23-26; ලූක් 7:50. දෙවියන්වහන්සේට කරනු ලබන යාච්ඤාවේ කොටසක් ලෙස මෙම පාඨ ශබ්ද නගා කියවන්න.` \ No newline at end of file diff --git a/src/si/2026-02/08/05.md b/src/si/2026-02/08/05.md index 6a25f211d7c..e98d170894f 100755 --- a/src/si/2026-02/08/05.md +++ b/src/si/2026-02/08/05.md @@ -1,7 +1,30 @@ --- -title: පාඩම +title: ඇදහිල්ලේ උදාහරණ date: 20/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +අතිශයින් වැදගත්වන ඇදහිල්ලේ පරිච්ඡේදය වන හෙබ්‍රෙව් 11, අද දවස තුළ කියවන්න. ප්‍රථමයෙන්, එය නොනැවතී හඬ නගා කියවන්න. ඊටපසුව, දෙවනවරට එය කියවා පහත සඳහන් ප්‍රශ්නවලට ඔබේ සිතට සුදුසු යයි හැඟෙන පිළිතුරු ලියන්න. + +- 1 වන පදය නැවත කියවන්න. ඔබට දැනට නොපෙනෙන නමුත් අද දවස තුළ ඔබ අපේක්ෂා කරන දෙය කුමක්ද? (ක්ෂණිකව පවතින අවශ්‍යතා මෙන්ම සදාකාලික සිහින පිළිබඳව සිතාබලන්න). +- ඔබේ පුද්ගලික සාක්ෂියේ සහ ඔබේ හැරීමේ අත්දැකීම් තුළ ඇදහිල්ලට ඇති භූමිකාව කුමක්ද? +- 3 වන පදය නැවත කියවන්න. එය දෙවියන්වහන්සේ සහ මැවිල්ල පිළිබඳව වන්නකි. ජීවමාන මැවුම්කරුවකු පිළිබඳව වන අදහස, බොහෝ අංශවලින් කල්පනා කර බලන විට, ඇදහිල්ලෙන් පිළිගැනීම පහසුවන්නේ ඇයි? +- 6 වන පදය කියවා ඉන් ඉදිරිපත් කෙරෙන පණිවුඩය ඔබේම වචනයෙන් ලියන්න. +- 7-40 දක්වා වන පද කියවා, එහි සඳහන්ව ඇති බයිබලයට අදාළ පුද්ගලයන් එළිදක්වන්න. + +`මෙහි සඳහන් මිනිසුන් දෙවියන්වහන්සේ සමඟ තිබූ සම්බන්ධතාවයෙහි ශක්තිය විස්තර කළාවූ කේන්ද්‍රීය කරුණ බවට ඇදහිල්ල පත්වූයේ ඇයි?` + +දෙවියන්වහන්සේව දැන හැඳිනගනිමින්, උන්වහන්සේ සමඟ ජීවමාන, ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම උදෙසා ඇදහිල්ල අවශ්‍ය වේ. ඔබේ ඇදහිල්ල ශක්තිමත් කරන්නේ කෙසේද, එමෙන්ම සැලෙන ඇදහිල්ලකින් යුතුව යමෙක් සිටීනම්, එම තැනැත්තාව ඔබ දිරිමත් කරන්නේ කෙසේද? අදහස් කිහිපයක් පහත දැක්වේ. + +**කුඩා ඇදහිල්ලක් (අබ ඇටයක් වැනි) ඉතා ප්‍රබල එකක් වන අතර, ඔබට දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවයක් ගොඩනගා ගනිමින් එය වර්ධනය කරගැනීමට අවශ්‍ය වන්නේ එපමණකි** (මතෙව් 17:20). ඔබ දෙවියන්වහන්සේ සමඟ කටයුතු කිරීමට කැමතිව සිටින තාක් කල්, දෙවියන්වහන්සේ ඔබට ඇදහිල්ල වර්ධනය කරගනු පිණිස උපකාර කරනු ඇත. + +**ඇදහිල්ල ඇතිවන්නේ දෙවියන්වහන්සේ අපට බයිබලය තුළින් කථාකරන විට ඊට සවන් දීමෙනි** (රෝම 10:17). දිනපතා බයිබලය ඉගෙනීමට සහ යාච්ඤා කිරීමට කැපවන්න. + +**ඔබේ ඇදහිල්ල වර්ධනය කරන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න** (ලූක් 17:5). යේසුස්වහන්සේ වෙතට පැමිණි පියා ඔහුගේ දරුවා අශුද්ධ ආත්මයෙන් සුවකරගනු පිණිස කඳුලු සලමින් පැවසුවේ, “මම විශ්වාස කරමි; මාගේ විශ්වාසය මදිකමට පිහිට වුව මැනව”යි (මාර්ක් 9:24), පැවසූ අතර, අපටද අපේ අවිශ්වාසය හඳුනා ගනිමින් ඇදහිල්ල දියුණු කරන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිය හැක. + +**ඇදහිල්ල සහ සැකය එකවිට පැවතිය හැක** (මාර්ක් 9:24). ඔබට ප්‍රශ්න පැන නැගී ඇති සරල හේතුව නිසාම දෙවියන්වහන්සේගෙන් ඉවත්ව නොයන්න. ඇත්තවශයෙන්ම බයෙන්ද, වෙව්ලමින්ද ඇදහිල්ල උදෙසා කටයුතු කිරීම වැදගත්ය (පිලිප්පි 2:12-16) තවද ඇදහිල්ල අයිතිව සිටීම, එය ඉල්ලාගෙන ක්‍රියාකරනවාට වඩා, කන්‍යාවන් පස්දෙනෙක් කිරීමට උත්සාහ කළ පරිදි (මතෙව් 25:8) කරනවාට වඩා ඉතා අගනේය. + +**ශුද්ධාත්මයාණන්ට ප්‍රතිචාර දක්වමින් වඩ වඩා උන්වහන්සේව** ඔබේ ජීවිතය තුළට ඉල්ලා සිටින්න. + +**ඔබේ ඇදහිල්ල ක්‍රියාවට නගන්න.** ඇදහිල්ල යනු හැඟීමක් නොවන නමුත්, එය විශ්වාස කිරීම පිණිස ගනු ලබන තීරණයක් වේ. ඔබට අන්ධකාරයේදී දෙවියන්වහන්සේව නොපෙනෙන නමුත් උන්වහන්සේ එහි සිටින බව මතක තබාගන්න (2 කොරින්ති 5:7). + +**දෙවියන්වහන්සේට ස්තූතිවන්ත වන පුද්ගලික යාච්ඤාවක් ලෙස,** "Great Is Thy Faithfulness." යන ගීතිකාවේ වචන කියන්න. \ No newline at end of file diff --git a/src/si/2026-02/08/06.md b/src/si/2026-02/08/06.md index e34b1f58b04..0689715cdb4 100755 --- a/src/si/2026-02/08/06.md +++ b/src/si/2026-02/08/06.md @@ -1,7 +1,20 @@ --- -title: පාඩම +title: යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල date: 21/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +මෙම ලෝකය අවසානය කරා එළැඹෙන විට, දේවදූතයන් තුන්දෙනාගේ පණිවුඩය තුළින් දේව ජනතාව විස්තර කරනු ලබන්නේ, දෙවියන්වහන්සේගේ ආඥා රක්ෂා කරන්නාවූද, යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇත්තාවූද පිරිසක් ලෙසය. + +`එළිදරව් 14:12 කියවන්න. “යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල” යනුවෙන් කුමක් අදහස් වේද?` + +සෙවන්ත්-ඩේ ඇඩ්වෙන්ටිස්ට්වරුන්, ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබීම අවබෝධ කරගෙන ඇත්තේ කෙසේදැයි ඔබ හදාරන්නේ නම්, සභාව විසින් 1890දී දේවදූතයන් තුන්දෙනාගේ පණිවුඩය පිළිබඳව මෙන්ම යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල පිළිබඳව ඉමහත් ලෙස අවධාරණය කරනු ලැබුණි. ඒ වනතුරු, සභාව විසින් ව්‍යවස්ථාව පිළිබඳව අවධාරණය කරමින් සිටි අතර, ශුභාරංචිය තුළ වූ පණිවුඩය කෙරෙහි අවධානය කළ යුතුව තිබුණි. එලන් වයිට් මහත්මිය ඒ පිළිබඳව සංක්ෂිප්තව සඳහන් කර ඇත්තේ, “දෙවියන්වහන්සේගේ ආඥා පිළිබඳව ප්‍රකාශ කොට ඇත, එනමුත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල පිළිබඳව සෙවන්ත්-ඩේ ඇඩ්වෙන්ටිස්ට්වරුන් විසින් ඒ හා සමාන වැදගත්කමක් ඇති බව ප්‍රකාශ කොට නැති නමුත්, ව්‍යවස්ථාව මෙන්ම ශුභාරංචිය සමාන්තර වැදගත්කමක් ඇති බව අවබෝධ කරගත යුතු වන්නේය.” + +හෙබ්‍රෙව් 11 වන පරිච්ඡේදය තුළින් ස්ථිර ඇදහිල්ලක් තිබූ දෙවියන් වහන්සේට ලැදි ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම නම් ලැයිස්තුවක් දී ඇති නමුත්, ඒ කිසිවෙකුගේවත් පැවති ඇදහිල්ල යේසුස්වහන්සේගේ ඇදහිල්ලට සමකළ නොහැක. + +`මතෙව් 26:36-42 කියවන්න. මෙම අතිශයින් වැදගත් වූ අවස්ථාවේදී, යේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල පිළිබඳව මෙහි කුමක් සඳහන් වන්නේද?` + +අපට යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතිවිට, ඉන් අදහස් කෙරෙන්නේ උන්වහන්සේට සහ උන්වහන්සේගේ වචනයට අපේ ඇදහිල්ල ඒ හා සමානවන්නට හෝ ඊටත් වඩා ඉහළින් පවත්වාගෙන යාම පමණක් නොවන නමුත්, අප යේසුස්වහන්සේ සමඟ ක්‍රියාශීලී සහ ජීවමාන අත්දැකීමක් දිනපතා ලබන බවය. යේසුස්වහන්සේව අපේ ජීවිතවල කේන්ද්‍ර ස්ථානය බවට පත්කර නොගනිමින්, දැන දැන එසේ නොකර සිටීම පිණිස කටයුතු කරන්නේ නම්, අපට දෙවියන්වහන්සේ සමඟ ගැළවීමේ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට නුපුළුවන් වනු ඇත. + +යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඇතුව සිටිනවා යන්නෙන් අදහස් කෙරෙන්නේ, යේසුස්වහන්සේ අප තුළ සිටින බවත්, උන්වහන්සේගේ ඇදහිල්ල අපේ හදවත් තුළ පවතින බවත්, යේසුස්වහන්සේ අපේ ඇදහිල්ලේ සැබෑ අත්තිවාරම බවත්ය. ඇතැම් අවස්ථාවලදී අපේ ඇදහිල්ල දුර්වල මෙන්ම බෙලහීන ස්වභාවයකට පත්වන්නට පුළුවන. එනමුත් යේසුස්වහන්සේ වටින තැනැන්වහන්සේය (එළිදරව් 5:9), අපට උන්වහන්සේගේ ඇදහිල්ල, අපේ අත්දැකීම් තුළින් අපට පරාවර්තනය කරනු ලැබීමෙන් සහ යේසුස්වහන්සේගේ අනුග්‍රහයේ තිළිණයක් ලෙස ඇදහිලිවන්තයන්ට දෙනු ලැබීමෙන් අපට ලබාගත හැකිවේ. + +`යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල ඔබට කොතරම් දුරට අවශ්‍යද? එය ඔබට ලබාදෙන ලෙස නිහතමානීව හෙබ්‍රෙව් 11:6හි පොරොන්දු උපුටා දක්වමින් යාච්ඤාවෙන් මෙසේ ඉල්ලා සිටින්න: “ස්වාමීන්වහන්ස, ඇදහිල්ලෙන් තොරව ඔබවහන්සේව සතුටු කිරීමට නුපුළුවන. මා ඔබවහන්සේ වෙතට පැමිණියේ ඔබවහන්සේව මා විසින් උනන්දුවෙන් සොයන විට ඔබවහන්සේ මට සුදුසු තිළිණය දෙන බව විශ්වාස කරමිනි. මම මේ මොහොතේද එසේ කරමි.”` \ No newline at end of file diff --git a/src/si/2026-02/08/07.md b/src/si/2026-02/08/07.md index dbd4e6f1fca..bf38a2fe4f8 100755 --- a/src/si/2026-02/08/07.md +++ b/src/si/2026-02/08/07.md @@ -3,5 +3,22 @@ title: වැඩිදුර අධ්‍යයනය සඳහා date: 22/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +අපව ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨ කරනු ලැබ (සමාව ලබාදී දෙවියන්වහන්සේ සමඟ දෝෂ රහිත කිරීම) සිටිමු (රෝම 5:1). එමෙන්ම අප පිරිසිදු කරනු ලැබ සිටිමු (යේසුස්වහන්සේ මෙන් වනු පිණිස බලය ලබාදීම) එසේවන්නේද ඇදහිල්ල කරණකොටගෙනය (ක්‍රියා 26:18). අප විසින් අපේ ජීවිත තුළට යේසුස්වහන්සේට ආරාධනා කළ විට, අපද ඇදහිල්ලෙන් දෙවියන්වහන්සේගේ දරුවන් බවට පත්වන්නෙමු (යොහන් 1:12). අප දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් කෙරෙහි වන ඇදහිල්ලෙන් ජීවත්වෙමු (ගලාති 2:20). + +තමාගේ ශුන්‍ය භාවය අවබෝධ කරගනිමින් ගැළවුම්කරුවාණන් වහන්සේගේ සුදුසුකම් කෙරෙහි රඳා පවතින තැනැත්තෙකුගේ පෙනෙන්නට ඇති අසරණ භාවයට වඩා කිසිවෙකුට යටත් කළ නොහැකි තත්ත්වයක් ඔහු තුළ වන්නේය. යාච්ඤාවෙන්ද, උන්වහන්සේගේ වචනය ඉගෙනීමෙන්ද, උන්වහන්සේ අප තුළ පැවතීම ඇදහිල්ලෙන් පිළිගනිමින්, මනුෂ්‍යයාගේ දුර්වලත්වය ජීවමාන ක්‍රිස්තුස්වහන්සේට සම්බන්ධව පවතිනු ඇති අතර, උන්වහන්සේ ඔබව තදින් අල්ලාගනු ලබන්නේ කිසිවිටෙක ගිලිහී නොයන හස්තයකිනි. —Ellen G. White, The Ministry of Healing, p. 182. + +“උනන්දු යාච්ඤාවෙන් හා නිරාහාරව සිටීමෙන්ද, හෘදය යටත් කරගැනීමෙන්ද, ඔවුහු තම ඇදහිල්ල ශක්තිමත් කරගත යුතුය. ඔවුහු තමාම හිස්කරගෙන, දෙවියන්වහන්සේගේ ආත්මයෙන් හා බලයෙන් පූර්ණ විය යුතුය. උනන්දු ඇදහිල්ලෙන් එනම්, දෙවියන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ රැඳී සිටීමට හා උන්වහන්සේගේ මෙහෙයට සම්පූර්ණ ලෙස කැපවීමට මගපෙන්වන්නාවූ ඇදහිල්ලෙන් යුක්තව, ඔප්පු කරනු ලබන උනන්දු, නොකඩවා කරනු ලබන යාච්ඤාව පමණක් මනුෂ්‍යයන්ට අධිපතිකම්වලටත්, පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවටත් විරුද්ධව ඇත්තාවූ අරගලයේදී ශුද්ධාත්මයාණන් වහන්සේගේ සහාය ලබාදෙයි.” —Ellen G. White, The Desire of Ages, p. 431. + +**සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න:** + +`සතුරාට එරෙහිව ශුද්ධාත්මයාණන්වහන්සේ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේදී, ඉහත සඳහන් කොටස තුළ උපුටා දක්වා ඇති අතිශයින් වැදගත් වන කරුණු පහ මොනවාද?` + +`නපුරට එරෙහිව කරනු ලබන සටනේදී, ඇදහිල්ලට ඇති භූමිකාව කුමක්ද?` + +`මේ මොහොතේ ඔබේ ජීවිතය තුළ කෙරෙන සටනේදී, ඔබ එම සටන දකින්නේ කුමන ආකාරයටද?` + +`හෙබ්‍රෙව් 10:23 කියවන්න. අපේ ඇදහිල්ලේ ප්‍රකාශ කිරීම් පිළිබඳව චංචල නොවී, ස්ථිරව සිටීම වැදගත්වන්නේ ඇයි?` + +`අපට කිසිදු පිළිසරණක් නොමැතිව සිටින අවස්ථාවලදී, එම අවස්ථා යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා කටයුතු කිරීමේ භාග්‍යවන්ත මෙන්ම සුදුසු අවස්ථාවක් ලෙස ඔබ කීවරක් සිතා බලන්නට ඇත්ද?` + +**සාරාංශය:** දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමේ පදනමක් ලෙස, උන්වහන්සේ සෑම පුද්ගලයෙකුටම යම්කිසි මට්ටමක ඇදහිල්ලක් ලබාදෙන සේක. අපේ ඇදහිල්ලේ ආරම්භකයාද, අවසාන කරන්නාද වන යේසුස්වහන්සේ, අප උදෙසා ඇදහිල්ලේ බලයෙහි ආකෘතියක් වූ සේක. අපේ ඇදහිල්ල හීනවී, අප හඬා වැලපෙමින්, යාච්ඤාවෙන් යුතුව අපේ හදවත දෙවියන්වහන්සේට බාර කරන්නේ නම්, උන්වහන්සේ අපේ ජීවිත තුළ මහත් හාස්කම් කරන සේක (යෙරමියා 31:2-4, 9, 11, 12 කියවන්න). අප තවදුරටත් පැකිළී නොවැටෙන පිණිසත්, අපට සමාදානය ලැබෙන පිණිසත්, උන්වහන්සේ සෘජු මාවත් ඔස්සේ, අපව ගෙනයන සේක. යේසුස්වහන්සේ, සියල්ලේදී අපේ සම්පූර්ණ ආදර්ශය වන අතර, උන්වහන්සේගේ ඇදහිල්ල ඇතුව සිටීමෙන් අවසානය දක්වා අපව උන්වහන්සේගේ සෙනඟ ලෙස හඳුන්වනු ලබනවා ඇත. \ No newline at end of file diff --git a/src/si/2026-02/09/01.md b/src/si/2026-02/09/01.md index ee0ffa2cb70..23ae88e051a 100755 --- a/src/si/2026-02/09/01.md +++ b/src/si/2026-02/09/01.md @@ -3,5 +3,18 @@ title: පාපය, ශුභාරංචිය හා ව්‍යවස් date: 23/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +### මේ සතියේ පාඩමේ අධ්‍යයනය සඳහා කියවන්න +විනිශ්චයකාරයා 14; මාර්ක් 9:42-48; රෝම 3:20; මතෙව් 5:17, 18; රෝම 3:28; මතෙව් 7:24-29. + +>

කටපාඩම් පදය

+> “ඔබගේ නියෝගය කිසිකලෙක සිහි නැති නොකරන්නෙමි; මක්නිසාද ඔබ විසින් මා ප්‍රාණවත් කළසේක. මම ඔබගේය, මා ගැළෙවුව මැනව; මක්නිසාද ඔබගේ නියෝග සෙවීමි” (ගීතාවලිය 119:93, 94). + +දෙවියන්වහන්සේ සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන යාමට ඇති විශාලතම බාධකය පාපය වන බවට කිසිදු සැකයක් නැත. අපව වර්තමානයේදී පාපය විසින් දෙවියන්වහන්සේගෙන් වෙන්කොට තබනවා පමණක් නොව (යෙසායා 52:9), එය අපව රවටමින්, වේදනාව ගෙනෙමින්, ගිලගනිමින් සම්පූර්ණයෙන් විනාශයට පත්කරනු ලබයි. අප මුහුණ දෙන්නාවූ සටන්වලින් විශාලතම සටන වනුයේ, පාපයට එරෙහිව සහ තම පුද්ගලත්වයට එරෙහිව කරනු ලබන සටන වන අතර එය තුළ ප්‍රබල වූද, සදාකාලික වූද සම්බන්ධතාවයක් ඇත. + +ඇතැමෙක් පාපය ජීවිතයේ සාමාන්‍ය කොටසක් යයි පවසමින් ඒ පිළිබඳව වැඩි තැකීමක් නොකරති. තමන් සතුටට පත්වන දේවල නියැලීම මනුෂ්‍ය ස්වභාවය යයි ඔවුහු පවසති. සමාජය පාපය පිළිබඳව ඉතා සැහැල්ලුවෙන් සිතන බැවින්, අපද ඒ ආකල්පය දැරිය යුත්තෙමුද? අනුන්ව අපහසුවට පත්කිරීම සුදුසු දෙයක් නොවේ යයි සිතමින්, අප පාපය පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කළහොත්, අපද වැඩිකලක් ගතවීමට මත්තෙන් පාපය සමඟ සුව පහසුව සිටීමට තෝරාගනිමින් දෙවියන්වහන්සේ සමඟ පවතින යහපත් සම්බන්ධතාවයෙන් ඉවතට ලිස්සා යනු ඇත. + +ඇත්තවශයෙන්ම සෑම කෙනෙක්ම පව්කර ඇති බැවින්, අපේ සිතුවිලි, චේතනා, ක්‍රියාකාරකම් සහ අපේ වචන වලින් අප අනුන්ටත්, අපටත්, දෙවියන් වහන්සේටත් එරෙහිව හිංසනයේ යෙදෙන්නෙමු. අවසානයේදී පාපය විසින් දෙවියන්වහන්සේ සමග ඇති අපේ සම්බන්ධාතය විනාශ කරනු ලබන අතර, දෙවියන්වහන්සේ ව්‍යවස්ථාව පිළිබඳව වන දැනුම කරණකොටගෙන, අපේ ජීවිත තුළ ඇති පාප පෙන්නුම් කරන සේක. + +මෙම සතිය තුළ දෙවියන්වහන්සේ අපට ව්‍යවස්ථාවක් දීම උදෙසා වූ හේතු ගවේෂණය කරමින්, යමෙක් ව්‍යවස්ථාව කඩකිරීමෙන් පව්කළ විට, දෙවියන් වහන්සේ සමඟ එම තැනැත්තාට නැවත සබඳතාවයක් ගොඩනගාගනු පිණිස උපකාර කළ හැක්කේ කාටද නැතහොත් කුමකටද යන තොරතුරු හදාරමු. + +මැයි 30 වන දිනට යෙදෙන සබතට සූදානම් වීම සඳහා මෙම සතියේ පාඩම අධ්‍යයනය කරන්න. \ No newline at end of file diff --git a/src/si/2026-02/09/02.md b/src/si/2026-02/09/02.md index e1d58500645..84517c64765 100755 --- a/src/si/2026-02/09/02.md +++ b/src/si/2026-02/09/02.md @@ -1,7 +1,16 @@ --- -title: පාඩම +title: අවධානය බිඳීයාම සහ පරීක්ෂා date: 24/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +`විනිශ්චයකාරයා 14 සහ 16:1, 4, 16, 17හි සඳහන් සම්සොන්ගේ පරීක්ෂා පිළිබඳ වාර්තාව කියවන්න. විශේෂ වැඩකටයුත්තක් උදෙසා දෙවියන්වහන්සේ විසින් සම්සොන්ව කැඳවනු ලැබූවත් සම්සොන් දෙවියන්වහන්සේගේ කටයුතු ඉටුකළේ පරීක්ෂා වලට නතු වෙමින්ය. ඔහුගේ ජීවිතයේ ප්‍රතිඵල තුළින් අපට උගත හැකි පාඩම් මොනවාද?` + +මහා අරගලය සැබෑ වූ දෙයක් වන බැවින්, අප සියලුදෙනා ඊට අදාළ වන්නෙමු. ස්වර්ගයෙන් ඇරඹුනාවූ විශ්වීය සටන, මේ වන විට අප එක් එක්කෙනාගේ ජීවිත තුළද සිදුවෙමින් පවතී. + +යේසුස්වහන්සේගේ පැමිණීම ආසන්නව පවතින මෙම කාලය තුළ, දෙවියන්වහන්සේ සමඟ සමීප සබඳතාවයක් ගොඩනඟා ගැනීම වලක්වාලනු පිණිස සාතන් සතු සියලු උපාය මාර්ග යොදාගත යුතු බව සාතන් ඉතා හොඳින් දන්නාවූ කරුණකි. ඇතැම්විට, ඔබ එතරම් වැදගත් යයි නොසිතන කරුණක් හේතුවෙන් ඔබේ අවධානය බිඳී යාම කරණකොටගෙන එම නොවැදගත් කරුණුවලට ඔබේ කාලය වැඩිවශයෙන් මිඩංගු කිරීමෙන් දෙවියන්වහන්සේ සමඟ ගතකිරීමට ඔබට ඉතිරිව ඇත්තේ ඉතා සුළු කාලයක් වන්නට පුළුවන. ඇතැම්විට, ඔබේ රැකියාව, සමාජ මාධ්‍යය, සාප්පු සවාරි, ක්‍රීඩා හෝ ආහාර වැනි දේ වලින් ඔබේ අවධානය බිඳී යාමට පූළුවන. අප විසින් අප දෙස උවමනාවෙන් බැලූ විට, අපට පෙනී යනු ඇත්තේ, අධි පරිභෝජනය හේතුවෙන් හෝ, ඉහත සඳහන් කළාවූ කාරණා පිළිබඳව අසමතුලිත තාවයක් හේතුවෙන්, දෙවියන් වහන්සේට මෙන්ම වෙනත් වැදගත් කරුණු වෙනුවෙන් ගතකරන කාලය කෙටි එකක් වන්නට පුළුවන. අපි එකිනෙකාගේ දුර්වලකම් මෙන්ම, අපේ අවධානය වෙනතකට යොමු කරන්නාවූ දේ කරණකොටගෙන දෙවියන්වහන්සේ සමඟ කාලය ගතකිරීම වලක්වාලන අන්දම පිළිබඳව සතුරා හොඳින් දන්නාවූ දෙයකි. අපේ දෛනික කටයුතු උදෙසා කඩිමුඩියේ ඔබ මොබ යාමට මත්තෙන් පළමුකොටම දෙවියන්වහන්සේව සොයා යාම මතකයේ තබාගෙන යා යුත්තෙමු (මතෙව් 6:33), එවිට සියලු දේ අපට ලැබෙනු ඇත. + +යේසුස්වහන්සේ අපේ ස්වභාවය පිළිබඳව මනා අවබෝධයකින් සිටින නමුත්, අපේ උදාසීන බවට උන්වහන්සේ තරවටු කරනසේක (එළිදරව් 3:14-22). උන්වහන්සේ දෙවියන්වහන්සේ වන නමුත්, උන්වහන්සේ මනුෂ්‍යයෙක්ද වූ බැවින්, අපට මෙන් උන්වහන්සේටද වෙහෙස මහන්සිය දැනුණි (යොහන් 4:6). උන්වහන්සේටද අපට මෙන් ජිවිතයේ පීඩන දැනුණ නමුත්, උන්වහන්සේ බොහෝ විට කිසියම් සහනයක් ලැබුවේ උන්වහන්සේගේ පියාණන්වහන්සේට යාච්ඤා කරනු පිණිස හුදකලාවූ ස්ථානයක් කරා යාමෙනි. (ලූක් 5:16, ලූක් 6:12, මාර්ක් 1:35, මතෙව් 14:23). උන්වහන්සේගේ පියාණන්වහන්සේ සමඟ ගත කළ එම කාලය පරීක්ෂා සමඟ සටන් කිරීම සඳහා ප්‍රකෘතිමත් වීම පිණිස අතිශයින් වැදගත් වූ බව උන්වහන්සේ දැනසිටිසේක. එම ක්‍රමය, අප උදෙසාද අතිශයින් යහපත්වූද කිසිවිටෙකත් නොවරදින්නාවූද ක්‍රමයවේ. + +සම්සොන්ගේ වැටීම සිදුවූයේ ඔහු ශක්තිමත් යයි ඔහුට හැඟී ගිය නිසාවෙනි. පරීක්ෂා ජයගැනීම පිණිස ඔහු විශ්වාස තැබුවේ ඔහුගේම ශක්තිය කෙරෙහිය. දිනපතාම අප සෑමකෙනෙක්ම පාපයට එරෙහි සටනේ යෙදී සිටින විට ආත්මවල සතුරා විසින් දෙවියන්වහන්සේ සමඟ අපට ඇති සම්බන්ධතාවය දුර්වල කොට විනාශකර දැමීමේ ප්‍රයත්නයක යෙදෙයි. ඔහුට අපේ දුර්වලතා පිළිබඳව මනා අවබෝධයක් තිබෙන හෙයින්, එම දුර්වලතා පිළිබඳව අවධානය යොමුකරමින්, දෙවියන්වහන්සේ සමඟ ඇති සබඳතාවයන් මොට කොට, අප විසින් අපටම වරදට පත්කරගන්නාවූ මානසිකත්වයක් කරා අපව යොමුකර, දෙවියන්වහන්සේගෙන් අපව ඈතට පලවා හැරීමේ උත්සාහයක යෙදෙයි. යක්ෂයා අපේ සිතුවිලි වෙනස් කොට, එමෙන්ම අපේ චේතනාවන්ද වෙනතකට යොමු කරමින්, අපේ ජීවිතයේ කිසියම් කොටසක පාලනයක් නතු කරගන්නා පිණිස කටයුතු කරයි. එනමුත්, අප විසින් මතක තබාගත යුත්තේ, ඇදහිල්ල අපට කෙලින් සිටීමට උපකාරවන බවත්, දේව වචනයට සවන් දීමෙන් ඇදහිල්ල ඇතිවන බවත්ය. + +`ඔබ මෙම අවස්ථාවේ අරගලයක යෙදෙන්නේ කුමක් සමගද? මෙම මොහොතේම, දේව වචනය ඔබට උපකාරකයක් විය හැක්කේ කෙසේද?` \ No newline at end of file diff --git a/src/si/2026-02/09/03.md b/src/si/2026-02/09/03.md index 1206ecdeb48..5ee69ab2953 100755 --- a/src/si/2026-02/09/03.md +++ b/src/si/2026-02/09/03.md @@ -1,7 +1,22 @@ --- -title: පාඩම +title: දෙවියන්වහන්සේ සමඟ වන මාගේ සම්බන්ධතාවයෙහි ආරක්ෂිත ස්ථාන date: 25/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +දෙවියන්වහන්සේ සමඟ අප පවත්වාගෙන යන සම්බන්ධතාවය පිළිබඳව මෙන්ම, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපගේ වර්ධනය වීම වළක්වාලන බාධක පිළිබඳව බයිබලය තුළ පණිවුඩ බොහොමයක් දකින්නට පුළුවන. පාවුල් තුමා සහ යේසුස්වහන්සේ විසින් පවසා ඇති මෙම වචන පිළිබඳව සිතා බලන්න. + +“එහෙයින් තමා කෙලින් සිටින්නේ යයි සිතන තැනැත්තේ නොවැටෙන්ට බලාගනීවා” (1 කොරින්ති 10:12). සම්සොන් මෙන් තමාගේ දක්ෂතාවයන් මත රඳා සිටින තැනැත්තා, තමාගේම විනාශය ලංකරගන්නවා ඇත. + +“... මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස ... වංචාකාරයන් කරන්නාක් මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න” (මතෙව් 6:2). ඔබ කෙතරම් යහපත් පුද්ගලයෙක්දැයි සියල්ලන් හට පැවසීමෙන් වලකින්න! යේසුස්වහන්සේ නිහතමානීව සිටියාක් මෙන් ඔබත් නිහතමානීවන්න. + +“නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත්, එවලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කළේය. නුඹේ දකුණු ඇස ඔබට බාධා කෙරේ නම්, ඒක උගුළා අහකට දමන්න (මතෙව් 5:28, 29). ඔබේ සිතින් රාගය ඉවත් කරලනු පිණිස අවශ්‍යවන්නාවූ ඕනෑම දෙයක් කරන්න, එසේ කළයුතු වන්නේ එය ඔබට දෙවියන්වහන්සේ සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට බාධාවක් වන හෙයිනි. + +“නුඹලා විනිශ්චය කරනු නොලබන පිණිස විනිශ්චය නොකරන්න. මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චය කරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චය කරනු ලබන්නහුය” (මතෙව් 7:1, 2). අනුන්ව විවේචනය කිරීමෙන් සහ දොස් පැවරීමෙන් වැලකී සිටින්න. දෙවියන්වහන්සේ විනිශ්චයකරුවාණන් වන බැවින් උන්වහන්සේට එම කටයුත්ත කිරීමට ඉඩ හරින්න (1 කොරින්ති 4:5). + +“නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න” (මතෙව් 5:44). ඔබේ සතුරන්ට ද්වේෂ කිරීමෙන් වලකින්න. ඔබට අයහපත් ලෙස සැලකූ යමෙක් පිළිබඳව සෘණාත්මක හැඟීම් ඔබ සිත තුළට ගලා එන විට, එමගින් ක්ෂණිකවම දෙවියන්වහන්සේ සමඟ ඇති ඔබේ සම්බන්ධතාවයට බාධාවක් වනු ඇත. ඔබ විසින් එවැනි අවස්ථාවලදී කළ යුත්තේ, ඔබේ සතුරන් උදෙසා යාච්ඤා කිරීම වන අතර, එසේ කිරීමෙන් දෙවියන්වහන්සේ සමඟ ඔබ යන්නාවූ ගමන සාර්ථක වනවා පමණක් නොව, අන්‍යයන් සමඟ ඔබේ සම්බන්ධතාවයන්ද වර්ධනය වනු ඇත. + +“නුමුත් මම නුඹලාට කියමි: තමාගේ සහෝදරයාට කෝපවෙන කවරෙක් නමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය” (මතෙව් 5:22). ඔබට සමීපව සිටින්නන් හට පරුෂ වචනයෙන් බැන වැදීම පිළිබඳව ඇතැම් විට, ඔබ විසින් සාධාරණීය කරනවා වන්නට පුළුවන. ඔබ කෝපයට පත්ව සිටින පුද්ගලයන් සමඟ වන සබඳතාවය පිළිබඳව කථා කිරීම පසෙකට දැමුවත්, ඔබේ කෝපය කරණ කොටගෙන දෙවියන්වහන්සේ සමඟ වන ඔබේ සම්බන්ධතාවයට එය බලපාන්නාවූ අන්දම පිළිබඳව ඔබ සිතා බැලුවාද? මෙහි සඳහන් කොට ඇති කරුණු අප පැකිලී වැටීමට බලපානු ලබන අංගයන් කිහිපයකි. + +`අපේ අත්, දෙපා සහ ඇස්, අපව පාපයට පොළඹවන විට අප විසින් කළයුතු දේ පිළිබඳව යේසුස්වහන්සේ අපට අවවාද කළසේක. යේසුස්වහන්සේ අපට අවවාද කළේ කුමක් පිළිබඳවද? මාර්ක් 9:42-48 දක්වා කියවන්න.` + +ඔබේ අතක්, පයක් කපාදැමීම හෝ ඇසක් උගුලා දැමීම පාපය උදෙසා කරනු ලබන අත්‍යන්ත ක්‍රියාවක් සේ සැලකිය හැක. එය ඒ ආකාරයෙන්ම විය යුතුව තිබුණි. එනමුත්, මෙහි පෙන්නුම් කරනු ලබන්නේ යේසුස්වහන්සේ පාපය කෙතරම් බරපතල ලෙස සලකනවාද, එමෙන්ම එය අපේ ජීවිත තුළට බලපෑම් ඇතිකරනවාද යන්නය. ඔබ මෙය කෙතරම් බරපතල ලෙස සලකනවාද? \ No newline at end of file diff --git a/src/si/2026-02/09/04.md b/src/si/2026-02/09/04.md index 2b5c5ea035d..a40d5f8e9df 100755 --- a/src/si/2026-02/09/04.md +++ b/src/si/2026-02/09/04.md @@ -1,7 +1,18 @@ --- -title: පාඩම +title: ව්‍යවස්ථාව date: 26/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +`ඔබ විසින් කිතුනුවෙකු නොවන පුද්ගලයෙකු හට පාපය විග්‍රහ කරන්නේ සහ විස්තර කරන්නේ කුමන ආකාරයටද? බයිබලය විසින් පාපය විස්තර කර දෙනු ලබන්නේ කෙසේද? රෝම 3:20 සහ 1 යොහන් 3:4 කියවන්න.` + +පාපය නම් නොපනත්කමය (1 යොහන් 3:4), තවද පාපය අපේ ස්වභාවය තුළ ගැබ්වී ඇත. (ගීතාවලිය 51:5; යෙරමියා 17:9). එබැවින්, නියතවශයෙන් පාපය යනු කුමක්දැයි හඳුන්වාදෙනු ලබන්නේ ව්‍යවස්ථාව මගිනි. ව්‍යවස්ථාව අප අවට තිබෙන දේ හොඳින් දකිනු පිණිස භාවිතා කළ හැකි උපැස් යුවලකට හෝ අපේ අඩු ලුහුඬුකම් මනාව දැකියහැකි කැඩපතකට සමාන කිරීමට පුළුවන. එමගින් අපේ ජීවිත තුළට පැහැදිලි චින්තනයක් මෙන්ම වැරදි පිළිබඳව මනා අවබෝධයක් සහ අපේ චරිතය පිළිබඳව යහපත් දැක්මක් මෙන්ම දෙවියන් වහන්සේගේ චරිතය පිළිබඳව ව්‍යවස්ථාව තුළින් අපට පවසන අතර තුර, උන්වහන්සේ වැදගත් ලෙස සලකනු ලබන්නේ කුමක්දැයි අපට දන්වා සිටී. + +දසපනත (නික්මයාම 20:3-17) ලියනු ලැබුවේ දෙවියන්වහන්සේගේම ඇඟිලි තුඩු වලිනි. යේසුස්වහන්සේ එහි වැදගත්කම පිළිබඳව අනුරාවය කළසේක: “නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන්න.” මෙය පළමුවන ආඥාවය. දෙවෙනි එක නම්: නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න යනුයි.” මේවාට වඩා උතුම්වූ අන්කිසි ආඥාවක් නැතැයි කීසේක” (මාර්ක් 12:30, 31). උන්වහන්සේ තවදුරටත් පවසා සිටියේ: “මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් පිහිටා තිබේ” (මතෙව් 22:40) යනුවෙනි. + +සීනයි කන්ද මත ඉශ්‍රායෙල් ජනතාවට මෙන්ම වර්තමානයේ ජීවත්වන අපටද (හෙබ්‍රෙව් 1:1,2) දේව වචනය තුළින් පවසනු ලබන්නේ, ව්‍යවස්ථාවේ සියළු අන්තර්ගතය සම්බන්ධතාවයන් වර්ධනය කිරීමට අදාළ වන බවය. දෙවියන්වහන්සේ විසින් ව්‍යවස්ථාව දෙනු ලැබුවේ, උන්වහන්සේ මඟ මෙන්ම අන්‍යයන් සමඟ ඇති සම්බන්ධතාවයන් ආරක්ෂා කරගැනීම පිණිසය. එනමුත්, සාතන් විසින් ව්‍යවස්ථාවෙහි ඇති අලංකාරත්වය විනාශ කර ඇති බැවින්, ඇතැමෙක් එය බරක් සේ දකිති. “මක්නිසාද දෙවියන්වහන්සේට ප්‍රේමවීම නම් අප විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීමය. උන්වහන්සේගේ ආඥා බර නැත” (1 යොහන් 5:3) යනුවෙන් බයිබලය තුළ සඳහන්ව තිබෙන නමුත්, ප්‍රේමය සහ නිදහස වෙනුවට නීතිවාදය (Legalism) ව්‍යවස්ථාව තුළට ඈඳාගෙන ඇත. + +1. අංක එකේ සිට පහ දක්වා සනිටුහන් කර ඇති මාපකයක, ජීවමාන වචනය සහ ව්‍යවස්ථාව කොතරම් දුරට ඔබට වැදගත්දැයි එම මාපකයේ ඔබ සඳහන් කරනවාද? +2. මා විසින් දේව ව්‍යවස්ථාව පැවැත්වීම ආරම්භ කළ විට, එමගින් මා පිට තහංචි පමුණුවනු ලබනවාද, නැතහොත් මාව ශක්තිමත් කරනු ලබනවාද? ව්‍යවස්ථාව මට සීමා පමුණුවනවා යයි හැඟීමක් මා තුළ ඇතිවන්නේ නම්, මට ව්‍යවස්ථාව වඩා හොඳින් අවබෝධ කරගත හැක්කේ කෙසේද? +3. දෙවියන්වහන්සේටත්, අන්‍යයන්ටත් ප්‍රේම කළ යුතු බව පෙන්නුම් කරනු ලබන දෙවියන්වහන්සේගේ ප්‍රේමණීය ව්‍යවස්ථාව, මාගේ ජීවිතයටත්, මාගේ පවුලේ සාමාජිකයන් වෙතට මෙන්ම මාගේ සභාව තුළ කේන්ද්‍ර ගතකළහොත් කුමක් සිදුවනු ඇත්ද? මාගේ ජීවිතයේ මෙන්ම මාගේ සම්බන්ධතාවල කුමන මාදිලියේ වෙනසක් ඇතිවනු ඇත්ද? + +` ` \ No newline at end of file diff --git a/src/si/2026-02/09/05.md b/src/si/2026-02/09/05.md index f6df6fb6e45..534ce3492f5 100755 --- a/src/si/2026-02/09/05.md +++ b/src/si/2026-02/09/05.md @@ -1,7 +1,16 @@ --- -title: පාඩම +title: ව්‍යවස්ථාව සහ ශුභාරංචිය date: 27/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +යේසුස්වහන්සේ ඉතා බලවත් ලෙස මෙන්ම සංක්ෂිපත්ව, ව්‍යවස්ථාව කෙරෙහි වන උන්වහන්සේගේ සම්බන්ධතාවය පැහැදිලි කළසේක. + +`මතෙව් 5:17, 18 යන පාඨ තුළ ව්‍යවස්ථාව පිළිබඳව යේසුස්වහන්සේ කුමක් පවසා තිබේද?` + +දෙමව්පියන් විසින් තම දරුවන් හට ඔවුන් විසින් වැදගත්යයි සලකනු ලබන්නාවූ දේවල් පිළිබඳ සීමා මායිම් පනවන්නාසේ, දෙවියන්වහන්සේද උන් වහන්සේගේ ව්‍යවස්ථාව තුළින් උන්වහන්සේගේ සුචරිත භාවය පිළිබඳව මෙන්ම උන්වහන්සේ වැදගත් යයි සලකනු ලබන දේ සම්බන්ධයෙන් අපට දැනුම ලබාදෙන සේක. අප දෙවියන්වහන්සේ තුළ වර්ධනය වන්නාවූ අතර උන්වහන්සේගේ ව්‍යවස්ථාව අපට හොඳින් මගපෙන්වන බව දැන සිටි බැවින්, දෙවියන්වහන්සේ, උන්වහන්සේ සමඟ ඇති අපේ සම්බන්ධතාවයත්, එකිනෙකා අතර අපට ඇති සම්බන්ධතාවයත් ආරක්ෂා කරගැනීම පිණිස දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ව්‍යවස්ථාව අපට දුන්සේක. ව්‍යවස්ථාව කඩකිරීමෙන් හටගත් පාපය හේතුවෙන්, දැරීමට සිදුවූ ප්‍රබල ප්‍රතිවිපාකවලින් පීඩා නොවින්දාවූ කෙනෙක් සිටිනවාද? + +යේසුස්වහන්සේට ප්‍රේම කිරීම ව්‍යවස්ථාවෙහි කේන්ද්‍රයව පවතී. යේසුස් වහන්සේ පවසා ඇත්තේ, “නුඹලා මට ප්‍රේම කරනවා නම්, මාගේ ආඥා රක්ෂා කරන්නහුය” (යොහන් 14:15) යනුවෙනි. අප අව්‍යාජව යේසුස්වහන්සේට ප්‍රේම කරන විට, අප විසින් ස්වභාවයෙන්ම ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමුව. අප ඉතා පැහැදිලිව උන්වහන්සේගේ ව්‍යවස්ථාව දකින විට, යේසුස්වහන්සේට වඩ වඩාත් ප්‍රේම කිරීම පිණිස අප තුළ උද්‍යෝගයක් ඇතිවේ. ඊටත් වඩා වැදගත් කරුණක් වන්නේ අපේ දෙනෙත් අප උදෙසා කුරුසිය මත ආදේශකයක් වශයෙන් ජීවිතය පූජා කළ ක්‍රිස්තුස්වහන්සේ වෙත තබා ගැනීමෙන්, උන්වහන්සේ උදෙසා අපේ ප්‍රේමය වඩාත් පෝෂණය වීමයි. + +ශුභාරංචිය සමඟ ව්‍යවස්ථාව සමීප සම්බන්ධතාවයක් පවතින්නේ මෙම හේතුව නිසාය. එමෙන්ම, අප මතක තබාගත යුතු කරුණක් වන්නේ, අප ව්‍යවස්ථාව කෙරෙහි කොපමණ දුරට විශ්වාසය තැබුවත්, එය පැවැත්වීම වැදගත් යයි සලකනු ලැබුවත්, දෙවියන්වහන්සේ ඉදිරියේ එහි නීතිමය කටයුත්ත වන්නේ වරදට පත්කරනු ලැබීමයි. ව්‍යවස්ථාව කිසිවිටෙක කමාවන්නේ නැත. කිසිවිටෙක නිර්දෝෂී බව තහවුරු කරන්නේ නැත. කිසිවිටෙක සමගි කරනු ලබන්නේ නැත. එනමුත්, ඊට සම්පූර්ණයෙන්ම වෙනස්වූ ආකාරයෙන්, අපට සමාව දිය යුත්තේ ඇයි? අපව නිර්දෝෂී පුද්ගලයන් බවට තහවුරු කළයුත්තේ ඇයි? අපව සමගි කළ යුත්තේ ඇයි යන කරුණු එමගින් පෙන්වා දෙනු ලබයි. එබැවින්, ව්‍යවස්ථාව සමගම, අප විසින් ව්‍යවස්ථාව අවබෝධ කරගැනීමේ පදනමද වන්නේ ශුභාරංචියවන බැවින්, ව්‍යවස්ථාවට ඉටු කළ නොහැකි දෙය, අප උදෙසා වූ ක්‍රිස්තුස්වහන්සේගේ මරණය තුළින් වූ බව ශුභාරංචියෙන් පෙන්නුම් කරනු ලබයි. එනම් අපව දෙවියන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨ කරනු ලැබීමයි. + +`පහත සඳහන් පාඨ කියවන්න: රෝම 3:28; රෝම 4:13-16; ගලාති 2:16; ගලාති 3:13 සහ පිලිප්පි 3:9. අප නීති ගැතියන් බවට පත් නොවී, ඇදහිලිවන්තයන් ලෙස ව්‍යවස්ථාව පැවැත්වීම පිළිබඳව මෙම පාඨවලින් කුමක් පෙන්නුම් කොට ඇත්ද?` \ No newline at end of file diff --git a/src/si/2026-02/09/06.md b/src/si/2026-02/09/06.md index d89e330570b..c5d50361bf2 100755 --- a/src/si/2026-02/09/06.md +++ b/src/si/2026-02/09/06.md @@ -1,7 +1,18 @@ --- -title: පාඩම +title: දැනගැනීමෙන් ක්‍රියාත්මක වීම date: 28/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +කන්ද උඩ දේශනාවේදී යේසුස්වහන්සේ සම්බන්ධතාවයන් පිළිබඳව කථාකළසේක. එම සම්බන්ධතාවයන් උන්වහන්සේ සමඟ මෙන්ම අප එකිනෙකා සමඟ පවත්වනු ලබන ඒවා වන්නේය. උන්වහන්සේගේ පණිවුඩයේ අවසානය කරා පැමිණෙද්දී සිත් සසල කරවන යමක් උන්වහන්සේ පැවසූ සේක. + +“ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමීනි ස්වාමීනි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නෝය” (මතෙව් 7:21) + +උන්වහන්සේ පැහැදිලි කළේ ඇතැම් අය උන්වහන්සේට හඬනගා කථාකරන අතර ඔවුන් උන්වහන්සේ පිළිබඳව හොඳින් දන්නා නමුත් ඇත්තවශයෙන්ම ඔවුන් උන්වහන්සේව නොදන්නා බවයි. නියතවශයෙන්ම දැනුම සොයා යාම වැදගත් වන අතර, බයිබලයෙහි සඳහන් කර ඇත්තේ දැනුම නොමැති කමින් දේව ජනතාව විනාශය කරා යොමුවිය හැකි බවත්, එමෙන්ම ඔවුන් උන්වහන්සේගේ ප්‍රඥාව ප්‍රතික්ෂේප කොට ඇති බවත්ය (හොෂෙයා 4:1, 6, 10). සදාකාලීන බයිබල් සත්‍යතාවයන් වල වැදගත්කම අප විසින් කිසිසේත් හෑල්ලුවට ලක්කිරීම සුදුසු නොවේ. එනමුත්, එම දැනුම හේතුවෙන් අප තුළ වෙනසක් ඇති නොවන්නේ නම්, අපේ කැපවීම සහ දෙවියන්වහන්සේ සමඟ යෙදෙන ගමනෙහි දියුණුවක් නොමැත්තේ නම්, එම දැනුමෙන් කිසිදු ප්‍රයෝජනයක් වන්නේ නැත. + +“සදාකාල ජීවනය නම්මේය. එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔවුන් විසින් ඇඳින ගැනීමය” (යොහන් 17:3). යේසුස්වහන්සේ පවසා වදාළ පරිදි ස්වර්ග රාජ්‍යයට ඇතුලුවීමට සුදුසුකමක් වන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත ඉටුකිරීම සහ දෙවියන්වහන්සේව දැන හැඳිනගැනීමත් වේ. උන්වහන්සේව නොදැන අපට උන්වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමට නුපුළුවන. මෙය පැහැදිලිව අර්ථ නිරූපනය කරන්නාවූ සාධකය වන්නාවූ අතර, එය ඉතා සාධාරණවූද අපේක්ෂාවක් වන්නේය. ඔබේ දරුවන් ඔබට ආදරය කරනවා යයි පවසන අතර, ඔබ ඔවුන්ට නියමකරන වැඩ ඔවුන් විසින් ඉතා සතුටින් ඉටු කරන්නේ නම්, ඔබ උදෙසා වන ඔවුන්ගේ ආදරයේ ගැඹුර මෙන්ම ඔබට ඔවුන් ගෞරව කරන බවද ඔබට දැනගැනීමට පුළුවන. එමෙන්ම අප දෙවියන් වහන්සේට ප්‍රේමකරන විට උන්වහන්සේගේ කැමැත්ත ඉටුකිරීමට අප උනන්දු වන්නෙමු. එසේ වන්නේ අප විසින් කළ යුත්තාවූ දේවලින් ඉතාම යහපත් දෙය එය බව අප හොඳින් දන්නා බැවිනි. දෙවියන්වහන්සේට අප තුළ ඇති ප්‍රේමයේ උතුරා යාමක් ලෙස අප උන්වහන්සේගේ කැමැත්ත සිදුකිරීමටත් උන්වහන්සේට කීකරුව ජීවත්වීමටත් අපට මහත් උවමනාවක් ඇතිවන්නාසේම, උන්වහන්සේ සමඟ ඇති වර්ධනයේ සැබෑ ස්වභාවය පෙන්නුම් කරනු ලබනවා ඇත. + +`යේසුස්වහන්සේ උන්වහන්සේගේ කන්ද උඩ දේශනාව හමාර කළෙA, උන්වහන්සේ සවන් දුන් අයගේ සිත් සසල කරවන අභියෝගයක්ද ඉදිරිපත් කරමිනි. එය කුමක්ද? මතෙව් 7:24-29 කියවන්න.` + +අප විසින් ඇත්තටම යේසුස්වහන්සේගේ පණිවුඩවලට සවන් දෙන්නේ නම්, අපට අභියෝග මගහරිමින්, වෙනස් නොවී සිටීමට කිසිසේත් නුපුළුවන. එනමුත්, ඒ සඳහා පළමු කොට අපේ කන් විවෘතවද, දෙවියන්වහන්සේ සමඟ සමීප සබඳතාවයකින් යුක්තව ජීවත්වීම පිණිස උන්වහන්සේගේ සැලැස්ම පිළිගන්නාවූ හදවතක්ද ඇතුව සිටීමෙන්, අප ගන්නාවූ සෑම හුස්මක් පාසාම එය තදින් සිත් තුළට කාවදිනු ඇත. අප උදෙසා වන දෙවියන්වහන්සේගේ සැලැස්මට අනුව අපේ ජීවිතය පර්වතය මත ගොඩනැගීමට පුළුවන. + +සමීප සබඳතාවයේ මෙම සැලැස්ම කිසිසේත් රහසක් නොවේ. එය දේව ආනුභාවයෙන් දෙනු ලැබුවාවූ පිටු තුළින් එළිදරව් කර ඇති අතර, උන්වහන්සේ සියල්ලන් හට එය පිළිගන්වන සේක. එය ඇදහිල්ලෙන් පිළිගැනීම සියල්ලන්ට අයත්වූ පුද්ගලික තෝරාගැනීමක් වන අතර, එමගින් ක්‍රිස්තුස්වහන්සේගේ පලුදු නොවූ ධර්මිෂ්ඨකමට අයිතිවාසිකම් කියමින්, ඊට පසුව එම ධර්මිෂ්ඨකම අනුව ජීවත්වීමට පුළුවන. \ No newline at end of file diff --git a/src/si/2026-02/09/07.md b/src/si/2026-02/09/07.md index 7b6538571bd..e22c9881046 100755 --- a/src/si/2026-02/09/07.md +++ b/src/si/2026-02/09/07.md @@ -3,5 +3,22 @@ title: වැඩිදුර අධ්‍යයනය සඳහා date: 29/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +සාතන් විසින් අවසානයේදී දෙවියන්වහන්සේට එරෙහිව ගෙනෙනු ලබන අභියෝගය ව්‍යවස්ථාව වන හෙයින්, මෙම මාතෘකාව වන ව්‍යවස්ථාව මෙතරම් ව්‍යාකූලත්වයකට පත් කරමින්, වැරදි ලෙස අවබෝධ කරගැනීම එතරම් පුදුමයකට පත්වීමට තරම් වන දෙයක් නොවේ. + +යේසුස්වහන්සේ මෙලොව වැඩ සිටි කාලයේ ඇතැමෙක් කල්පනා කළේ, උන්වහන්සේ පැමිණියේ ව්‍යවස්ථාව අහෝසි කිරීමට යයි පැවසූ නමුත්, එම කියමන එතරම් දුරට සත්‍යයෙන් බැහැරවිය නොහැක. යේසුස්වහන්සේ ව්‍යවස්ථාව මත ආලෝක ධාරාවක් යොමුකරමින්, ව්‍යවස්ථාව මෙන්ම දෙවියන් වහන්සේගේ අලංකාරවූ චරිතය මනා ලෙස පිළිබිඹු කරමින්, උන්වහන්සේ ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමට පැමිණි බවත් (මතෙව් 5:17, 18), දෙවියන්වහන්සේ කෙබඳු කෙනෙක්දැයි පෙන්නුම් කරන බවත් පැවසූ සේක. + +“දෙවියන්වහන්සේගේ වචනය කෙරෙහි ගෞරවයක් මිනිසුන්ගේ සිත් තුළ ඇතිවී, එය අගය කොට සැලකීමෙන් පමණක් ඔවුන්ට දේව අභිලාෂය සම්පූර්ණ කිරීමට හැකිවනු ඇත. දාවිත්ගේ කාලය තුළ මෙන්ම, සාලමොන් රජ කළාවූ මුල් කාලය තුළ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් ජනතාට ශක්තිය ලබා දුන්නේ, ඔවුන් දේව ව්‍යවස්ථාවට ගෞරව කළ බැවින්ය; එලියාගේ සහ යෝෂියාගේ දවස්වලදී ප්‍රතිසංස්කරණ සිදුවූයේත්, ජීවමාන වචනය කෙරෙහි වූ විශ්වාසය හේතුවෙනි. මේ අවධියේ යෙරමියා විසින් ප්‍රතිසංස්කරණ අවශ්‍ය යයි හඬ නැගුවේ, ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් මෙම සත්‍යය සහ ඉශ්‍රායෙල්වරුන් සතුව තිබූ සෞභාග්‍යමත් උරුමයන් උදෙසාය. —Ellen G. White, Prophets and Kings, pp. 465, 466. + +**සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න:** + +`ජනප්‍රිය සංස්කෘතීන් පාපය දකින්නේ කුමන ආකාරයටද? අපේ සභාව ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ කුමන ආකාරයටද?` + +`පාපය විසින් දෙවියන්වහන්සේ සමඟ මෙන්ම එකිනෙකා අතර සම්බන්ධතාවයන් බිඳ වැටෙන අන්දම මුල්වරට දැක්කේ කවදාද?` + +`දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරුව සිටීම ඔබේ ජීවිතයේදී ඔබට පහසු දෙයක් ලෙස නැතහොත් ඉතා අපහසු දෙයක් ලෙස පෙනී ගිය අවස්ථා තිබේද? මේ සඳහා දායකවූ කරුණු මොනවාද?` + +`සෙවන්ත්-ඩේ ඇඩ්වෙන්ටිස්ට්වරුන් යන නම දරන්නාවූ අප දරන්නාවූ නමින්ම අප ව්‍යවස්ථාව කෙතරම් බැරෑරුම් ලෙස පිළිගන්නවාද යන කරුණ පෙන්නුම් කරනු ලබන බැවින්, නීති (ආඥා) ගැතියාව නමැති උගුලට හසු නොවී, අපව ගළවාගනු පිණිස ව්‍යවස්ථාව මත යැපීමෙන් තොරව සිටින්නේ කෙසේද? (මෙම කරුණ පිළිබඳව ඔබේ මනස තුළින් පර්යේෂණයක් කරන්න. එනම්: විනිශ්චය දවසේදී ඔබ සිදුකළාවූ සෑම ක්‍රියාවක්ම ශුද්ධවූද, සර්ව සම්පූර්ණවූද දෙවියන්වහන්සේ ඉදිරිපිටට විනිශ්චය උදෙසා පමුණුවනු ලබනවා ඇත. එවිට ඔබ ඔබේ බලාපොරොත්තු රඳවා ගන්නේ කුමක් මතද? එය ඔබේ ව්‍යවස්ථාව පැවැත්වීම පිළිබඳවද? නොහොත් ඔබ උදෙසා වන යේසුස්වහන්සේගේ සම්පූර්ණ වූ ධර්මිෂ්ඨකම කෙරෙහිද?)` + +`දැනුම තිබීම (හෝ දැනුම නොතිබීම) යමෙකුට දෙවියන්වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවය කෙරෙහි බලපෑ හැක්කේ කෙසේද? (හිතෝපදේශ 24:3, 13, 14 කියවන්න).` + +**සාරාංශය:** අපේ ජීවිත පාපයෙන් ආසාදනය වී ඇති බැවින්, අපව දෙවියන් වහන්සේගෙන් වෙන්කර ඇත. එනමුත්, දෙවියන්වහන්සේ අපට ආරාධනා කරන්නේ උන්වහන්සේව දැනහැඳින ගනිමින්, අපේ මුළු සිතින්ද, මුළු හෘදයෙන්ද, ආත්මයෙන් සහ ශක්තියෙන්ද උන්වහන්සේට ප්‍රේම කරන ලෙසය. අප මේ කාරණය ඉටුකරන විට අනුන් උදෙසා වන ප්‍රේමය අප තුළ වැඩි වැඩියෙන් වර්ධනය වනු ඇත. දෙවියන්වහන්සේ සහ අනුන් උදෙසා වන එවැනි ප්‍රේමයක් පිළිබඳව දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව තුළ ගැබ්කොට ඇත. එය දෙනු ලැබුවේ උන්වහන්සේ සමඟ මෙන්ම අප අවට සිටින අන්‍යයන් සමඟ ඇති සම්බන්ධතාවයන් ආරක්ෂා කරගැනීමට මෙන්ම රැකබලා ගනු පිණිසය. දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව උන්වහන්සේගේ චරිතය පිළිබඳව වන අලංකාර ප්‍රතිමූර්තියක් වන අතර, අප උන්වහන්සේගේ ව්‍යවස්ථාව අවබෝධ කරගත් විට, උන්වහන්සේ සමඟ ඇති අපේ සම්බන්ධතාවය වඩාත් ශක්තිමත්ව වර්ධනය වනු ඇත. \ No newline at end of file diff --git a/src/si/2026-02/10/01.md b/src/si/2026-02/10/01.md index 7e2ad4908b1..9c224597cf3 100755 --- a/src/si/2026-02/10/01.md +++ b/src/si/2026-02/10/01.md @@ -3,5 +3,14 @@ title: පසුතැවිල්ල සහ පව් කමාව date: 30/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +### මේ සතියේ පාඩමේ අධ්‍යයනය සඳහා කියවන්න +යෙසායා 61:10; හොෂෙයා 6; ක්‍රියා 3:18, 19; නික්මයාම 34:1-10; රෝම 6:23; මතෙව් 22:1-14. + +>

කටපාඩම් පදය

+> “අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක” (1 යොහන් 1:9). + +වලාකුළු ටැඹයට, තැනතිලා භූමිය මත කූඩාරම් අටවාගෙන සිටි ඉශ්‍රායෙල් වරුන්ට හැඟීගියේ පොරොන්දුවූ දේශය පිහිටා ඇත්තේ තවත් බොහෝ දුරස්ථවූ ස්ථානයක බවය. දැනට දින බොහොමයකට පෙර, ඝන අන්ධකාරයෙන් වැසී ගිය කඳු මුදුන කරා මෝසෙස් පිටත්ව ගොස් තිබුණි. ඔවුන් කල්පනා කළේ ඇත්තවශයෙන්ම මේ වන විට ඔවුන්ගේ නායකයා හාමත් වීමෙන් හෝ කඳු මුදුනේ ඇති ගිණි ජාලයට හසුවීමෙන් මියයන්නට ඇතැයි කියාය. මිශ්‍රිත ජන සමූහය (මිසර දේශයෙන් පිටත්වූ ඉශ්‍රායෙල් ජනතාව මෙන්ම ඔවුන් හා එක්වූ අන්‍ය ජාතිකයන්), මේ වන විට නොසන්සුන් ස්වභාවයෙන්, කිරියෙන් සහ පැණියෙන් උතුරා යන දේශය කරා පිටත්ව යාමට උත්සුක වූහ. මෙම මිනිසුන් මීට දින කිහිපයකට පෙර, දෙවියන්වහන්සේ සමඟ ගාම්භීර ගිවිසුමකට ඇතුලත්වී, උන්වහන්සේට කීකරුව සිටිනවා යයි පොරොන්දු වුවත්, ඔවුන් මේවනවිට ඉල්ලා සිටියේ ඔවුන්ගේ දෙනෙත් වලින් දැකබලාගත හැකි ප්‍රතිමාවකි. එබැවින් ඔවුන් ආරොන්ගේ කූඩාරම අවට රැස්වී, උද්ඝෝෂණය කරමින්, ඔවුන් උදෙසා ප්‍රතිමාවක් ඉල්ලා සිටියහ. තමන්ගේ ආරක්ෂාව පිළිබඳ බියට පත්වූ ආරොන් එම ඉල්ලීමට අවනත වූවේය. මෙම කනගාටුදායක කථාව විසඳුන අයුරු නික්මයාම 32-34 දක්වා වන පරිච්ඡේද වලින් දකින්නට පුළුවන. + +මෙම වාර්තාව, බයිබලය තුළ දකින්නට ඇති, පසුතැවිල්ල සහ කමාවීම පිළිබඳව වන බොහෝ කථාන්තරවලින් එකක් වනසේම, මෙම තේමාව මෙම සතිය තුළ අධ්‍යයනය කිරීම පිණිස තෝරාගනු ලැබූවකි. ඔබ දෛනිකව මෙම පාඩම අධ්‍යයනය කරන විට, මෙම සතියේ තේමාව මෙන්ම කටපාඩම් පදයද මතකයෙහි තබාගන්න. ඇත්තවශයෙන්ම අප පාපයට ගොදුරුවන නමුත්, ක්‍රිස්තුස්වහන්සේ කුරුසිය මත මරණය විඳීම පිළිබඳව අප ස්තූතිවන්ත වන්නේ, අවංකව පසුතැවිලිවන්නන්ට මෙන්ම පව්කියා දෙන්නන් හට උන්වහන්සේ තුළ කමාව ඇති හෙයිනි. + +ජුනි 6 වන සබත් දවසට සූදානම් වීම පිණිස මෙම සතියේ පාඩම අධ්‍යයනය කරන්න. \ No newline at end of file diff --git a/src/si/2026-02/10/02.md b/src/si/2026-02/10/02.md index eb1e3fb58a9..66f31ff98a6 100755 --- a/src/si/2026-02/10/02.md +++ b/src/si/2026-02/10/02.md @@ -1,7 +1,18 @@ --- -title: පාඩම +title: ජීවිතයේ කාර්යබහුල බව date: 31/05/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +ඒක හරි කාර්යබහුල සතියක් විය. සබත් දවසේ ආරම්භයට පෙර නිමා කිරීම පිණිස බොහෝ වැඩකොටසක් ඇති බව ඇය දැන සිටි නමුත්, හදිසියයි ඇය සිතාසිටි දේවල් මගින් වැදගත් දේ ගිලගත් බැවින් ඇය නොදැනුවත්වම හිරු බැසගොස් තිබුණි. පවුලේ උදවිය සිකුරාදා විශේෂ රාත්‍රි ආහාරයකින් පසුව සියළුදෙනා එක්වී රාත්‍රී නමස්කාරය සැලසුම් කොට තිබුණි. + +එනමුත්, සබත් දින උදෑසන ඇය තරමක් වේලාසනින් අවදිවූ විට අපිරිසිදුව තිබූ නාන කාමරය ලහි ලහියේ පිරිසිදු කිරීමට ඇයට සිදුවිය. ඊළඟට ඇය දුටුවේ ඇගේ බාල පුතා රාත්‍රියේ නින්දේදී ඇඳ තෙමාගෙන තිබූ බැවින්, ඉක්මණින් එම ඇඳ ඇතිරිලි ඉවත් කොට තවත් කිලිටි ඇඳුම් කැබලි කිහිපයක්ද ගෙන රෙදි සෝදන යන්ත්‍රය තුළට දැමුවාය. ඇය, පවුලේ සාමාජිකයන් උදෙසා උදේ ආහාරය පිළියෙල කරමින් සිටියදී, දහවල් ආහාරය ගැනීමෙන් පසු අතුරුපසක් නැතැයි මතක්වූයෙන්, ඉක්මණින් අතුරුපසක් සෑදුවාය. දේවස්ථානයට යාම පිණිස ඇගේ සැමියාගේ කමිසය මැදිය යුතු බැවින් කඩිමුඩියේ එය නිමකරන අතර තුර තවත් ඇඳුම් කීපයක් නවා තබා, නිවෙස තුළ තිබූ කුණු මල්ලද ඉවත් කළාය. + +එවිට ඇයට ක්ෂණිකව මතක් වූයේ අද සබත් දවස නොවේද! වෙනත් දවස්වලට වඩා මා මේ දවසට කොතරම් කැමැත්තක් දක්වනවාද? එනමුත් මා මේ කරන්නේ දෛනික වැඩකටුතු වල යෙදෙමින් සබත කෙරෙහි වන අවධානය වෙනතකට යොමු කරනවා නොවේද. ඇත්තවශයෙන්ම සබතේදී දෙවියන්වහන්සේ වෙතට ළංවිය යුතු නොවේද. + +එක් මොහොතකට, ඇගේ මනසින් ඇය කළ දේවල් සාධාරණීයකරමින් හේතු දැක්වූවාය. මේ සියලු දේ කවුරුන් විසින් හෝ කළ යුතුයි. ඇත්තටම එසේ කළ යුතුද? ඇය මාර්තා මෙන් කටයුතු කරන බව ඇයට වැටහුණි. “මාර්තා බොහෝ උපස්ථාන කිරීමෙන් කරදරව සිටියාය” (ලූක් 10:40). එනමුත්, යේසුස් වහන්සේගේ වචන ඇගේ මනස තුළ රැව් දෙන්නට විය. නුඹ බොහෝ දේවල් ගැන නලංගුවී කැලඹෙන්නෙහිය. නුමුත් ඕනෑකරන්නේ එක දෙයක්ය. මරියා වනාහි ඈ කෙරෙන් බැහැර ගනු නොලබන්නාවූ යහපත් කොටස තෝරාගත්තායයි කීසේක (ලූක් 10:41, 42). එම යහපත් කොටස වන්නේ, යේසුස් වහන්සේ කෙරෙහි වන ගැඹුරු ප්‍රේමයෙන් යුක්තව, සබත් දවසේ පමණක් නොව දිනපතාම උන්වහන්සේගේ පාද ළඟ වැටී සිටීමයි. ඇය මේ උදෑසන මේ දෙය තෝරාගෙන නොතිබුණි. + +ඇය දෙවියන්වහන්සේට ප්‍රේම කළ නමුත්, උන්වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවය ශක්තිමත් කරනු පිණිස සබත නම් කාලය උන්වහන්සේ ඇයට තිළිණයක් ලෙස දී ඇති බව ඇයට අමතක වී තිබුණි. ඇය කුස්සියේ සිටගෙන නිශ්චලව සිටිවිට ඇගේ දෙනෙත් වලින් කඳුළු බිඳු ගලා එන්නට විය. + +මෙම උදාහරණයෙහි පරමාර්ථය වන්නේ සබත් දවසේ කළ යුත්තේ කුමක්ද, නොකළයුත්තේ කුමක්දැයි පැවසීම නොව; එනමුත් දෙවියන්වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවය දුර්වල කරනු ලබන්නේ සහ බිඳ දමන්නේ කුමන දේවලින්දැයි මතක් කරදීම වැදගත්වන බැවිනි. අපේ සිත්වලට පාපයේ වේදනාව මෙන්ම වියෝව දැනෙන විට, අප හඬ නගා උන්වහන්සේව අමතන විට, යේසුස් වහන්සේ අපට ඉතා සමීපව සිටින සේක (ගීතාවලිය 53:2). උන්වහන්සේගේ රුධිරය තැවරුණාවූ දෝත් වලින්සුදු පැහැති සළුවක් උන්වහන්සේ දරා සිටින සේක. උන්වහන්සේ අපේ පසුතැවිලි වීමේ කඳුළු දකින විට අපේ කිලිටි වස්ත්‍ර ඉවත්කරන සේක. ඊටපසුව උන්වහන්සේ ධර්මිෂ්ඨකමේ සළුවෙන් අපව සම්පූර්ණයෙන් ආවරණය කරනසේක. උන්වහන්සේගේ පවිත්‍රත්වය තුළින් අපේ සියලු පාපොච්චාරණය කරන ලද්දාවූ පාප පරිසමාප්තවනතුරු සම්පූර්ණයෙන් ආවරණය කරන සේක. අපට අපේ සළු උන්වහන්සේගේ රුධිරයෙන් සෝදා ගැනීමට පුළුවන (එළිදරව් 7:14). + +`යෙසායා 64:6; සෙකරියා 3:4 සහ යෙසායා 61:10 යන පාඨ තුළින් ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම පිළිබඳව වන සත්‍ය අපට පෙන්නුම් කරනු ලබන්නේ කෙසේද? දෙවියන්වහන්සේ මෙම පාඨ තුළින් අපට පොරොන්දු වී ඇති දේවල් කෙරෙහි අප නිතර ඉතා උනන්දුවෙන් එල්බ සිටිය යුත්තේ මන්ද?` \ No newline at end of file diff --git a/src/si/2026-02/10/03.md b/src/si/2026-02/10/03.md index adc9b3232de..275aa88d62b 100755 --- a/src/si/2026-02/10/03.md +++ b/src/si/2026-02/10/03.md @@ -1,7 +1,18 @@ --- -title: පාඩම +title: ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පොළඹවනු ලැබීම date: 01/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +ඔහුත්, ඔහුගේ බිරිඳත් අතර වර්ධනය වී ඇති දුරස්ථභාවය පිළිබඳව ඔහු කල්පනා කරමින් සිටි විට ඔහු වැරදි කර ඇති බව අවබෝධ කරගත්තේය. ඔහු ඇයට අකාරුණිකව සහ පරුෂ ආකාරයෙන් සලකමින් පැවසූ ඇතැම් වචන පිළිබඳව කනගාටුවට පත්වූවේය. එනමුත්, ඔහුගේ ඊළඟ සිතුවිල්ල වූයේ, ඇත්තටම ඇයට ඒ විධියට සැලකීම වරදක් නැහැ නොවේද? ඇත්තටම සුළු වශයෙන් හෝ මා විසින් ඇයට ඒ අයුරින් සැලකීමේ ඇති වරද කුමක්ද? + +මෙවැනි අන්දමේ සිතුවිලි ඔබට හොඳින් හුරු පුරුදුද? කනගාටුව ප්‍රකාශ කරනවාට වඩා අපි සිතන ආකාරයෙහි සහ ක්‍රියාවල වෙනසක් කොට අප කළදේ සාධාරණීය කරනවාද? අප වැරදි කළ විට, “මම කනගාටුයි” යනුවෙන් පැවසීම නිතර පහසු කටයුත්තක් නොවේ... එනමුත්, අප වරදක් කළායින් පසුව, සම්බන්ධතාවයන් නැවත ගොඩනඟා ශක්තිමත් කිරීම පිණිස කනගාටුව ප්‍රකාශ කිරීම අතිශයින් වැදගත් වන්නකි. + +අපත් දෙවියන්වහන්සේත් අතර කාරණා වලදීද කරුණු එසේමය. අප පව් කළ විට ඒ පිළිබඳව සිතා බලන ලෙස ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් අපේ මනස පොළඹවනු ලබයි. මෙම පෙළඹවීම හේතුවෙන් අපේ සිත් මෘදු විය හැකි නමුත්, එම සිහින් හඬට සවන් නොදී, අප කලින් කළාවූ වරද සාධාරණීයකරණය කිරීමටද අපට පුළුවන. ශුද්ධාත්මයාණන්වහන්සේගේ එක් කටයුත්තක් වන්නේ, “පාපය ගැන ... ලෝකයාට අඟවා දීමයි” (යොහන් 16:8). මෙය අපට දෙවියන්වහන්සේගෙන් ලැබෙන කොපමණ වටිනා ත්‍යාගයක්ද (ලූක් 11:13), අප දෙවියන්වහන්සේ සමඟ යෙදෙන ගමනේදී, අප අතර ඇතිවන පරතරය පිළිසකර කිරීම පිණිස එවැනි ඇඟවීමක් අපට අතිශයින් අවශ්‍ය නොවන්නේද! + +`හොෂෙයා 6 කියවන්න. පසුතැවිලිවන ලෙස දෙවියන්වහන්සේ ආයාචනා කරන විට, දෙවියන්වහන්සේ උන්වහන්සේව විස්තර කිරීමේදී ඔබේ අවධානයට යොමුවන විශේෂත්වය කුමක්ද?` + +අපව නැවත මිදිවැල හා සම්බන්ධ කිරීමේදී ශුද්ධාත්මයාණන්වහන්සේගේ භූමිකාව පිළිබඳව සිතා බලන්න (යොහන් 15:4). “අප නිතරම කනගාටුවන්නේ අපගේ නපුරු ක්‍රියාවන් නිසා අපට අප්‍රසන්න ප්‍රතිඵල ඇතිවන හෙයිනි; නමුත් මෙය පසුතැවිලි වීම නොවේ. පාපය ගැන සැබෑ ලෙස කනගාටු වීම නම් ශුද්ධාත්මයාණන්වහන්සේ තුළින් සිදුවන ක්‍රියාවකි. ගැළවුම්කාරයාණන් වහන්සේට දුක් දෙමින් උන්වහන්සේ එපා කළාවූ හෘදයේ අකෘතඥතාවය අපට එළිදරව් කරන ආත්මයාණෝ පසුතැවිල්ලෙන් අප කුරුසියේ පාමුලට පමුණුවන සේක. සෑම පාපයකින්ම යේසුස්වහන්සේ අළුතෙන් තුවාල ලබන සේක... අප උන්වහන්සේ පීඩාවට පත්කළාවූ අපගේ පාප නිසා ශෝක වන්නෙමු. එවැනි වැලපීම් කරණකොටගෙන අප අපගේ පාප අත්හැරීමට මගපෙන්වනු ලබමු. —Ellen G. White, The Desire of Ages, p. 300. (යුගයන්ගේ ආශාව, 1 වන කොටස, 307 පිටුව). + +අප අගය කරන්නාවූ මෙන්ම අප විශේෂයෙන් තෝරාගත් පාප අපට තිබේ නම් අපත් දෙවියන්වහන්සේත් අතර සැබෑ සම්බන්ධතාවයක් ඇතුව වර්ධනය වීමට නොහැකි වීම සත්‍යයකි. අප සියල්ලෝම දෙවියන්වහන්සේගේ මහිමයෙන් හීනව සිටින නමුත්, අපේ පාප උදෙසා පසුතැවිලිවීම අප විසින් කළයුත්තාවූද, කළ හැකිවූද කරුණක් බවට පත්වන්නේ, ශුද්ධාත්මයාණන් වහන්සේ එම කාරණා අපේ මනසට යොමුකළ විටය (එපීස 4:30). + +`පසුතැවිලි වන ලෙස තරවටු කිරීමක් හෝ කැඳවීමක් කරනු ලබනවා අවසාන වරට ඔබට ඇසීමට ලැබුණේ කවදාද? ඔබ ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? මේ මොහොතේම ඔබ යාච්ඤාවක් කරනු පිණිස කාලය ගෙන ඔබේ සිත විවෘත කොට, එමෙන්ම මෘදු කොට, මෙම සතිය තුළ ඔබේ දෙකන් උන්වහන්සේගේ හඬට මෙන්ම වචනයට විවර කරන මෙන් ඉල්ලා සිටින්න.` \ No newline at end of file diff --git a/src/si/2026-02/10/04.md b/src/si/2026-02/10/04.md index 5d24f196e35..8c83d91ef4a 100755 --- a/src/si/2026-02/10/04.md +++ b/src/si/2026-02/10/04.md @@ -1,7 +1,16 @@ --- -title: පාඩම +title: සැබෑ පසුතැවිල්ල date: 02/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +අනාගමික ලෝකය නිදහස පිළිබඳව නිදහස් ආශාවල ගැලී සිටීම, ස්වයං ප්‍රවර්ධනය වැනි කරුණු ඇතුලත් පණිවුඩ බෝම්බ වර්ෂාවක් මෙන්, තොරතෝංචියක් නොමැතිව බෙදා හරිති. එනමුත්, දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ඇති ප්‍රතිපත්ති ඊට හාත්පසින්ම වෙනස් වූවකි. යොහන් තුමා සහ යේසුස්වහන්සේ පළමුව පවසා ඇති බයිබලයේ සඳහන් වදන්වල සමානත්වයක් දකින්නට ලැබීම සිත් උනන්දු කරවන කරුණකි. යොහන් තුමා පැවසුවේ, “පසුතැවිලිවෙන්න; මක්නිසාද ස්වර්ග රාජ්‍යය ළඟය (මතෙව් 3:1, 2) යනුවෙන්ය. යේසුස්වහන්සේ පවසා සිටියේ, “කාලය සම්පූර්ණවීය, දෙවියන්වහන්සේගේ රාජ්‍යය සමීපය. පසුතැවිලිවී ශුභාරංචිය අදහාගන්නැයි” කීසේක (මාර්ක් 1:14, 15; ලූක් 24:46, 47 තවදුරටත් කියවන්න). යේසුස්වහන්සේ සහ යොහන් යන දෙදෙනාම සවන් දෙන්නන්ව කැඳෙව්වේ ස්වර්ග රාජ්‍යය ආසන්න බැවින් පසුතැවිලි වන ලෙසටය. මෙම පණිවුඩය එදා මෙන්ම අදටත් ඒ ආකාරයෙන්ම වලංගුවිය හැකි නොවේද? + +`ක්‍රියා 3:18, 19 කියවන්න. ආත්මික වර්ධනය උදෙසා පසුතැවිලිවීම මෙතරම් වැදගත් වන්නේ ඇයි? “සැනසිලි” කාලය යනු කුමක්ද?` + +දෙවියන්වහන්සේගේ කරුණාවත් යහපත්කමත් පසුතැවිල්ල සඳහා යොමුකරනු ලබයි (රෝම 2:4). පසුතැවිල්ලට අදියර දෙකක් අදාළ වේ. 1. අපගේ පාප උදෙසා අවංකව වේදනාවට සහ ශෝකයට පත්වීම; 2. පාපය අත්හරිනු පිණිස අවංක තීරණයක් ගැනීම වේ. සෑම අවස්ථාවකදීම පාහේ බයිබලයේ සඳහන් පසුතැවිල්ල, සමාව දීම හා සම්බන්ධව අප අව්‍යාජව පසුතැවිලි වන විට, දෙවියන්වහන්සේ කමාවන සේක. එය ඒ තරමටම සරල වූවකි (1 යොහන් 1:9; එළිදරව් 3:19). “ප්‍රමාද යයි සමහරුන් සලකන හැටියට ස්වාමීන් වහන්සේ තමන්ගේ පොරොන්දුව ගැන ප්‍රමාද නොවන සේක; නුමුත් සියල්ලන්ම පසුතැවිලිවෙනවාට මිස කිසිවෙක් විනාශවෙනවාට උන්වහන්සේ නුඹලා කෙරෙහි බොහෝකල් ඉවසන සේක” (2 පේත්‍රැස් 3:9). අප පුද්ගලිකව දෙවෙනි පැමිණීම උදෙසා සූදානම් වන අතර, දෙවියන්වහන්සේ සමග සියලු කාරණා නිවැරදි කරගන්නා පිණිස, උන්වහන්සේ අපට කල්දෙන සේක. + +යේසුස්වහන්සේ දුක් විඳ, මරණයට පත්ව, මළවුන්ගෙන් නැගිට්ටේ, අප පසුතැවිලිවනවිට, උන්වහන්සේගේ අනුග්‍රහයෙන් අපේ ජීවිත තුළ ප්‍රාතිහාර්යය කරනු පිණිසය. අප සිටින ආකාරය ඉතා යහපත් යයි ලෝකයා පැවසුවත්, දෙවියන්වහන්සේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් වන පසුතැවිලි වීමෙන් සහ ඇදහිල්ලෙන් යුතුව උන්වහන්සේ වෙතට පැමිණෙන ලෙසත් (ක්‍රියා 20:21), එසේ කළ විට අපේ චරිත ස්වභාවය උන්වහන්සේගේ චරිත ස්වභාවය කරා ඉතා අලංකාර ලෙස පරිවර්තනය වන බැවින් උන්වහන්සේ ගැන සාක්ෂි දරනු ඇති බවත්ය (යොහන් 15:2, 8). එවිට අප වර්ධනය වෙමින්, පසතැවිල්ලට අදාළ වන ඵල දරන්නෙමු (මතෙව් 3:8). + +“නවෝත්පාදයක් ඇති නොකරන්නාවූ මොනම පසුතැවිල්ලක් නියම පසුතැවිල්ලක් නොවේ. ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම වනාහි කියා නුදුන්නාවූද අත්හරිනු නොලැබුවාවූද පාපයන් වැසීමට වස්ත්‍රයක් නොවේ. එය වනාහි චරිතය වෙනස් කරන්නාවූද, හැසිරීම පාලනය කරන්නාවූද ජීවිත ප්‍රතිපත්තියකි.” —Ellen G. White, The Desire of Ages, pp. 555, 556. (යුගයන්ගේ ආශාව 2 වන කොටස 146 පිටුව) + +`පශ්චත්තාපය ජීවනය කරා යොමුකරනු ලබයි (ක්‍රියා 11:18), තවද දෙවියන්වහන්සේ සමග සම්බන්ධතාවයක් තුළ වර්ධනය වීමේදී එහි වැදගත් භූමිකාවක් ඉටුකරයි. තමා යටත්වී, පශ්චාත්වීමෙන් පසුව ඔබව කප්පාදු කිරීමට දෙවියන්වහන්සේට ඉඩ දෙන්නේ නම්, ඔබට ඉතා අභියෝගාත්මක කොටස වන්නේ කුමක්ද?` \ No newline at end of file diff --git a/src/si/2026-02/10/05.md b/src/si/2026-02/10/05.md index 81b61c09c18..4894927ad95 100755 --- a/src/si/2026-02/10/05.md +++ b/src/si/2026-02/10/05.md @@ -1,7 +1,22 @@ --- -title: පාඩම +title: සෑහෙන තරම් කරුණාව date: 03/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +අපට පාපයේ බර දැනෙන විට, අපව කුරුසිය පාමුලට මගපෙන්වීමට ශුද්ධාත්මයාණන්වහන්සේට දුන් විට, “ස්වාමීන්වහන්සේ අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටින සේක, කෝපවීමට ප්‍රමාදය, අතිශයින් කරුණාවන්තය” (ගීතාවලිය 103:8) යන බව දන්නා බැවින් උන්වහන්සේගෙන් සමාව ඉල්ලා සිටිය යුත්තෙමු. දෙවියන්වහන්සේ තෝරාගත් ජාතිය උන්වහන්සේව දුකට පත්කළ විට මෙම වචනම උන්වහන්සේ පැවසූ සේක (නික්මයාම 34:6). + +`නික්මයාම 34:1-10 කියවන්න. මෙහි සඳහන්ව ඇති වැදගත් සත්‍යය කුමක්ද?` + +ස්වාමීන්වහන්සේ අනුකම්පාවෙන් හා දයාවෙන් පූර්ණව, කෝපවීමට ප්‍රමාදව සිටින හේතුව නිසාම, දෙවියන්වහන්සේ සමඟ වන අපේ සම්බන්ධතාවය නැවත ගොඩ නගනු පිණිස යේසුස්වහන්සේ කුරුසිය මත උන්වහන්සේගේ ජීවිතය පූජා කළසේක. + +අපේ පව් පිළිගන්නට කැමතිවී, පාපොච්චාරණය කරන්නේ නම්, “... දෙවියන්වහන්ස, පව්කාරයෙක්වූ මට කරුණා කළ මැනව”යි පවසන විට (ලූක් 18:13), මේ සියල්ල දකින යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ සමඟ එකතුවී අප දරන්නාවූ බර අපෙන් ඉවත්කරන සේක. කුරුසිය අබියසදී අපේ බර උන්වහන්සේ ඔසවාගන්නේ අප ඉල්ලා සිටින්ටත් පෙර වන අතර, උන්වහන්සේ යහපත් එඬේරා ලෙස අපව සොයාවිත් අපේ දොර ළඟ සිට තට්ටුකරන සේක (එළිදරව්ව 3:20). අප කුරුසියෙන් දුරස්ථ නොවෙමු, දුරින් සිට දෙවියන් වහන්සේව දකිමු. යේසුස්වහන්සේ වෙතට දිවයමින් අපේ පාප මෙන්ම සියළු බර උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට හුවමාරු කරගනිමු (සෙකරියා 3:4). + +**පහත සඳහන් පාඨ හෙමින් කියවන්න. එම පාඨ දෙවියන්වහන්සේගේ කරුණාව පිළිබඳව ඔබට පවසන්නේ කුමක්දැයි ඔබේම වචනයෙන් ලියන්න.** + +“මක්නිසාද පාපයේ කුලී නම් මරණයය; නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ සදාකාල ජීවනයය” (රෝම 6:23). + +“නුමුත් පාපය මරණයෙහි රජකම්කළාක්මෙන්ම අනුග්‍රහය සදාකාල ජීවනය සඳහා අපේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ධර්මිෂ්ඨකමෙන් රජකම්කරන පිණිස, පාපය බොහෝ වූ තැන අනුග්‍රහය ඊට වඩා අධික වූයේය” (රෝම 5:20, 21). + +“නුමුත් දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය” (රෝම 5:8). + +` ` \ No newline at end of file diff --git a/src/si/2026-02/10/06.md b/src/si/2026-02/10/06.md index 37b60663c5a..2478cd3d90b 100755 --- a/src/si/2026-02/10/06.md +++ b/src/si/2026-02/10/06.md @@ -1,7 +1,16 @@ --- -title: පාඩම +title: මිල අධිකම වස්ත්‍රය date: 04/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +ලෝකයේ ප්‍රමිතිවලට අනුව හොඳ ඇඳුම්වලින් යමෙකුගේ වත්කම පෙන්වනු ලබයි. ඇතැම් අය පවසන්නේ, “මා මේ අන්දමට අඳින්නේ, පළඳින්නේ මා කවුද කියා පෙන්වීමටයි.” එනමුත්, ස්වර්ග රාජ්‍යය තුළදී සම්බන්ධතාවයන් හැර අන් සියලු දේ මැකීයනු ඇත (මතෙව් +6:19-21). අපේ පුද්ගලික අනන්‍යතාවය යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ සම්පූර්ණ වස්ත්‍රය තුළ වෙලී තිබිය යුත්තේය. + +`මෙම කරුණ පැහැදිලි කිරීම පිණිස යේසුස්වහන්සේ පැවසූ උපමා කථාව පිළිබඳව මතෙව් 22:1-14 දක්වා වන කොටසින් කියවන්න. මෙම උපමාව තුළ ඔබට දැකිය හැකි පණිවුඩ මොනවාද?` + +යේසුස්වහන්සේ, මංගල්‍ය වස්ත්‍රයක් නොමැතිව ශාලාව තුළට පැමිණි පුද්ගලයාට “යහළුව” යනුවෙන් ආමන්ත්‍රණය කළ බැවින් පෙනී යන්නේ, ඔවුන් අතර යම්කිසි සම්බන්ධතාවයක් තිබෙන්නට ඇති බවය. එම මිනිසා නිසි වස්ත්‍රය පිළිබඳව දැන සිටින්නට ඇතත්, කිසියම් හේතුවකට එය නොඇඳ උත්සවයට පැමිණෙන්නට ඔහු තීරණය කරන්නට ඇත. යේසුස්වහන්සේගේ චරිත ගුණාංග සම්පූර්ණවූද, කිසිදු කැළලක් හෝ පළුද්දක් නොමැති බැවින් උන්වහන්සේ එය උන්වහන්සේගේ සභාවට පිළිගන්වන්නේ, “දීප්තිමත්වූ පවිත්‍රවූ සිහින් වස්ත්‍රයෙන්” සැරසෙන ලෙසත් (එළිදරව් 19:8), “කැළලක් හෝ රැළි හෝ එබඳු යමක් නැතුව” සිටින ලෙසත්ය (එපීස 5:27). + +සුදු පැහැති දීප්තිමත් වස්ත්‍ර “ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන අතර, එය උන්වහන්සේගේ නොකැලැල් චරිතයද වන බැවින්, උන්වහන්සේව තමාගේ පුද්ගලික ගැළවුම්කරුවාණන් ලෙස ඇදහිල්ලෙන් පිළිගන්නාවූ සියල්ලන් හට එය දෙනු ලබනවා ඇත.” —Ellen G. White, Christ's Object Lessons, p. 310. + +ආදම් සහ ඒව පාපයට වැටීමට පෙර ඔවුන් ඇඳ සිටි වස්ත්‍ර සුදු පැහැති සිහින් මෘදුවූද සියුම් ආලෝක ධාරාවක් නික්මුනාවූද ඒවා විය; එනමුත් ඔවුන් පව්කළායින් පසුව, ඔවුන් නිර්වස්ත්‍රව සිටින බව ඔවුන්ට දැනුනි (උත්පත්ති 3:7), එබැවින් ඔවුන් අත්තික්කා කොලවලින් ඔවුන්ගේ වස්ත්‍ර සකස්කරගත්හ. ඊටපසුව දෙවියන්වහන්සේ ඔවුන්ට සත්ව සම් වලින් වස්ත්‍ර සාදා දුන්සේක. ඔවුන්ගේ වස්ත්‍ර පිළිසකර කිරීමේදී, පූජාවීමක් සිදුවිය. ඒ ආකාරයෙන්ම යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය පිළිගැනීමෙන්, අප විසින් යේසුස් වහන්සේගේ පූජා වීම පිළිගන්නෙමු. “ඔවුන් නිර්වස්ත්‍රව, ලජ්ජාවෙන් සිටි විට, ශරීරය වසාගනු පිණිස නැතිවී ගියාවූ ස්වර්ගීය වස්ත්‍ර වෙනුවට, අත්තික්කා කොළ එකට තබා ඇඳුමක් සකස්කරගත්හ... ඔවුන් විසින් නැතිකරගත් අහිංසකත්වයේ වස්ත්‍රය වෙනුවට සුදුසු ආදේශකයක් ඔවුන්ට සොයාගත නොහැකි විය. බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍ය උත්සවයේදි යේසුස්වහන්සේ සමග දේවදූතයන්ද සිටින උත්සවයට සහභාගි වනු පිණිස, අත්තික්කා කොළවලින් නිර්මාණය කළ හෝ ලෝකවාසීන් භාවිතා කරන කිසිදු වස්ත්‍රයක් ගැලපෙන්නේ නැත. අපට දෙවියන්වහන්සේ ඉදිරිපිට පෙනී සිටිය හැක්කේ, ක්‍රිස්තුස්වහන්සේ විසින්ම සකසා ඇති ආවරණයෙන් සැරසීමෙනි. මෙම ආවරණය, එනම් උන්වහන්සේගේම ධර්මිෂ්ඨකමේ වස්ත්‍රයයි, සෑම පසුතැවිලිවන්නාවූද විශ්වාස කරන්නාවූද පුද්ගලයන් හට ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ව ආවරණය කරනවා ඇත.” —Ellen G. White, Christ's Object Lessons, p. 311. + +`ආවර්ජනය කරන්න: යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රයෙන් සැරසී සිටින්නට අප දිනපතාම තෝරාගත යුත්තෙමු. මෙයින් සැබවින්ම අර්ථවත් වන්නේ කුමක්ද, එමෙන්ම අප මෙය සිදුකරන්නේ කෙසේද?` \ No newline at end of file diff --git a/src/si/2026-02/10/07.md b/src/si/2026-02/10/07.md index d77f17f0aa5..a625c2816ae 100755 --- a/src/si/2026-02/10/07.md +++ b/src/si/2026-02/10/07.md @@ -3,5 +3,24 @@ title: වැඩිදුර අධ්‍යයනය සඳහා date: 05/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +ආත්මික ස්වභාවයන් විස්තර කිරීම පිණිස, කෘෂිකාර්මික රූපක බොහෝ විට බයිබලය තුළ දකින්නට ඇත. මෙම සතිය තුළ අප ඉගෙනගත්දේ පිළිබඳව වන උදාහරණයක් හොෂෙයා 10:12හි සඳහන්ව ඇත. + +“ධර්මිෂ්ඨකම පිණිස වපුරාගෙන\ +කරුණාවේ හැටියට කපාගන්න\ +පුරන් බිම කොටාගන්න\ +ස්වාමීන්වහන්සේ ඇවිත් නුඹලාට ධර්මිෂ්ඨකම වස්සවන තුරු,\ +දැන් උන්වහන්සේ සොයන්ට කාලයය” + +අප වපුරමින්, නෙලාගනිමින්, පුරන් බිම කොටමින්, දෙවියන්වහන්සේ අප සමීපයට එන තෙක් බලා සිටිමු. පුරන් කුඹුරක් මෙන් පවතින අපේ දැඩි සිත් මතට වර්ෂාව (ශුද්ධාත්මයාණන්) පැමිණෙන පිණිස සකස්කළ යුත්තේය. භූමිය සකස්කිරීම පිණිස ආශාවක් අප තුළ ජනිත කිරීමට දෙවියන්වහන්සේට හැකිවන නමුත්, අවසානයේදී උන්වහන්සේ සමඟ වන සම්බන්ධතාවය කොටස්-කාරිත්වයක් වන බව සිහිතබාගත යුත්තකි (පිලිප්පි 2:12, 13 බලන්න). අප අපේ හිස් උන්වහන්සේ වෙතට හරවමින්, උන්වහන්සේ දෙසට යොමුවී, උන්වහන්සේ කෙරෙහි එල්බ ගනිමින් සිටිය යුත්තෙමු. එවිට උන්වහන්සේ ඉතිරි වැඩ කොටස අප තුළ සිද්ධ කරනවා ඇත. + +දෙවියන්වහන්සේ කෙරෙහි ඇලුම්ව සිටීම පිළිබඳව එක් වැදගත් උදාහරණයක් පහත සඳහන් පාඨ තුළ දකින්නට ඇත. බාල්-පෙයර් පස්සේ ගිය සියලු මනුෂ්‍යයන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා අතරෙන් විනාශකළ සේක. එහෙත්, නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ඇලුම්ව සිටි නුඹලා සියල්ලෝම අද දවසේ ජීවත්ව සිටිති” (ද්විතීය කථාව 4:3, 4). + +**සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න:** + +`“අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව” (මතෙව් 6:13). යේසුස්වහන්සේ විශේෂයෙන්ම මේ අයුරින් යාච්ඤා කරන ලෙස ගෝලයන්ට ඉගැන්වූ නමුත්, අපි අපේ දිනපතා යාච්ඤාවලදී, මෙම සිතුවිලි ධාරාව අනුගමනය කරනවාද? පරීක්ෂාවට සහ පාපයට එරෙහිව ආරක්ෂා ඉල්ලා ඔබ කොතෙක් දුරට ක්‍රමිකව යාච්ඤා කරනවාද?` + +`ධර්මිෂ්ඨකමේ සළුව නමැති ක්‍රිස්තුස්වහන්සේගේ අගනා තිළිණය පිළිබඳව ඔබ කිතුනු බැතිමතෙකු නොවන පුද්ගලයෙකුට මෙන්ම, අලුත් ඇදහිලිවන්තයෙකුට පැහැදිලි කරදෙන්නේ කෙසේද?` + +`ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ සළුව, දේව මණ්ඩපය තුළින් ගෙනෙනු ලබන පණිවුඩයට සම්බන්ධවන්නේ කුමන ආකාරයටද? (මන්දයත් එය සම්පූර්ණයෙන්ම පසුතැවිලි වන්නාවූ පව්කාරයාව දෙවියන්වහන්සේ විසින් පවිත්‍ර කිරීමට අදාල වන බැවිණි). මෙම පණිවුඩයෙහි අලංකාරය මෙන්ම සාරවත් භාවය ඔබ කොතරම් හොඳින් අවබෝධ කරගෙන තිබෙනවාද?` + +**සාරාංශය:** ශුද්ධාත්මයාණන්වහන්සේගේ පෙළඹවීම කරණකොටගෙන අපේ පාප හඳුනාගනිමින්, ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් පසුතැවිලි වීම, දෙවියන් වහන්සේ සමඟ යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීම පිණිස මග පාදවන්නකි. අපට සම්පූර්ණයෙන්ම කමාවදී, යේසුස්වහන්සේගේ ධර්මිෂ්ඨකමේ සළුවෙන් ආවරණය කර ඇති බව දැනගැනීම, ඕනෑම මනුෂ්‍යයෙකු තුළ වෙනසක් ඇති කරන්නාවූ අත්දැකීමකි. අපේ පාපවල බර සැහැල්ලු වූවාසේ අපට දැනෙනවා පමණක් නොව, දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපව වට කරගනිමින්, අපව උන්වහන්සේ වෙතට ආකර්ශනය කොට ඇති බවක්ද අපට දැනෙනු ඇත. මෙයින්, අප හා දෙවියන්වහන්සේ අතර විශාල බැඳීමක් ඇතිවේ. අප අධ්‍යාත්මිකව ශක්තිමත් වේ, තවද අපේ ජීවිතයේ සෑම අංශු මූලයකින්ම උන්වහන්සේට ප්‍රේම කරනු පිණිස අප තුළ දැඩි උවමනාවක් ජනිත වනු ඇත. \ No newline at end of file diff --git a/src/si/2026-02/11/01.md b/src/si/2026-02/11/01.md index 3914e540d27..208025ee7f0 100755 --- a/src/si/2026-02/11/01.md +++ b/src/si/2026-02/11/01.md @@ -3,5 +3,20 @@ title: පසුබෑම් date: 06/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +### මේ සතියේ පාඩමේ අධ්‍යයනය සඳහා කියවන්න +මාර්ක් 4:35-41; මාර්ක් 5:21-34; රෝම 5:3-5; යෝබ් 19:23-27; යෝබ් 23:8-12; ලූක් 24:13-27; රෝම 8:18, 28 . + +>

කටපාඩම් පදය

+> “එපමණකුත් නොව, පීඩා විඳීමෙන් ඉවසිල්ලද, ඉවසිල්ලෙන් සහතිකකමද සහතිකකමෙන් බලාපොරොත්තුවීමද උපදින බව දැන, අප විඳින පීඩාවලදීත් ප්‍රීතිමත්වෙමු. බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.” (රෝම 5:3-5). + +එක් සැන්දෑවක, ඈත ක්ෂිතිජයෙහි හිරු ගිලෙමින් පැවැති විට, අඳුරු වලාකුළක් මෙන් කුණාටුවක් හමන්නට වූයෙන් තම නිවෙස කරා යන්න තරමක දුරක් යායුතු බව දත් එම තරුණිය තම පියවර ඉක්මන් කළාය. තනි වැහි බිංදුවක් ඇගේ කම්මුල මත වැටුණි. ඊටපසුව තව එකක්ද බැගින්, වැඩිවේලාවක් යන්නට මත්තෙන් ඇය සම්පූර්ණයෙන්ම තෙත බරිත වූවාය. එවිට ඇය තම නිවසේ ඉදිරිපස දොරටුව කරා දිවයමින් සිටි විට, ඇගේ පියාද ක්ෂණිකව ඈ හමුවට පැමිණියේය. ඇය පැමිණෙන අයුරු ඔහු නිවසේ ඉදිරිපස තිබූ ජනේලයෙන් දුටුවේය. ඔහු ඇගේ උර වටා පොරෝනයක් ඔතන අතරතුර විමසා සිටියේ, “මම + +ඔයාව දැක්කේ මේ දැනුයි, වර්ෂාව මැද්දේ එනවා. ඔබ දුවගෙන එන අතරේ විදුලි කෙටූ සෑම අවස්ථාවකදීම, මදක් නතරවී අහස දෙස බලා සිනාසුනේ ඇයි?” + +“අනේ මම උඩ බලන් නැවතුනේ, දෙවියන්වහන්සේ මගේ පිංතූර ගත් නිසා”යයි ඇය පැවසුවාය. + +අපේ ජීවිත තුළට කුණාටු හමා එනවිට හෝ දෙවියන්වහන්සේ සමග අප පවත්වාගෙන යන සම්බන්ධතාවල යම්කිසි පසුබෑමක් ඇතිවූ විට අප විසින් දක්වනු ලබන ප්‍රතිචාරය කුමන ආකාරයේ එකක්ද? අපේ පිට මතට වැසි බිංදු කඩා හැලෙද්දි, අපේ හිස පහත් කරගනිමින් සිටිනවාද නැතහොත් අහස දෙස බලමින්, උන්වහන්සේ වෙතට අපේ මුහුණ යොමු කළ විට, දෙවියන්වහන්සේ අප උදෙසා සිටින බව විශ්වාස කරනවාද? + +ජීවිතය අභියෝගයට ලක්වූ විට, ඇතැමුන් ප්‍රතිචාර දක්වන අන්දම පිළිබඳව මෙම සතිය තුළ හදාරමු. ජීවිතයේ පසුබෑම් ඇතිවන අවස්ථාවලදී දුර්වල නොවී, අපේ වැදගත්ම සබඳතාවය ශක්තිමත් කරන්නේ කෙසේදැයි සොයා බලමු. + +ජුනි 13 වන සබත් දිනට යෙදී ඇති සබතට සූදානම් වීම පිණිස මෙම සතියේ පාඩම අධ්‍යයනය කරන්න. \ No newline at end of file diff --git a/src/si/2026-02/11/02.md b/src/si/2026-02/11/02.md index 8a1083a17a9..e7ababbf637 100755 --- a/src/si/2026-02/11/02.md +++ b/src/si/2026-02/11/02.md @@ -1,7 +1,23 @@ --- -title: පාඩම +title: ජීවිතයේ කුණාටු date: 07/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +ගලීලයේ මුහුදු වෙරළේ සිට යේසුස්වහන්සේ, විශාල ජන සමූහයකට කථා කරමින් දවස ගෙවා තිබුණි. යේසුස්වහන්සේගේ මෙම වචන බොහෝ කලක් මුළුල්ලේ මෙන්ම, සදාකාලය දක්වා මිනිසුන්ගේ සිත් තුළ දෝංකාරය වන්නට විය. + +හිරු බැසයද්දී යේසුස්වහන්සේ උන්වහන්සේගේ ගෝලයන්ට කථාකොට, උන්වහන්සේ සමඟ ගමනක් යාමට එන ලෙස ආරාධනා කළසේක. “අපි එගොඩට යමු” (මාර්ක් 4:35). කුණාටුවක් පැමිණෙන බව යේසුස්වහන්සේ දැන සිටි නමුත්, ඔවුන්ට පිටත්ව යන ලෙස යෝජනා කළසෙක්. උන්වහන්සේගේ සමීපතම අනුගාමිකයන්ට කියාදීම පිණිස ඉතා වැදගත් පාඩමක් උන්වහන්සේ සතු විය. + +ඊට පසුව සිදුවූයේ කුමක්දැයි බොහෝ විට ඔබ දන්නවා විය හැක. + +`මාර්ක් 4:35-41 දක්වා වන කොටසෙහි කුණාටුව පිළිබඳව වන කොටස කියවන්න. මෙම පාඨ තුළින් ඇදහිල්ල පිළිබඳව ඔබට කුමන පාඩමක් උගත හැකිද?` + +මෙම කරුණු කෙරෙහි අවධානය යොමුකරන්න: + +1. ඇතැම් විට එම ඔරුවේ තිබූ එකම කොට්ටය මත යේසුස්වහන්සේ නින්දට වැටෙන්නට ඇත. සාමාන්‍යයෙන්, එවකට තිබූ ධීවර යාත්‍රාවල, යාත්‍රාව පදවන්නා සිටි යාත්‍රාවේ අවරට වන්නට කොට්ටයක් තබා තිබුණි. ඔරුවේ අවරෙහි සිටි තැනැත්තා නිසි දිශානතිය කරා ඔරුව මෙහෙය විය. මෙහිදී යේසුස්වහන්සේ ඔරුවේ “ධාවකයාව” සිටියදී සුක්කානම මතදීම උන්වහන්සේට නින්ද ගියේය. +2. මෙහි සිටි ගෝලයන් සැවොම පාහේ ජලතරණයේ නවකයෝ නොවූහ. පේත්‍රැස්, යාකොබ් සහ යොහක් අත්දැකීම් බහුල ධීවරයෝ වූහ. ඔවුන්ට ගළීලයේ මුහුද පිළිබඳව මනා අවබෝධයක් තිබූවා සේම, කුණාටුවකදී යාත්‍රාවක් කෙසේ හසුරවියයුතුදැයි ඔවුන් ඉතා හොඳින් දැන සිටින්නට ඇත. +3. යේසුස්වහන්සේ නිදාසිටීම පිළිබඳව සඳහන් වන එකම වාර්තාව මෙයයි. ඔවුන්ගේ ජීවිතයේ අතිශයින් නරක අවස්ථාවක, ගෝලයන් භයින් බිරන්තවී මරණය කොයි මොහොතේ ළඟාවේදෝයි සිටි විටෙක, යේසුස්වහන්සේ ඔරුවේ අවරටවී නිදා හුන්සේක. +4. ගෝලයන්ගේ අර්බුදකාරී අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ, “ආචාරිනී, අප විනාශවන බව ඔබ සලකන්නේ නැද්ද?” යනුවෙන් ප්‍රශ්න කළේ උන්වහන්සේගේ චරිතය මෙන්ම, ඔවුන් උදෙසාවූ උන්වහන්සේගේ ප්‍රේමයයි. බොහෝවිට, අපද දුෂ්කර අවස්ථාවලට මුහුණ පෑ විට, ප්‍රතිචාරය දක්වන්නේ මේ ආකාරයෙන්ය. + +ඇතැම්විට අපද බලාපොරොත්තු සුන්වී සිටින අවස්ථාවලදී අපව ගළවා ගැනීමට ප්‍රයත්න කරන්නේ මේ අයුරින්ම විය හැක (ගෝලයින් මෙන්) එමෙන්ම ඇතැම් අවස්ථාවලදී වේදනාව සහ වියෝව අත්විඳින විට දෙවියන්වහන්සේ අපට දක්වන ප්‍රේමය පිළිබඳව සැක හෝ ප්‍රශ්න මතුකරන්නට පුළුවන. බොහෝ විට අප විසින් උපකල්පනය කරන්නේ, දෙවියන්වහන්සේ ක්‍රියාකළ යුත්තේ මනුෂ්‍යයන් ලෙස අප සිතන හා දකින ආකාරයෙන් කියාය. එනමුත්, ගෝලයන් සමග කටයුතු කළා මෙන්ම, දෙවියන්වහන්සේට අප උදෙසා මහත් ප්‍රාතිහාර්යය කළ හැකිවන්නේ, අප ජීවිතයේ කුණාටුවලට මුහුණ පා සිටින විටදීය. ඇතැම් විට දෙවියන්වහන්සේ අපේ ගැටළු වලදී සක්‍රීයව කටයුතු නොකරන්නාසේ අපට පෙනී ගියත්, තවත් විටෙක උන්වහන්සේ කරන දේවල අර්ථවත් භාවයක් අපට නොපෙනුනත්, දෙවියන්වහන්සේ නිතර විශ්වාසවන්තව සිටිනසේක. අප කුණාටුවට හසුවී සිටින විට උන්වහන්සේ අප සමග කුණාටුව තුළ සිටිමින්, අපට නිශ්චල කළ නොහැකි කුණාටුව උන්වහන්සේ සන්සුන් කරනසේක. + +`ඔබේ ජීවිතය තුළ ඔබ විසින් කුණාටුවකට මුහුණ පෑ විට, ඒ සඳහා වන ඔබේ සාමාන්‍ය ප්‍රතිචාරය කුමක්ද? එවැනි අවස්ථා, දෙවියන්වහන්සේ සමග ඇති සම්බන්ධතාවයන් සමග බලපානු ලබන්නේ කුමන ආකාරයටද? 2 කොරින්ති 5:7හි දැක්වෙන ආකාරයට ඔබ ජීවත්ව ඇත්තේ කවදාද?` \ No newline at end of file diff --git a/src/si/2026-02/11/03.md b/src/si/2026-02/11/03.md index 534a57e6a90..4348dffe424 100755 --- a/src/si/2026-02/11/03.md +++ b/src/si/2026-02/11/03.md @@ -1,7 +1,18 @@ --- -title: පාඩම +title: සුවපත් වේවා date: 08/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +ගලීලයේ මුහුදු වෙරළේ රැස්කමින් සිටි ජන සමූහයා පිළිබඳව සිතා බලන්න. හිමිදිරියේ සිට ඔවුන් යේසුස්වහන්සේගේ පැමිණීම අපේක්ෂාවෙන් එහි රැඳී සිටි අතර, උන්වහන්සේ ඔරුවෙන් ගොඩට බසිනවාත් සමගම ඔවුහු උන්වහන්සේ අසල තෙරපෙමින් කර්ණවුමන නම් ගම දක්වා පසුපස ගියහ. එක්විටම සිනගෝගයේ පාලකයෙකු වූ යායිරස් නැමැත්තා යේසුස්වහන්සේ ඉදිරියට විත්, ඔහුගේ දියණියව සුවපත් කරන ලෙස ඉල්ලා සිටිමින් බැගෑපත් වූවේය. + +එම සෙනඟ අතර සිටි එක් කාන්තාවක් අසනීප තත්ත්වයෙන් දිගු කලක් පීඩා විඳි තැනැත්තියකි. ඇය, ඇය සතුවූ මුදල් සියල්ල පාහේ වෛද්‍යවරුන් උදෙසා වැයකොට තිබුණත්, “කිසි පලක් නොලැබ වඩා අමාරුවට පැමිණ සිටියාය” (මාර්ක් 5:26). ඇය මෙම උතුම් ගලීලයේ මනුෂ්‍යයා පිළිබඳව අසා තිබූ බැවින්, හදවතේ ගොනුකරගත් බලාපොරොත්තුවක් ඇතුව, නිවසින් පිටත්ව සිතට ධෛර්යය ගෙන ඒ මහා ජන සමූහයට එක්වූවාය. ඇය යේසුස්වහන්සේ වෙතට ලංවීමට ගත් උත්සාහයේදී, මිනිසුන්ගේ දැඩි තෙරපීම හේතුවෙන් හුස්ම හිරවෙන ස්වභාවයක් ඇයට දැනුණි. එවිට, ඔබ මොබ තල්ලුකිරීම් මැද ඇයට උන්වහන්සේව දකින්නට ලැබුණි. “ඇය විසින් ඈවම දිරිගන්වාගනිමින්, උන්වහන්සේගේ වස්ත්‍රවලට පමණවත් අතගැසුවොත් මට සුවය ලැබේ” යයි කීවාය (මාර්ක් 5:28). + +`මාර්ක් 5:21-34 කියවන්න. සිදුවූයේ කුමක්ද සහ අපට ඉන් ගත හැකි පාඩම කුමක්ද?` + +මෙම සිද්ධිය තුළින්, යේසුස්වහන්සේ මිනිසුන් කෙරෙහි දක්වන සැලකිල්ල මෙන්ම රෝගීන් කෙරෙහි උන්වහන්සේගේ දයානුකම්පාවද, ජන සමූහයන් තුළ හුදකලාවී සිටින්නන් කෙරෙහි උන්වහන්සේ මහත් ලෙංගතුකමකින් ක්‍රියාකරන බවත් පනේනුම් කොට ඇත. ඒ දවසේ බොහෝ අය යේසුස්වහ්නසේගේ ශරීරයේ ගෑවෙමින්, සෙනඟ අතරේ තල්ලුවෙමින් ඇදී ගිය නමුත්, උන්වහන්සේව ස්පර්ශ කොඨ, උන්වහ්නසේගෙන් අවශ්‍ය ආශිර්වාද ලබාගැනීම පිණිස තදබල උවමනාවක් තිබුණේ එක් කාන්තාවකට පමණක්ය. එනමුත්, ඇයට සුවය ලැබුණේ එම ස්පර්ශය නොව, ඇයව සුවපත් කළේ ඈ තුළ වූ ඇදහිල්ලයි (මාර්ක් 5:34). “ගැළවුම්කාරයාණන් වහන්සේට නොසැලකිලිමත් සමූහයාගේ සාමාන්‍ය ස්පර්ශයෙන් වෙන්වූ ඇදහිල්ලේ ස්පර්ශය හඳුනාගත හැකි විය” —Ellen G. White, The Desire of Ages, p. 344. (යුගයන්ගේ ආශාව, 1 වන කොටස 36 පරිච්ඡේදය 359 පිටුව). යේසුස්වහන්සේගේ වස්ත්‍ර තුළ විශේෂ බලයක් නොවීය. එම ස්ත්‍රියගේ ඇදහිල්ල මෙන්ම, අත දිගුකොට උන්වහන්සේව අල්ලා ගැනීම පිණිස ගත් තීරණය හේතුවෙන් ඇය සුවපත් වූවාය. + +දැඩි ලෙස පීඩාවට පත්ව, මහත් වේදනාවක් විඳිමින් සිටි එම දුර්වල ස්ත්‍රියට, එදින උදෑසන තම යහනට වී සිටීමට ඕනෑතරම් ඉඩ ප්‍රස්ථාව තිබූ නමුත්, ඇය මහත් ඕනෑකමින් යේසුස්වහන්සේව හමුවී සුවය ලබන්නට අධිෂ්ඨාන කරගෙන සිටියාය. උන්වහන්සේව දුරින් සිට දැක බලාගැනීම ඇයට ප්‍රමාණවත් නොවුන බැවින්, ඇය උන්වහන්සේ වෙතට ලංවූවාය. + +අපටද ඒ අයුරින්ම කටයුතු කරන ලෙස යේසුස්වහන්සේ අද දවසේ අපව කැඳවන සේක. උන්වහන්සේ පවසා සිටින්නේ, “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය” (මතෙව් 11:28, 29). + +`මෙවැනි විශාල අවශ්‍යතාවයක් තිබූ මෙම ස්ත්‍රිය රෝම 5:3-5 වන කොටසෙහි ඇති අදහස් ප්‍රකාශ කළේ කෙසේද? මෙය ඔබේ ජීවිතයට අදාළ විය හැක්කේ කුමන ආකාරයෙන්ද?` \ No newline at end of file diff --git a/src/si/2026-02/11/04.md b/src/si/2026-02/11/04.md index deb6b94c806..61f2bc21777 100755 --- a/src/si/2026-02/11/04.md +++ b/src/si/2026-02/11/04.md @@ -1,7 +1,16 @@ --- -title: පාඩම +title: යෝබ් date: 09/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +බයිබලයේ සඳහන් පසුබෑමට ලක්වූ පුද්ගලයන් පිළිබඳව කල්පනා කරන විට, යෝබ්ගේ නම මුලට පැමිණිය හැක. ඔහුගේ සියලු වස්තුව ඔහුට අහිමි වූවා (යෝබ් 1:14-17) පමණක් නොව ඔහුට ඔහුගේ සියලු දරුවන්ද නැතුව ගියේය (යෝබ් 1:18, 19). ඊට පසුව ඔහුගේ සෞඛ්‍යයද අහිමි විය (යෝබ් 2:7). ඉන්පසුව, ඔහුගේ බිරිඳ, දෙවියන්වහන්සේට ශාප කොට මිය යන ලෙස ඔහුව පෙළඹවීමට උත්සාහ කළාය (යෝබ් 2:9). + +ටික කලකට පසුව යෝබ් හමුවීමට මිතුරන් තුන්දෙනෙක් පැමිණියහ. ඔවුහු යෝබ්ව දැකීමෙන් මහත් කම්පනයකට පත්ව දින හතක් මුළුල්ලේ කිසි කථාවක් නොමැතිව තුෂ්ණිම්භූතව බිම වාඩිවී සිටියහ (යෝබ් 2:13). අවසානයේදී ඔවුන් කථා කළ විට යෝබ්ගේ පීඩාවලට මනුෂ්‍යයන් දක්වන සාමාන්‍ය හේතු ගෙන හැර පෑ අතර, ඉන් සිදුවූයේ අචේතනිකවම ඔවුන් යෝබ්ගේ පීඩා සහ වේදනා තව තවත් වැඩිවීමට සැලැස්වීමයි. එම මිතුරන් කෙතරම් දුර දිගට ගියා දැයි පවසතහොත්, යෝබ්ගේ ජීවිතය තුළ රහස් පාප ඇති බවත් ඒවා පාපොච්චාරණය කරන ලෙස පවසා සිටියහ (යෝබ් 8:11, 15). ඉන් නොනැවතී ඔවුන් පැවසුවේ, “සැබවින් අධර්මිෂ්ඨයන්ගේ වාසස්ථානය මෙසේය, දෙවියන්වහන්සේ නාඳුනන්නාගේ ඉඩමද මෙයාකාරයයි” (යෝබ් 18:21). + +`යෝබ් ඊට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද? යෝබ් 19:23-27 සහ යෝබ් 23:8-12 කියවන්න.` + +ඔහු වටා කොපමණ ශෝකජනක සිද්ධි ගොඩ ගැහුනත්, එම දේවල් ඔහුට අවබෝධ නොවූවත්, යෝබ් විශ්වාසවන්තව සිටියේය. ඔහු සැලුනේ නැත. ඔහු දෙවියන්වහන්සේට චෝදනා කළේවත්, උන්වහන්සේට ශාප කළේවත් නැත. දෙවියන්වහන්සේට දොස් නැගීමට ඔහු පරීක්ෂාවට ලක්වූ විට ඔහු ප්‍රකාශ කළේ: “නග්නව මාගේ මවු කුසින් ආවෙමි, එසේම නග්නව හැරී යන්නෙමි. ස්වාමීන්වහන්සේ දුන්සේක, ස්වාමීන්වහන්සේ ගත්සේක; ස්වාමීන්වහන්සේගේ නාමයට ප්‍රශංසාවේවා“ (යෝබ් 1:21). + +අපද ජීවත්වන්නේ මෙමම සටන මැදය. සාතන් විසින්, අප සාධාරණ ප්‍රේමණීය දෙවියන්වහන්සේ පිළිබඳව දරන්නාවූ චිත්‍රය බොඳ කරන්ටත් එමෙන්ම විකෘතියට පත් කරන්නටත්, සාතන් අප මතට වේදනාව, දුක් විඳීම, වියෝව සහ නොයෙක් දුෂ්කරතා ගෙනෙමින් සෑම ප්‍රයත්නයක්ම දරනු ඇත. එවැනි අවස්ථාවලදී අපට ප්‍රතිචාර දැක්විය හැකි ක්‍රම එකක් හෝ දෙකක් ඇත. එනම්: දෙවියන්වහන්සේට දොස් නඟා උන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීම හෝ අපේ මුළු ශක්තියෙන්, සියලු වෙර යොදා උන්වහන්සේව අල්ලාගෙන සිටීමයි. අප අවට සටන ඇවිලී ගියත්, අප විසින් මතකයෙහි තබාගත යුත්තේ, සදාකාලය දෙස බලන විට මෙම මොහොතේ ඇතිවන කරදර අතිශයින් තාවකාලික ඒවා වන බවයි (2 කොරින්ති 4:16-18). චිත්‍රය තුළ අප දකින දේවලට වඩා නොදකින්නාවූ දේවල් බොහොමයක් පවතින බැවින්, ඇදහිලිවන්තයාට ඇති විශාල අභියෝගයක් වන්නේ, ඉතා අඳුරු අවස්ථාවලදී පවා දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසවන්තව සිටීමයි. දෙවියන්වහන්සේ නොයෙක් ආකාරයෙන් අප උදෙසා වන උන්වහන්සේගේ ප්‍රේමයේ යථාර්ථය පෙන්නුම් කර ඇත. මෙම තීරණාත්මක සත්‍යය අප විසින් තදින් අල්ලාගෙන සිටිය යුත්තෙමු. එනම්: මෙම අවස්ථාවේදී අපට නිසි පරිදි අවබෝධ නොවන නමුත්, දෙවියන්වහන්සේ නම් ප්‍රේමය වන බවය. + +`ඔබ මෙම අවස්ථාවේදී අති දුෂ්කර අවස්ථාවකට මුහුණ පාමින් සිටින්නේ නම්, ක්ෂණිකවම දෙවියන්වහන්සේ වෙතට දුව යන්න. ඔබේ බයිබලය සමග සටහන් පොතකුත් ගෙන ස්වභාව ධර්මය සමග ගැවසෙමින් දෙවියන්වහන්සේ සමග සිටින්න. රෝම 5:3-5 දක්වා වන කොටස් පිටපත් කර ගනිමින්, ඔබේ ජීවිතය තුළ දෙවියන් වහන්සේගේ ප්‍රේමය සහ උන්වහන්සේ ඔබට සලකන්නාවූ ආකාරය ඉතා විශ්වාසනීය මෙන්ම ස්ථාවර මාර්ගය වන බව කල්පනා කරමින්, මෙම පාඨ තුළ ඇති විවිධ අංග කෙරෙහි ආවර්ජනය කරන්න.` \ No newline at end of file diff --git a/src/si/2026-02/11/05.md b/src/si/2026-02/11/05.md index a0a16b21c3a..f86f0b5f35a 100755 --- a/src/si/2026-02/11/05.md +++ b/src/si/2026-02/11/05.md @@ -1,7 +1,16 @@ --- -title: පාඩම +title: එම්මාවුස් කරා වන මාර්ගය date: 10/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +එම සති කිහිපය ගෝලයින් දෙදෙනෙකුට අතිශයින් කාර්යශීලී කාල පරිච්ඡේදයක් වූයෙන් එම කාලය තුළ කළ කීදේ මෙන්ම ඔවුහු අත්දුටු ඇතැම් සිද්ධි පිළිබඳව ආවර්ජනා කරන්නට වූහ. යෙරුසලම නගරයට ජයාන්විත ලෙස ඇතුල්වීම සහ දේවමාළිගය පවිත්‍ර කිරීම, උඩුමහලෙහි පාස්කුව, ගෙත්සෙමනෙහි වූ යේසුස්වහන්සේගේ යාච්ඤාව, යුදාස්ගේ පිළිකුල් සහගත පාවාදීම, විනිශ්චය, සමච්චල් කිරීම, පහරදීම. එදා පස්වරුවේ අහස අඳුරු බවට හැරෙන්නට පෙර තුවාල වූ යේසුස්වහන්සේගේ සිරුර කුරුසිය මත එල්ලෙමින් තිබියදී අවසන් හුස්ම පොද යන්නට මත්තෙන් උන්වහන්සේ වදාල වචන, දේව මාළිගයේ තිරය මහත් ශබ්දයකින් ඉරී යාම, ධර්මිෂ්ඨයන්ගේ සොහොන් විවරවීම, යේසුස්වහන්සේගේ සිරුර ප්‍රවේසමෙන් කුරුසියෙන් බිමට ගෙන සබත ආරම්භ වීමට පෙර සිරුර සොහොන් ගෙය තුළ තැන්පත් කිරීම. ඉන් අනතුරුව ගෝලයන්ගේ සිත් තුළ හටගැනුණු ව්‍යාකූලත්වය සහ ප්‍රශ්න. අපට මේ කාරණා මෙපමණ දුරට වැරදුනේ කෙසේද? + +යේසුස්වහන්සේගේ ගෝලයෝ කලකිරීමටද, අධෛර්යයටද මෙන්ම ව්‍යාකූල ස්වභාවයකට පත්ව සිටියහ. මෙය ඔවුන්ගේ ජීවිතය තුළ අත්දුටු විශාල පසුබෑමක් විය. ඔවුන් නුදුටු කරුණ වන්නේ මෙම සිද්ධි දාමය ලෝකයේ මින් පෙර කිසිදා නොවූ කථාවක් ආරම්භ වන මොහොත බවය. ඔවුන් එම්මාවුස් නම් ප්‍රදේශය කරා ගමන් ගත් අතර තුර, යේසුස්වහන්සේ පැමිණ ඔවුන් සමග ගමන් කළ සේක. + +`ලූක් 24:13-27 දක්වා වන කොටසෙහි සඳහන්ව ඇති සංවාදය කෙරෙහි අවධානය යොමු කරමින්, ඔවුන් දැරූ අදහස් දෙස බලන්න. එනම්: අනුගාමිකයන් දෙදෙනා සහ යේසුස්වහන්සේ` + +එම අනුගාමිකයන් දෙදෙනාගේ ඇස් අරුණ විට, ඔවුන් මාර්ගයේ ගමන් කරන අතර තුර ලැබූ අත්දැකීම බෙදාගනු පිණිස යෙරුසලම කරා වේගයෙන් ගමන් කළහ (ලූක් 24:23-35). යේසුස්වහන්සේ පැමිණ ඔවුන් අතර සිටගත් විට ඔවුහු බියට පත්වූහ. උන්වහන්සේ ඔවුන් වෙත යොමු කළ ප්‍රශ්න දෙස අවධානය යොමුකරන්න: “නුඹලා කැළඹෙන්නේ මක්නිසාද? නුඹලාගේ සිත්වල ශංකා හටගන්නේ මක්නිසාද?” (ලූක් 24:38 ). + +වර්තමානයේ ජීවත්වන අපටද යේසුස්වහන්සේගේ පණිවුඩය මෙය වේ. අපේ මිටියාවතේ, අප සමග උන්වහන්සේ ගමන් කරන බව බොහෝ විට අපට අමතක වේ. බොහෝ අවස්ථාවලදී අප උන්වහන්සේව හඳුනා නොගන්නෙමු. බොහෝ විට කථාවට තවත් අංග ඇති බව අප විසින් අමතක කර දමන්නෙමු. බොහෝ විට අපේ සිත් කලබලකාරී ස්වභාවයකට පත් වීමට ඉඩහරිමින් සැක සිත් තුළට ඇතුලත් කර ගනිමින්, යේසුස්වහන්සේ අපේ ජීවිත සුරක්ෂිත ලෙස උන්වහන්සේගේ දෝත් තුළ තබාගන්නා බව අමතක කරන්නෙමු. තවද, අපේ ජීවිත තුළ සිදුවන දේ පිළිබඳව යේසුස්වහන්සේටත් වඩා හොඳින් අප දන්නා බව බොහෝ විට අපි සිතා සිටින්නෙමු (ලූක් 24:18). + +`කිතුනුවන් ජීවිතයේ අභියෝග සහ පසුබෑම්වලට මුහුණ දුන්විට ක්‍රියා කළ යුතු අන්දම පිළිබඳව උපදෙස් බයිබලය තුළ අන්තර්ගතවේ. පහත දැක්වෙන පාඨ හදාරනු පිණිස කාලය යාමුකරන්න. රෝම 8:28; පිලිප්පි 4:4-13; යාකොබ් 1:2-4, 12 සහ 2 කොරින්ති 12:9, 10. මෙම පාඩමේ අධ්‍යයනයේ එක් කොටසක් ලෙස, මේ මොහොතේ පසුබෑමකට ලක්වී සිටින තැනැත්තෙකු සමග බෙදා ගනු පිණිස වැදගත් පණිවුඩ තුනක් ලියන්න. මෙය ලියන විට 2 කොරින්ති 1:4 ඔබේ මනසෙහි තබාගන්න.` \ No newline at end of file diff --git a/src/si/2026-02/11/06.md b/src/si/2026-02/11/06.md index 2bbd156965f..5372247ea2e 100755 --- a/src/si/2026-02/11/06.md +++ b/src/si/2026-02/11/06.md @@ -1,7 +1,20 @@ --- -title: පාඩම +title: යේසුස්වහන්සේව දකින්න date: 11/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +ඔබ අධෛර්යයට පත්ව සිටින විට, යේසුස්වහන්සේව මට දකින්නට ඇත්නම් වැනි සිතුවිල්ලක් කවදා හෝ ඔබට ඇතිවී තිබෙනවාද? මෙම සිහිනය තුළ ඔබ සිටිනවා යයි උපකල්පනය කරන්න. + +“මම දෝතින් මගේ මුහුණ වසාගෙන, උග්‍ර ලෙස බලාපොරොත්තු සුන්වූ තත්ත්වයකට පත්ව ඇති අවස්ථාවක සිටි විට මේ ආකාරයෙන් ආවර්ජනයක යෙදෙන්ට වීමි: යේසුස්වහන්සේ මේ ලෝකයේ සිටියා නම්, මම දුව ගොස් උන්වහන්සේගේ දෙපා ලඟ වැටී, මාගේ දුක් ගැනවිල්ල උන්වහන්සේට පවසනවා. උන්වහන්සේ එවිට මාව ආපසු හරවා නොයනවා ඇත. උන්වහන්සේ මට කරුණාව දක්වාවි. එවිට මා විසින් සැමදා උන්වහන්සේට ප්‍රේම කරමින් සේවය කළ යුතුයි. ඒ මොහොතේම දොරක් ඇරී, අතිශයින් ලස්සන කෙනෙක් එතැනට ආවා. ඔහු මා ගැන අනුකම්පා කර මෙසේ පැවසුවා: “යේසුස්වහන්සේව දකින්නට ඔබ කැමතිද? උන්වහන්සේ මෙහි ඉන්නවා, ඔබ කැමති නම් ඔබට උන්වහන්සේව දකින්නට පුළුවනි. ඔයාගේ අතේ තියෙන සියලු දේ අරගෙන මා සමග එන්න.” + +මට මේ දෙය ඇසුන විට, කියාගන්න බැරි තරම් සතුටක් මගේ හිතේ ඇතිවුනා, ඊට පස්සේ මම මා සතුවූ අරුමෝසම් බඩු සියල්ල එකතුකරගෙන, මග පෙන්වන්නා පසුපස ගියා. ඊට පසු මාව බොහොම ගැඹුරු ඒවගේම දිරාගිය පෙනුමක් තිබුණ පඩිපෙලක් වෙතට ගෙන ගියා. මම පඩිපෙලට ගොඩවෙත්ම, ඔහු මට අවවාද කළා. ඔබ ඉහළ බලාගෙන යන්න. එසේ නොකළහොත් ක්ලාන්තය ඇතිවී වැටෙන්න පුළුවන් කියලා. එම පඩිපෙල නගිමින් සිටි තවත් බොහෝ අය එම තට්ටුවේ ඉහළට යන්න මත්තෙන් බිම ඇද වැටුනා. + +“අවසානයේ අපි අවසාන පියගැට පෙළ දක්වා ඇවිත් දොර ඉදිරියේ හිටගෙන සිටියා. මෙහිදී මාගේ මගපෙන්වන්නා මට කියා සිටියේ මා විසින් මෙතෙක් ගෙනෙනු ලැබූ සියල්ල පැත්තකින් තබන ලෙසයි. මා ඉතා සතුටින් ඒ සියල්ල බිම තැබුවා. ඊට පසුව ඔහු දොර විවෘත කර මට ඇතුලට එන්න කියා ආරාධනා කළා. එක මොහොතකින් මම යේසුස්වහන්සේ ඉදිරියේ පෙනී සිටියා. උන්වහන්සේගේ අලංකාර රූප ස්වභාවය ගැන කිසිදු විවාදයක් නැත. එවැනි, කරුණාවේ තේජසක් හෝ රාජශ්‍රීයක් වෙන කිසිවෙකු සතු විය නොහැක. උන්වහන්සේගේ බැල්ම මා වෙතට යොමුවූ මොහොතේම, මට හැඟී ගියේ මාගේ ජීවිතයට අදාළ සෑම දෙයක්ම උන්වහන්සේ හොඳින් දන්නා බවත්, මාගේ සියළු අභ්‍යන්තර සිතුවිලි මෙන්ම මාගේ හැඟීම් පිළිබඳව උන්වහන්සේට හොඳ අවබෝධයක් තිබෙන බවය. + +උන්වහන්සේගේ බැල්ම දරාගැනීමේ ශක්තියක් මා තුළ තවදුරටත් නොවූයෙන්, එම බැල්ම ආවරණය වන්නට මා උත්සාහ කළ විට, උන්වහන්සේ සිනාසෙමින් මා ළඟට පැවසුවේ: “බය නොවන්න” යනුවෙන්. උන්වහන්සේගේ මිහිරි හඬින් මින් පෙර කිසිදාක නොවූ පරිදි මාගේ සිත ප්‍රීතියෙන් ප්‍රමෝදයට පත් විය. වචනයක් හෝ කියාගත නොහැකිව මා ප්‍රීතියෙන් සිටි අතර, ඉන් පසුව උන්වහන්සේ ඉදිරියේ මුණින් වැතිර සිටි විට විශාල තේජසකින් බබලන අයුරු දුටුවිට, ස්වර්ග රාජ්‍යයේ සමාදානය මෙන්ම ආරක්ෂාව කරා මා පැමිණ ඇති බව අවබෝධ රගතිමි. ඉන් පසු මට මාගේ ශක්තිය නැවත ලැබුන හෙයින්, මා නැඟී සිටියෙමි. යේසුස්වහන්සේගේ ප්‍රේමනීය නෙත් තවමත් මා වෙත යොමුව තිබූ අතර, උන්වහන්සේගේ සිනහව මාගේ ආත්මය සතුටින් පූර්ණ කළේය. උන්වහන්සේ මා සමීපයේ සිටි බැවින් මා තුළ වූ ශුද්ධ ගෞරවයක් මෙන්ම වචනයෙන් විස්තර කළ නොහැකි ප්‍රේමයක් ඇති විය. + +“මෙම සිහිනය තුළින් මට බලාපොරොත්තුව ... (සහ) ඇදහිල්ල ... ඇති වුණා. තවද දෙවියන්වහන්සේව විශ්වාස කිරීම හේතුවෙන් කිසිදු වරප්‍රසාදයකට හිමිකම් කිව නොහැකිව සිටි මා හට ආත්මයේ අලංකාරත්වය මෙන් ජීවිතයේ සරල බව හිමිවූවා.” + +ජීවිතයේ පසුබෑම් අතරතුර, අප විසින් යේසුස්වහන්සේ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් උන්වහන්සේ අප උදෙසා වන දේව ප්‍රේමය අපට එළිදරව් කරනු ඇත. + +`රෝම 8:18, 28 යන පාඨ තුළින් ඔබට මේ මොහොතේ ලබාගත හැකි බලාපොරොත්තුව කුමක්ද?` \ No newline at end of file diff --git a/src/si/2026-02/11/07.md b/src/si/2026-02/11/07.md index 50288ddce90..92f34788152 100755 --- a/src/si/2026-02/11/07.md +++ b/src/si/2026-02/11/07.md @@ -3,5 +3,22 @@ title: වැඩිදුර අධ්‍යයනය සඳහා date: 12/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +අප, ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන විට, දෙවියන්වහන්සේව දැඩිව අල්ලාගෙන සිටීම අතිශයින් වැදගත්වේ. මෙම කාර්තුව තුළ අප විසින් හැදෑරූ සෑම මාතෘකාවකින්ම පෙන්නුම් කර ඇත්තේ අපව ප්‍රබෝධමත්ව තබමින් දෙවියන්වහන්සේ සමග ගමන් කිරීම පිළිබඳවය. ඔබ ඔබේ සෞඛ්‍යයේ අභියෝග, මූල්‍ය අපහසුතා, විවාහ බිඳ වැටීම් හෝ ඔබේ සමීප කෙනෙකුගේ මරණයක් හෝ වෙනයම් බැරෑරුම් හේතුවක් කරණකොටගෙන ඔබේ සතුට සොරාගෙන ඇත්නම්, වැනි ඕනෑම ආකාරයක පසුබෑමකට ලක්ව සිටින අවස්ථාවකදී, පහත සඳහන් ප්‍රශ්න පිළිබඳව සිතා බලමින්, අප මෙතෙක් දුරට අධ්‍යයනය කර ඇති පාඩම් ආවර්ජනය කරන්න. + +**සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න:** + +`ඔබ දැනට මුහුණ දෙන්නාවූ හෝ මුහුණ දී ඇත්තාවූ පසුබෑම්, ඔබ දෙවියන් වහන්සේ පිළිබඳ දැරූ චිත්‍රය කොතෙක් දුරට වෙනස් කොට තිබෙනවාද? ඔබට, දෙවියන්වහන්සේගේ සැබෑ චරිත ගුණාංග වඩාත් පැහැදිලිව දැකිය හැක්කේ කෙසේද?` + +`ඔබගේ ජීවිතය තුළ සතුරාගේ හඬට වඩා දෙවියන්වහන්සේගේ හඬ ශක්තිමත් කරන ලෙස අවසන් වරට යාච්ඤාවෙන් ඉල්ලා සිටියේ කවදාද? සොරා (සාතන්) පැමිණෙන්නේ සොරකම් කොට, මරා දමා විනාශ කරනු පිණිස වන නමුත්, දෙවියන් වහන්සේ ජීවනය අධික ලෙස දෙන පිණිසත්ය යන්න මතක තබාගත යුතුය (යොහන් 10:10).` + +`ඔබේ සිත නිහතාමානීද? ඔබට කෙතරම් දුෂ්කරතා තිබුණත් ඔබේ ජීවිතය තවමත් පාලනය කරනු ලබන්නේ සහ මගපෙන්වනු ලබන්නේ දෙවියන්වහන්සේ බව ඔබ විශ්වාස කරනවාද? එය එසේ නොවන්නේ නම්, දෙවියන්වහන්සේගේ යහපත් කමත් ඔබට පුද්ගලිකව ඇති ප්‍රේමයත් පිළිබඳව නිහතමානීව විශ්වාස කරන තත්ත්වයකට ඔබ පත්වන්නේ කෙසේද?` + +`ඔබ දිනපතා දේව වචනය සමග කාලය ගතකරනවාද? ඔබ ඔබේ ජිවිතය තුළ අභියෝගාත්මක කාලයක් ගතකරන විට, දෙවියන්වහන්සේ කෙරෙහි ඔබට මුලදී තිබූ ප්‍රේමය නැවත අවුළුවන ලෙස දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න.` + +`දෙවියන්වහන්සේ ඔබේ සැනසිලිකාරයාණන් සහ උපදේශකයාණන් ලෙස සලකමින් අවසන්වරට යාච්ඤා කළේ කවදාද? එමෙන්ම උන්වහන්සේ ඔබව කිසිසේත් අත්නොහරින බවටත්, එපා නොකරන බවටත් ඔබ විශ්වාස කරන බව එම යාච්ඤාවේ අන්තර්ගත වීද (හෙබ්‍රෙව් 13:5)?` + +`ඔබේ ඇදහිල්ල දුර්වල නම්, “ස්වාමීනි මම විශ්වාස කරමි; මාගේ විශ්වාසය මදිකමට පිහිට වුව මැනව” යනුවෙන් යාච්ඤා කරන්න (මාර්ක් 9:24). ඔබව අධෛර්යයට පත්කරන අය වෙනුවට ඔබව දිරිමත් කරන පුද්ගලයන් ආශ්‍රය කරන්න.` + +`දුර්වලවූ, නූගත්, තුවාල වූ, සහ බිඳුනාවූ අය කෙරෙහි ලෝකය එතරම් තැකීමක් කරන්නේ නැත. “මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වෙන්නේ යයි” (2 කොරින්ති 12:9) කියමින් දෙනු ලැබූ පෙරලිකාර පණිවුඩය තුළින් මිනිසුන්ගේ ජීවිත වෙනසකට යොමුවේ. මෙම පණිවුඩය තුළින් අද දවසේදී ඔබට දිරිගැන්විය හැකි පුද්ගලයෙකු පිළිබඳව සිතා බලන්න.` + +**සාරාංශය:** අප තවමත් ජීවත්වන්නේ වේදනාවෙන් පිරීගිය පව්කාර ලෝකයක වන අතර, අපේ ජීවිතයේ යම්කිසි අවස්ථාවක, අප කෙරෙහි වන දෙවියන්වහන්සේගේ ප්‍රේම කිරීමේ අවස්ථාවලට අපි මුහුණ දෙමු. බයිබලයේ සඳහන් විවිධ පුද්ගලයන් ඔවුන්ගේ ජීවිත තුළ ඇතිවූ පසුබෑම් වලට මුහුණ දුන් ආකාරය හදාරන විට, අපට දෙවියන්වහන්සේ සමග වන අපේ ගමන ශක්තිමත් කරගැනීමට පුළුවන. උන්වහන්සේ නොවෙනස්ව (මලාකි 3:6) ප්‍රේමය එක හා සමානව පවත්වාගෙන යන සේක. \ No newline at end of file diff --git a/src/si/2026-02/12/01.md b/src/si/2026-02/12/01.md index be97c4260ff..43798f898c1 100755 --- a/src/si/2026-02/12/01.md +++ b/src/si/2026-02/12/01.md @@ -3,5 +3,18 @@ title: උන්වහන්සේව බෙදාගන්න date: 13/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +### මේ සතියේ පාඩමේ අධ්‍යයනය සඳහා කියවන්න +මතෙව් 28:18-20, 2 පේත්‍රැස් 3:18, 1 පේත්‍රැස් 3:8-15, හොෂෙයා 7, සෙකරියා 10. + +>

කටපාඩම් පදය

+> “විඩාවූ අයට වචනවලින් පිහිටවෙන්ට දැනගන සිටීමට ස්වාමිවූ දෙවියන්වහන්සේ උගතුන්ගේ දිව මට දී තිබේ. ගෝලයන් මෙන් ඇසීමට උන්වහන්සේ උදයක් පාසා පුබුදුවනසේක, මාගේ කන පුබුදුවනසේක.” (යෙසායා 50:4). + +ජී, නම් දේවගැතිතුමන් හට ඒ සබත් දවස කාර්ය බහුල එකක් විය. ඔහු වේලාසනින්ම අවදිවී සබත් පාසලට මෙන්ම දේශනාව ගැනීමට සූදානම් වූ අතර, එදා සවස් භාගයේ පැවැත්වීමට නියමව තිබූ ඉවැන්ජලිස්ත රැස්වීමක පෙරමුණ ගෙන කටයුතු කිරීමටද ඔහුට නියමව තිබුණි. ඔහු ඔහුගේ රථයේ යතුරු ගෙන වේගයෙන් පිටත්ව ගියේය. + +ඔහු නරගයේ රථවාහන තදබදය තුළින් ගමන් කරන විට නුරුස්සන සුළු ස්වභාවයක් ඔහු තුළ ඇති වූයේ, එදා සෙනසුරාදා දිනයක් වුවත් මෙතරම් වාහන සංඛ්‍යාවක් පාරේ තිබීම හේතුවෙන් දේවස්ථානය කරා යාමට ප්‍රමාදවේදෝයි යන බිය හේතුවෙන් මේ තරම් මිනිස්සු කොහේ යනවාද මන්දා? එවිට ක්ෂණිකවම එක් මෝටර් රථයක් ඔහුගේ මග අවහිර කර ඉදිරියට ගියේය. ඔහු ක්ෂණිකව තිරිංග තදකොට, අත මිට මොළවා, අපේක්ෂාභංගත්වයෙන් සහ කෝපයෙන් යුක්තව, රියදුරා හට බැණ වැදුනේය. + +අවසානයේදී ජී දේවගැතිවරයාට දේවස්ථානය කරා එළඹීමට හැකිවිය. ඔහු නැගිට පාඩම ඉගැන්වීම පිණිස පංතිය දෙස බැලූ විට තරමක් හඳුනන මුහුණක් මත ඔහුගේ දෙනෙත් නතර වුණි. ඒ මීට විනාඩි 20කට පමණ පෙර දේවගැතිවරයා විසින් අරගලයක් ඇතිකරගත් රියදුරාය. + +පසුව, එක් සභා සාමාජිකයෙකු විසින් එම රියදුරාව දේවගැතිවරයාට හඳුන්වා දෙමින් පැවසුවේ ඔහු සෙවන්ත්-ඩේ ඇඩ්වෙන්ටිස්ට්වරයෙකු නොවන අතර, එහි සිටි ඥාතියෙකු හමුවීමට පැමිණ ඇති හෙයින්, ඔහුත් සමග මෙම රියදුරු මහතාද එදින දේවස්ථානයට පැමිණි බවයි. මේ සිද්ධිය තුළින් ජී නම් දේවගැතිවරයා ඉගෙන ගත් වැදගත් කරුණක් වූයේ, අඳුනන හෝ නාඳුනන අය සමග අන්තර් සම්බන්ධතා පැවැත්වීමේදී, දෙවියන්වහන්සේ සමග පවතින්නාවූ සම්බන්ධතාවයක් හේතුවෙන් හටගන්නා වූ ප්‍රේමයෙන් යුතුව කටයුතු කළයුතු බවය. ඇදහිලිවන්තයෙකු ලෙස ඔබේ ක්‍රියා අන්‍යයන් කෙරෙහිබලපාන අන්දම පිළිබඳව සැලකිලිමත්වීම ඉතා වැදගත්ය. + +ජූනි මස 20 වන දිනට යෙදෙන සබතට සූදානම් වීම පිණිස මෙම සතියේ පාඩම අධ්‍යයනය කරන්න. \ No newline at end of file diff --git a/src/si/2026-02/12/02.md b/src/si/2026-02/12/02.md index f22d3cf1855..b5b989c6de4 100755 --- a/src/si/2026-02/12/02.md +++ b/src/si/2026-02/12/02.md @@ -1,7 +1,20 @@ --- -title: පාඩම +title: පිටාර ගලන දෙයින් යමක් date: 14/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +`මතෙව් 28:18-20 දක්වා වන කොටසෙහි ඇති උතුම් නියෝගය පිළිබඳව කියවන්න. යේසුස්වහන්සේ, “සියලු” සහ “සියල්ලම” යන වචන භාවිතයෙන් දුන් නොයෙක් පණිවුඩ ලියන්න.` + +යේසුස්වහන්සේ උන්වහන්සේගේ පණිවුඩය ලෝකය සමග බෙදාගන්නා ලෙස අපට නියෝගයක් දුන් සේක: එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න.” සෙවන්ත්-ඩේ ඇඩ්වෙන්ටිස්ට් සභාවේ මෙහෙවර වී ඇත්තේ ගෝලයන් බිහිකිරීම වන අතර, පසුව ඔවුන්ද තවත් අයව ගෝලයන් කරගතයුතු වන්නේය. මේ අයුරින් අප සියල්ලෝම සදාකාල ශුභාරංචිය ප්‍රකාශ කරමින්, දේවදූතයන් තුන්දෙනාගේ පණිවුඩ ප්‍රචාරය කරමින් (එළිදරව් 14:6-12), යේසුස්වහන්සේගේ ඉක්මන් පැමිණීම උදෙසා අප ලෝකය සකස් කරන්නෙමු. + +යේසුස්වහන්සේ තුළ නව ජීවයක් ලබා ඇති ඕනෑම කෙනෙකු, සාක්ෂිකාරයෙකු ලෙස හඳුන්වන්නෙමු. එනමුත්, ඇතැමුන් සාක්ෂි දැරීම පිළිබඳව කල්පනා කරන්නේ එය ඔවුන්ට කළ නොහැකිවන මෙන්ම කිසිසේත් කරනු නොලබන දෙයක් ලෙසටයි. ඔබ විසින්, ඔබ වීථි කොනක සිටිමින් සංකීර්ණවූ බයිබල් පාඩමක් උගන්වන අයුරු පිළිබඳව චිත්‍රයක් ඔබේ සිතට ඇතුලත්වන්නට පුළුවන. එනමුත්, ඔබේ හිස වනමින් මට නම් ඒක කරන්න බැහැ යයි පවසන්නට පුළුවන. “මට සබකෝලය තිබෙන නිසා, සාක්ෂි දැරීමට නම් මා කිසිසේත් සුදුස්සෙක් නොවේ” යයි පැවසිය හැකිය. + +එනමුත්, සැබෑ සාක්ෂිකරුවෙකු ලෙස හැඳින්විය හැක්කේ, දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය තුළ කරන දෙය පිළිබඳව ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වීම පමණකි, එමෙන්ම ඔබ උන්වහන්සේ තුළ වර්ධනය වන විට ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටිමින්, ඔබේ එම අත්දැකීම් අන්‍යයන් සමග බෙදාගත යුතු වන්නේය. දෙවියන්වහන්සේ ඉතා යහපත් බැවින්, ඒ පිළිබඳව අනුන් සමග බෙදාගැනීම ලොවට දිය හැකි හොඳම ප්‍රවෘත්තිය වන්නේය. අපට ඒ පිළිබඳව නිශ්ශබ්දව සිටීමට නොහැකිවාසේම, අප එසේ සිටීමද සුදුසු නොවන්නේය. උන්වහන්සේ ඔබව ගළවාගෙන ඇත; එමෙන්ම උන්වහන්සේ ඔබව, ඔබේ නමින්ම කැඳවා ඇත. ඔබ අයිති උන්වහන්සේටය. මීට වඩා හොඳ ප්‍රවෘත්තියක් ඕනෑ තැනක සිටින, ඕනෑම කෙනෙකුට තිබෙනවාද? + +මුල් සභාව තුළ සිටි ගෝලයින් රබ්බිවරුන්ගේ පාසැල්වල ඉගෙන ගෙන නොතිබුණත්, මුඛ පරම්පරා වලට අනුව ප්‍රවීණයන් නොවූවත්, අපට ඔවුන්ගෙන් ඉගෙනගැනීම පිණිස බොහෝ දේ ඇත. + +`ක්‍රියා 1:8 සහ ක්‍රියා 4:13 කියවන්න. මුල් සභාව තුළ වූවන්ට, සාක්ෂි දැරීම කෙබඳු එකක් වීද? පේත්‍රැස් සහ යොහන් සාක්ෂි දෙන අයුරු අසා සිටි අය කෙරෙහි ඔවුන් ඇති කළ බලපෑම කුමක්ද?` + +පේත්‍රැස් සහ යොහන් ප්‍රකාශ කොට සිටියේ, “මක්නිසාද අප ඇසූ දුටු දේ ගැන කථා නොකර සිටින්ට අපට නුපුළුවන” (ක්‍රියා 4:20) යනුවෙනි. “ඔවුන් යේසුස්වහන්සේ සමග සිටි බව ඔවුහු ඇඳින්නේය” (ක්‍රියා 4:13). එබැවින් ඒ දේවල් බෙදාගැනීම පිණිස ඔවුන් තුළ දැඩි උවමනාවක් තිබුණි. ශුද්ධාත්මයාණන් වහන්සේ ඔවුන්ට නිර්භීතකමද, ඒත්තුගන්වන වචනවල බලයද දුන්සේක. + +`මේ මොහොතේම යාච්ඤා කරනු පිණිස කාලය මිඩංගු කරන්න. දෙවියන්වහන්සේ විසින් ඔබේ ජීවිතය කරා යොමුකරන මිනිසුන්ට කථා කිරීමට අවශ්‍ය බලය ඉල්ලා සිටින්න. අදහස් බෙදාගත යුත්තේ කුමන අවස්ථාවකදීද, තමන් විසින් පැවසිය යුත්තේ කුමක්ද කියා දැනගනු පිණිස උන්වහන්සේගෙන් බුද්ධිය ඉල්ලා සිටින්න. 1 යොහන් 4:7-11 දක්වා කියවා, මේ ආකාරයේ ප්‍රේමයක් ඉල්ලා යාච්ඤා කරන්න.` \ No newline at end of file diff --git a/src/si/2026-02/12/03.md b/src/si/2026-02/12/03.md index 196702db05e..5b462de9a21 100755 --- a/src/si/2026-02/12/03.md +++ b/src/si/2026-02/12/03.md @@ -1,7 +1,16 @@ --- -title: පාඩම +title: බල නොකෙරුන නමුත් බලයෙන් යුක්තව date: 15/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +යේසුස්වහන්සේ උන්වහන්සේගේ සාමාන්‍ය වැඩ කටයුතු පවත්වාගෙන ගිය අතරතුර, සුව කිරීමට, සැනසීමට, දේශනා කිරීමට දිනපතා විශාල ජන කොටසකට ඉගැන්වීමට තමන්ව අභිප්‍රේරණය කරගන්නට ඇත්තේ කෙසේදැයි ඔබ කිසිවිටෙක හෝ කල්පනා කර තිබෙනවාද? අපට පවසා ඇති පරිදි, “උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින්, ඔවුන් කෙරෙහි අනුකම්පා කළසේක” (මතෙව් 9:36). යේසුස්වහන්සේගේ වැඩකටයුතු උදෙසා උන්වහන්සේ යොමු වූයේ, මානව වර්ගයා කෙරෙහි උන්වහන්සේ තුළ තිබූ ප්‍රේමය සහ සානුකම්පිත ස්වභාවයයි. ඒ අයුරින්ම අප තුළ ඇති උන්වහන්සේගේ ප්‍රේමය කරණ-කොටගෙන, උන්වහන්සේ වෙතට මෙන්ම, උන්වහන්සේගේ සත්‍යය කරා අප විසින් ආත්ම යොමු කළ යුත්තෙමු (2 කොරින්ති 5:14). + +ඔබ කිසියම් අවස්ථාවකදී ජන සමූහයක් දෙස බලා, ඔවුන්ගේ සදාකාලිකත්වයට මත්තෙන් ඔවුන් යේසුස්වහන්සේව හඳුනනවාදැයි සොයා බලා තිබෙනවාද? අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන අමුත්තෙකු හට පිළිසරණක් වීමට ඔබට හැකිවන්නේ දේව ප්‍රේමය ඔබ තුළ පැවතියහොත් පමණක් බව ඔබට හැඟී ගොස් තිබෙනවාද? අප තුළ දේව ප්‍රේමය පවතින විට, ආත්ම උන්වහන්සේ වෙත යොමු කිරීම පිණිස අප තුළ දැඩි උනන්දුවක් ඇතිවනු ඇත. යෙරමියා මේ පිළිබඳව පැහැදිලි කළේ, “උන්වහන්සේගේ වචනය, මාගේ ඇට තුළේ වැසී ඇවිලෙන ගින්නක් මෙන් මාගේ සිත තුළ තිබේ. දරන්ට මා වෙහෙසෙන නුමුත් මට බැරිය” (යෙරමියා 20:9). + +කෙසේ වුවද, අප විසින් දේව වචනය අනුන් සමග බෙදාගන්නා විට, දෙවියන්වහන්සේව හෝ බයිබලයේ ඇති සත්‍යතාවයන් පිළිගන්නා ලෙස අප විසින් කිසිවෙකුට හෝ බලකිරීම නුසුදුසුය. බලයෙන් නම්මා ගැනීමට තැත් කිරීම, දෙවියන්වහන්සේගේ හදවතට පටහැනි දෙයකි. යහපත සහ නපුර දැනගැනීමේ ගසින් දුරස්ථව සිටිනසේ දෙවියන්වහන්සේ ආදම්ට හෝ ඒවට බලකළේ නැත (උත්පත්ති 2:16, 17). ජල ගැල්මෙන් ගැළවෙන පිණිස උන්වහන්සේ නැව තුළට බලහත්කාරයෙන් මිනිසුන් ඇතුලත් කළේ නැත (උත්පත්ති 7:1). ඉශ්‍රායෙල්වරුන්ට උන්වහන්සේ සමග ගිවිසුම තුළ සිටින ලෙස බලකළේ නැත (ද්විතීය කථාව 4:29-31). ඒ වෙනුවට උන්වහන්සේ ඔවුන්ගේ අවශ්‍යතා සපුරා (මතෙව් 4:23-25), උන්වහන්සේට අනුගමනය කරන ලෙස ආරාධනා කොට සිටිසේක. යේසුස්වහන්සේ, උන්වහන්සේගේ සත්‍යය අනුගමනය කරන ලෙස කිසිවෙකුට බලපෑම් නොකරන්නාසේම, කිසිවිටෙක උන්වහන්සේ අපව අතහැර දමන්නේද නැත (මතෙව් 23:37). + +අප සක්ෂි දරන්නාවූ අතර, සෑම අවස්ථාවකදීම අපේ ප්‍රවේශ වීමේ ක්‍රමය යේසුස්වහන්සේ ප්‍රවේශ වන්නාවූ අන්දමේ පිළිබිඹුවක් විය යුත්තේය. එලන් වයිට් පවසා ඇත්තේ, “මනුෂ්‍යයන්ට තමන්වහන්සේ පිළිගැනීමට බලකිරීම උන්වහන්සේගේ මෙහෙයේ කොටසක් නොවේ. හෘද සාක්ෂියට බලකිරීමට සොයන්නේ සාතන් හා ඔහුගේ ආත්මයෙන් පොළඹවනු ලැබූ මනුෂ්‍යයාය... අපගේ වැඩ ගැන කැමැත්ත නොමැත්තාවූ නොහොත් අපගේ අදහස්වලට විරුද්ධව ක්‍රියාකරන්නාවූ අයවලුන් රිදවීමට හෝ ඔවුන් විනාශ කිරීමට අප තුළ කැමැත්තක් ඇතිවීම අපි සාතන්ගේ ආත්මයෙන් පූර්ණව සිටින බවට ඉතා සම්පූර්ණ සාක්ෂියක් මෙයයි.” —The Desire of Ages, p. 487. (යුගයන්ගේ ආශාව 2 කොටස 53 පරිච්ඡේදය, පිටු 77, 78). + +අප විසින් දෙවියන්වහන්සේගේ මෙහෙය ඉදිරියට ගෙන යන්නාවූ නලයක් සේ ක්‍රියා කළ යුත්තෙමු. අප ජීවත්වන ලෝකය සත්‍යයට ද්වේෂ කරන නමුත්, මෙම යථාර්ථය හේතුවෙන් කල්පනාකාරීව, ප්‍රේමණීය ආකාරයෙන් එම සත්‍යය බෙදාගැනීමෙන් අපව වලක්වාලිය යුතු නොවන්නේය. වඩා වැදගත් කොට සලකනු ලබන්නේ අපේ පුද්ගලික සාක්ෂිය බව මතක තබාගත යුතු අතර, සාක්ෂි දැරීමේ මුල් අවධියේදී එහි වැදගත්කම අමතක නොකළ යුතුය (එළිදරව් 12:11). + +`2 පේත්‍රැස් 3:18 කියවන්න. ඔබ කරුණාවෙහි සහ දැනගැන්මෙහි වර්ධනය වන්නේ කුමන ආකාරයටද? ඔබ අවට සිටින අය සමග ඔබේ අන්තර් ක්‍රියා තුළින් එය ප්‍රකාශ වන්නේ කෙසේද?` \ No newline at end of file diff --git a/src/si/2026-02/12/04.md b/src/si/2026-02/12/04.md index 64a45eee599..0dbcb69c2cb 100755 --- a/src/si/2026-02/12/04.md +++ b/src/si/2026-02/12/04.md @@ -1,7 +1,18 @@ --- -title: පාඩම +title: යේසුස්වහන්සේව බෙදාගනු පිණිස හෝඩුවාව date: 16/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +අප සැවොම පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්නයක් වන්නේ, ඔබ යේසුස් වහන්සේව බෙදාගන්නේ කවුරුන් සමගද. ඒ තැපල් මහතාද, කඩේ බිල්පත් ලියන මහතාද, නැතහොත් ඔබ ඇවිදින්න යන විට දිනපතා මගදී හමුවන කෙනෙ= සමගද? මෙම කටයුත්ත සඳහා තමන්ට උපකාර කරන ලෙස දෙවියන්වහන්සේ සෑම ඇදහිලිවන්තයෙකුම කැඳවනු ලබන අතර, උන්වහන්සේ පොරොන්දුවී ඇත්තේ, “විඩාවූ අයට වචනවලින් පිහිට වෙන්ට දැනගෙන සිටීමට උගතුන්ගේ දිව මට දී තිබේ” (යෙසායා 50:4). එමෙන්ම, නිතරම තම ධර්මතාවයන් ආරක්ෂා කරගනිමින්, අප තුළ ඇදහිල්ල සහ බලාපොරොත්තුව රැක ගැනීම (1 පේත්‍රැස් 3:15) අපේක්ෂා කරනු ලැබේ. + +`1 පේත්‍රැස් 3:8-15 කියවන්න. මෙම පාඨ තුළින් දේව වචනය අපට පවසන්නේ කුමක්ද?` + +ඔබ චේනාන්විත ලෙස යේසුස්වහන්සේව අන්‍යයන් සමග බෙදාගැනීමට සැරසෙන්නේ නම් මෙහි දක්වා ඇති සුළු අවවාද ඔබට බොහෝ ප්‍රයෝජනවත් වනවා ඇත: + +- යමෙක් හඳුනාගෙන, කාලයත් සමග ඔහු සමග ඇති සම්බන්ධතාවයන් ගොඩනගාගන්න. ඔබේ උණුසුම් භාවය, කරුණාව සහ ඔවුන් කෙරෙහි අව්‍යාජව උනන්දු වීමෙන් (ප්‍රේමණීය පුද්ගලයකු වීම) ඔබට ඔවුන්ව දෙවියන් වහන්සේ වෙතට ලංකරගැනීමට හැකිවනු ඇත. (ඇතැම් අය මෙය හඳුන්වන්නේ “මිත්‍රත්වයේ ඉවැන්ජලිස්ත මෙහෙවර” යනුවෙනි). +- එම තැනැත්තාගේ සිත තුළ ශුද්ධාත්මයාණන් ක්‍රියාකරන ලෙස ඉල්ලා යාච්ඤා කරන්න. ඔවුන් මග සුදුසු අන්තර් ක්‍රියාකාරිත්වයක් උදෙසා, ඉඩ ප්‍රස්ථාවක් ඉල්ලා යාච්ඤා කරන්න. +- ඔබේ ඇදහිල්ල අදාළ අත්දැකීම් හෝ ඔවුන් උදෙසා යාච්ඤාවක් කරනු පිණිස ස්වභාවික ඉඩ ප්‍රස්ථාවන් කෙරෙහි විමසිලිමත්ව සිටින්න. ඔබට අවශ්‍ය නිර්භීත බවත්, ඔවුන් ප්‍රවේශ වීමේදී මහත්මා ගුණයෙන් එය කිරීමට හැකියාවත් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න. +- ඔබේ අලුත් මිතුරන්, ඔබේ දේවස්ථානය තුළ සිටින මිතුරන් සමග සම්බන්ධ කරනු ලබන මාවත් සොයමින්, ඔබේ සභා සාමාජිකයන්ට ඔවුන්ව පිළිගන්නට කරුණු සලසන්න. කුඩා සමාජ හෝ බයිබල් හදාරන කුඩා කණ්ඩායම් ඇති කිරීම ඊළඟට කළ යුතු සුදුසු පියවරකි. +- ඔබේ අලුත් මිතුරාට ඇති විශේෂ අවශ්‍යතා සහ ප්‍රශ්න පිළිබඳව යාච්ඤා කරමින්, අප සතු ප්‍රශ්නවලට බයිබලය තුළින් සැනසිල්ලද, අවවාදද, මගපෙන්වීමද ලැබෙන බව පෙන්නුම් කරන්න. ඔබට ප්‍රථමයෙන්ම බයිබලයේ සඳහන් පොරොන්දු ඉදිරිපත් කිරීමට හෝ ප්‍රශ්න වලට බයිබලය තුළින් පිළිතුරු සැපයීමට හෝ ගැඹුරු සාකච්ඡාවක් පිණිස මාවත් විවෘත කරගැනීමටද පුළුවන. එමෙන්ම ඔවුන් උදෙසා යාච්ඤා කරන්න. +- ඊළඟ පියවර ගැනීමට ඔබගේ මිතුරා කැමති වන්නේදැයි දැනගනු පිණිස කාලය එළඹෙනු ඇත. (එනම් බයිබලය අධ්‍යයනය කොට, අවසානයේදී බව්තීස්ම වීම). මෙම පියවරවල් කඩිමුඩියේ කිරීම නුසුදුසු වනවාසේම, පසුබෑමද සුදුසු නොවේ. මේ පිළිබඳව යාච්ඤා කරන්න. +- අපේ ක්‍රියාවලින්, අප කවුරුන්ගේද යන බව පෙන්නුම් කළයුතු වේ. අපේ ජීවිත තුළින් අප අනුන්ට සලකන්නාවූ ආකාරය හොඳින් දැකගැනීමට හැකිවනු ඇත. අපේ චරිත, උන්වහන්සේගේ චරිතය අනුව හැඩගැස්වෙන බැවින් (පිරිසිදු කරනු ලැබීම), සියලු මනුෂ්‍යයන් උන්වහන්සේ වෙතට යොමුකරනු පිණිස අප ජීවත් වන්නෙමු. \ No newline at end of file diff --git a/src/si/2026-02/12/05.md b/src/si/2026-02/12/05.md index 09aec487314..edcbb5b3e7f 100755 --- a/src/si/2026-02/12/05.md +++ b/src/si/2026-02/12/05.md @@ -1,7 +1,18 @@ --- -title: පාඩම +title: අයාලේ යන දරුවෙක් date: 17/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +ප්‍රබල ආත්මික බැඳීම් සමග, අධ්‍යාත්මික පරිසරයක් ඇති නිවෙසක හැදෙන වැඩෙන දරුවකු, දෙවියන්වහන්සේ සමඟ ඇති සබඳතා බිඳ දමමින් යාමට තීරණයක් ගත් විට ඇතිවන සිත් රිදුම් බොහෝ දෙනෙකු අත්විඳ ඇත. + +`දෙවියන්වහන්සේගේ තෝරාගත් සෙනඟක් වන එප්‍රායිම්, ස්වාමීන්වහන්සේගෙන් ඉවත්ව ගියේය. හොෂෙයා 4:17හි සහ හොෂෙයා 7හි එප්‍රායිම්ගේ පාප පිළිබඳව කුමක් පවසා ඇත්ද?` + +එමෙන්ම, එප්‍රායිම්ගේ මිත්තණිය වූ රාඛෙල්, එප්‍රායිම් දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවයෙන් ඉවත්වයාම පිළිබඳව අතිශයින් දුකට පත්වී හැඬූ බව රූපකාත්මකව බයිබලය තුළ සඳහන්ව ඇත (යෙරමියා 31:15). ඇගේ ගැඹුරු ශෝකයට දෙවියන්වහන්සේ ප්‍රතිචාර දක්වන්නේ මේ ආකාරයෙනි. යෙරමියා 31:16,17. “නුඹේ හඬ ඇඬීමෙන්ද, නුඹේ ඇස් කඳුළුවලින්ද වලක්වාගන්න. මක්නිසාද නුඹේ ක්‍රියාවට විපාක ලැබෙන්නේය; ඔවුන් සතුරන්ගේ දේශයෙන් හැරී එනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියන සේක. නුඹේ මතු කාලය ගැන බලාපොරොත්තුවක් තිබේ; නුඹේ දරුවෝ තමුන්ගේ සීමාවට හැරී එන්නේ යයි ස්වාමීන්වහන්සේ කියන සේක” + +`නොමග ගියාවූ ඇගේ දරුවා වෙනුවෙන් හඬා වැලපෙනවා වෙනුවට, බලාපොරොත්තු සහිතව ජීවත්වන ලෙස රාඛෙල්ට පවසනු ලැබුණි. යෙරමියා අපට පවසා ඇත්තේ තව මොනවාද? යෙරමියා 31:18, 19 කියවන්න.` + +එප්‍රායිම්ගේ කථාව තුළින්, දෙවියන්වහන්සේ කිසිවිටෙකත් අපව අතහැර නොදමන බැවින්, නිතර බලාපොරොත්තුව ඇති බව පෙන්නුම් කෙරේ. නොමගයන්නාවූ උන්වහන්සේගේ ජනතාවට උන්වහන්සේ නිතර තරවටු කරන නමුත්, දෙවියන්වහන්සේගේ කරුණාව කිසිවිටෙක අසමත් නොවන්නාසේම, මෙම පරිච්ඡේදය තුළ ඇති උන්වහන්සේගේ පණිවුඩය අඛණ්ඩව පවතිනු ඇත (යෙරමියා 31:20). + +අපට සමීපව සිටිමින්, දෙවියන්වහන්සේ සමඟ පැවති සියලු සම්බන්ධතා බිඳ දමමින් ඉන් ඉවත්ව ගොස්, අප අවට සමීපව සිටින්නන් පිළිබඳව දැඩිසේ විවේචනාත්මකව කථා කරන පුද්ගලයින් පිළිබඳව අප සිත් තුළ විශාල වේදනාවක්, අසහන ස්වභාවයක් හෝ අධෛර්යයට පත්වීමක් ඇති වියහැක. එනමුත් දෙවියන්වහන්සේ අපට මතක් කර දෙන්නේ උන්වහන්සේ හිතුවක්කාර දරුවාව අමතක කොට නැති බවයි. එය කිසිසේත් නොකරනු ඇත. එවැනි පුද්ගලයෙකු පිළිබඳව දෙවියන්වහන්සේගේ සිතුවිලි තාවකාලික වූ ඒවා නොවන අතර, ඒවා හදපත්ලෙන්ම පැමිණෙන අවංකවූ ඒවාය. ඇත්තවශයෙන්ම, දෙවියන්වහන්සේ පවසන්නේ එවැනි පුද්ගලයන් කෙරෙහි උන්වහන්සේගේ හදවත දැඩිසේ නැඹුරුවන බවයි. ඔවුන් උන්වහන්සේ වෙත හැරී ඒම උන්වහන්සේ මහත් ආශාවෙන් බලා සිටින සේක, එමෙන්ම උන්වහන්සේගේ කරුණාව අතිමහත්ය. + +`එප්‍රායිම්ගේ හිතුවක්කාරකම් හේතුවෙන් රාඛෙල්ට ඇතිවූ වේදනාව සම්බන්ධයෙන් දෙවියන්වහන්සේ ක්‍රියාකළ ආකාරය පිළිබඳව දැන සිටීමෙන්, දෙවියන්වහන්සේ සමඟ වන සම්බන්ධතාවය හැරගිය අය වෙනුවෙන් ඔබ ක්‍රියා කළ යුතු අන්දම දැන සිටීම ඔබට උපකාර වන්නේ කෙසේද? මෙය ඔබට අභියෝගයක් හෝ දිරිගැන්වීමක් වන්නේ කෙසේද?` \ No newline at end of file diff --git a/src/si/2026-02/12/06.md b/src/si/2026-02/12/06.md index 6c8de5e6b3d..630b793afc9 100755 --- a/src/si/2026-02/12/06.md +++ b/src/si/2026-02/12/06.md @@ -1,7 +1,16 @@ --- -title: පාඩම +title: ඔවුන්ව ආපසු කැඳවාගෙන එන්න date: 18/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +අප දෙවියන්වහන්සේ සමග ගමන් කරන්නාවූ අතර අප සියලුදෙනාටම, දුර්වල වූ හෝ දෙගිඩියාවෙන් පිරි අවස්ථා අපේ අත්දැකීම් තුළ තිබුණා වන්නට පුළුවන. ඇතැම් අවස්ථාවලදී අපේ සිත් චපල ලෙස ක්‍රියාකරන්නට හෝ කලක් තිස්සේ අප ඇල්මැරුණ ස්වභාවයෙන් සිටින්නට ඇත. ඔබව නැවත වරක් උන්වහන්සේ සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන යනු පිණිස කැඳවනු ලැබූ හේතුව කුමක්ද? + +`දෙවියන්වහන්සේ නැවත වාරයක් උන්වහන්සේගේ ජනතාව කැඳවාගෙන පැමිණීම පිළිබඳව සෙකරියා 10 වන පරිච්ඡේදයෙහි අලංකාර පණිවුඩ කිහිපයක් ඇත. මෙම මොහොතේම එම පරිච්ඡේදය සෙමින් කියවමින්, එහි අන්තර්ගත ප්‍රධාන පණිවුඩ පිළිබඳව අවධානය යොමුකරන්න.` + +ප්‍රායෝගිකව ගත් කළ, තමන් ආදරය කරන තැනැත්තෙකු දෙවියන් වහන්සේ සමග මෙතෙක් පැවති සම්බන්ධතාවයකින් ඉවත්ව යන විට ක්‍රියා කළ යුතු අන්දම අතිශයින් අභියෝගාත්මක විය හැක. මෙවැනි සම්පූර්ණ වෙනස්වීමක් ක්‍රමිකව ඇතිවූයේ කෙසේදැයි ඔබ සිතන්නට පුළුවන. මේ වන විට එම තැනැත්තන්ට වෙනස්වූ ලෝක දැක්මක් ඇති බැවින්, ඔවුන් සමග අන්‍යොන්‍යව කටයුතු කරන්නේ කෙසේද යනුවෙන් ඔබට හැඟී යන්නට පුළුවන. ඔවුන් විසින් දැනුදු කරගෙන යන්නාවූ දුර්වල තීරණ හේතුවෙන් ඔබ අතෘප්තිමත්ව සහ අසරණව සිටිනවා විය හැක. ඔබ ඔබේ ආදරවන්තයන්ට කරනු ලබන සැලකිල්ල අනුව, මෙම සිතුවිලි නිතරම බලපෑම් ඇතිකරනු ඇත. එබැවින් ඔබේ ගැළවුම්කරුවාණන් සමග උතුරා යන තරම් ඔබේ පුද්ගලික කාලය ගතකරමින් කථාකිරීම අතිශයින් වැදගත් වන්නේය. + +ඔබේ ජීවිතය තුළින් ඔබ දරන සාක්ෂිය, ඔබේ ක්‍රියා පටිපාටිය, ඔබ භාවිතා කරනු ලබන වචන තුළින් දෙවියන්වහන්සේගෙන් ඉවත්ව ගොස් ඇත. ඔබේ සහකරු හෝ ඔබේ දරුවා යන අයගේ ජීවිත සම්පූර්ණයෙන් වෙනස්වී, ඔවුන්ගේ අනාගතයද වෙනතකට යොමුවන්නට පුළුවන. (ලූක් 22:31, 32 සහ යොහන් 21:15-17 කියවන්න. පේත්‍රැස් උදෙසා වූ යේසුස්වහන්සේගේ යාච්ඤාවෙන් පේත්‍රැස්ගේ අනාගතය වෙනස් විය). ඔවුන්ට එරෙහිව ඔබේ සිත තුළ ඇති දුක, විනිශ්චය හෝ ඔවුන් වරදකරුවන්ය යන හැඟීමෙන් ඉවත්වී උන්වහන්සේට පමණක් ඔබ තුළ ස්ථාපිත කළ හැකි ගුණාංග සහ ප්‍රේමය ඉල්ලමින් යාච්ඤා කරන්න. ඔබව උන්වහන්සේගේ චරිතය තුළින් ආවරණය කරන ලෙසත්, එසේ වීමෙන් ඔබ තුළ ප්‍රේමණීය මෙන්ම පරාර්ථකාමී චේතනා ඇතිවන ලෙසටත් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න. පරාර්ථකාමී ජීවිතයකට වඩා, “වෙන කිසිදෙයකට, බලයෙන් සහ බලපෑමෙන් යුක්තව වෙනසක් ඇතිකළ නොහැකි බව මතක තබාගන්න. ශුභාරංචියට පක්ෂව ඇති ප්‍රබලතම තර්කය වනුයේ ප්‍රේම කරන්නාවූද, ප්‍රේම කිරීමට ඉබේම සිතක් පහලවන්නාවූද කිතුනුවන්ය.” —Ellen G. White, The Ministry of Healing, p. 470. + +අනුන්ව ක්‍රිස්තුස්වහන්සේ වෙත යොමුකරනු ලබන අප විසින් දිගටම පවත්වාගෙන යනු ලබන අපගේ ජීවිත රටාව හේතුවෙන්, දෙවියන්වහන්සේව අතහැර ගියවුන් පවා සිතන්නේ අපේ හැසිරීම් චර්යාව අපට අයිතිවිය හැක්කේ දෙවියන්වහන්සේගෙන් පමණක්ම වන බවය. ඔවුන් විසින් කිසි නුවණකින් දැනගත නොහැකිවූ, දෙවියන්වහන්සේගේ සාමාදානයද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ නුඹලාගේ සිත්ද, සිතිවිලිද ආරක්ෂා කරනවා ඇත. අප උදෙසා වන දෙවියන්වහන්සේගේ ප්‍රේමයත්, එමෙන්ම අපේ ආදරණීයයන් උදෙසා වන ප්‍රේමයත් කිසිවිටෙක සැලෙන්නේ නැත. අපට ලැබෙන මෙම ප්‍රේමය, අප අවට සිටින්නවුන් හට දිනපතාම දීමට අපට හැකිවනු ඇත. + +`එපීස 3:17-19 වන කොටසින් කුමක් කිරීම පිණිස අපව දිරිගන්වනු ලබයිද?` \ No newline at end of file diff --git a/src/si/2026-02/12/07.md b/src/si/2026-02/12/07.md index 6407f7ae4a2..b02e9262803 100755 --- a/src/si/2026-02/12/07.md +++ b/src/si/2026-02/12/07.md @@ -3,5 +3,24 @@ title: වැඩිදුර අධ්‍යයනය සඳහා date: 19/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +‘යමෙකුගේ වෘත්තීය කුමක් වුවත්, යමෙකුට පරාර්ථකාමී ලෙස තම සහෝදරයාට ප්‍රේම කිරීමට හැකිවන තුරු, ඔහු තුළ දෙවියන්වහන්සේ කෙරෙහි පිරිසිදු ප්‍රේමයක් නැත්තේය. එනමුත් අනෙක් අයට ප්‍රේම කිරීමට උත්සාහ කිරීමෙන් පමණක් මෙවැනි ආත්මයකට හිමිකම් කීමට අපට නුපූළුවන. අවශ්‍යව ඇත්තේ හදවත තුළ ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය පැවතීමයි. පුද්ගලිකත්වය, ක්‍රිස්තුස්වහන්සේ තුළට සංයෝග වූ විට, නිතැතින්ම ප්‍රේමය පැනනගිනු ඇත.” —Ellen G. White, Christ's Object Lessons, p. 384. + +“අතිශයින් ක්‍රියාශූර ලෙස, ක්‍රිස්තුස්වහන්සේ උදෙසා ආත්ම දිනාගනු පිණිස වන්නාවූ වැඩකටයුතු පිළිබඳව මහත් උනන්දුවෙන් විශ්වාසවන්ත ලෙස කටයුතු කරන්නවුන් අධ්‍යාත්මිකව මෙන්ම කැපවුනාවූ අයද වන්නේය.” —Ellen G. White, Evangelism, p. 356. + +“නපුරට එරෙහි වීමේ ශක්තිය හොඳම දේ වන්නේ ආක්‍රමණශීලී සේවයයි”‍ —Ellen G. White, The Acts of the Apostles, p. 105. + +“උන්වහන්සේගේ පූජාව කරණකොටගෙන ආත්ම ගළවනු ලබනවා දැකීම වන උන්වහන්සේගේ ප්‍රීතියට ඇතුල්වන පිණිස අපිත් ඔවුන්ගේ ගැළවීම උදෙසා උන්වහන්සේ කරන්නාවූ වැඩවලට සහකාරයන් විය යුතුය. —Ellen G. White,The Desire of Ages, p. 142. (යුගයන්ගේ ආශාව 1 වන කොටස 128 පිටුව). + +ක්‍රිස්තුස්වහන්සේ සමග සහභාගිත්වයෙන් යුක්තව සේවයෙහි නිරතවීම ප්‍රතික්ෂේප කරන්නාවූ අය, උන්වහන්සේගේ තේජස් හිමිකරුවන් වීමේ එකම පුහුණුවද ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ. —Ellen G. White, Education, p. 264. + +**සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න:** + +`ඕනෑම ආකාරයක සාර්ථක සාක්ෂි දැරීමක් උදෙසා ප්‍රේමය මෙතරම් පාදක විය යුත්තේ ඇයි?` + +`මෙය සත්‍යයක් බව ඔබ නිශ්චිතව දැනගත්තේ කවදාද? එනම්: ආත්ම දිනාගැනීම දෙවියන්වහන්සේ සමග පුද්ගලිකව මෙන්ම උන්වහන්සේ සමග ගමනේ යෙදීමේදී හද කුල්මත් කරන්නාවූ දෙයකි.` + +`අනෙක් අය සමඟ දෙවියන්වහන්සේව බෙදාගන්නාවූ අතරතුර, පාදක රේඛාවක් හෝ ප්‍රාථමික අවබෝධයක් තිබිය යුතුද? එසේ විය යුතු වන්නේ නම්, එය කුමක් විය හැකිද?` + +`නොඇදහිලිවන්තයෙකු සමග බයිබලය හදාරන විට, ඔබ ආරම්භ කළ යුත්තේ කොතැනින්ද? ඔබේ මූලික අවධානය කුමක්ද? එනම්: යම් යම් ධර්මතාවයන් හඳුන්වා දීමද, නැතහොත් යේසුස්වහන්සේව දැන හැඳිනගැනීම පිණිස යමෙකුට ආරාධනා කොට සිටීමද?` + +**සාරාංශය:** දෙවියන්වහන්සේගේ ප්‍රේමය මෙන්ම උන්වහන්සේගේ ප්‍රබලවූ ජීවමාන වචනය අපේ ජීවිත දෛනිකව පූර්ණ කරන්නාවූ අතරේදී, අප අවට සිටින්නවුන් සමග ප්‍රේමය මෙන්ම, උන්වහන්සේව බෙදාගනු පිණිස අපේ සිත් අපට බලකෙරෙනු ඇත. අප, අපේ සාක්ෂි දැරීම කල්පනාකාරීව, යාච්ඤාවෙන් යුක්තව, මහත් උවමනාවෙන් සාක්ෂි දරමින්, උන්වහන්සේගේ මුඛයෙන් පිටවන වචනය හිස්ව ආපසු නොයන බව විශ්වාස කරමින්, උන්වහන්සේ අපේක්ෂිත දේ ඉටුවන බව විශ්වාස කරමින්, සියල්ල සඵල වන බවද විශ්වාස කළ යුත්තෙමු (යෙසායා 55:11 කියවන්න). \ No newline at end of file diff --git a/src/si/2026-02/13/01.md b/src/si/2026-02/13/01.md index d99619bf138..b5c4a8e5ac2 100755 --- a/src/si/2026-02/13/01.md +++ b/src/si/2026-02/13/01.md @@ -3,5 +3,16 @@ title: සදාකාලය තුළට date: 20/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +### මේ සතියේ පාඩමේ අධ්‍යයනය සඳහා කියවන්න +ගීතාවලිය 80, 1 තෙසලෝනික 4:17, එළිදරව් 21:9-27, යෙසායා 25:8, එළිදරව් 7:17, එළිදරව් 21:4, යොහන් 6:44. + +>

කටපාඩම් පදය

+> “ප්‍රේමවන්තයෙනි, දැන් අපි දෙවියන්වහන්සේගේ දරුවෝය, අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප්‍රකාශවී නැත. උන්වහන්සේ ප්‍රකාශවුණාම අපි උන්වහන්සේට සමානවන බව දනිමුව; මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමුව.” (1 යොහන් 3:2). + +ඔබේ අනාගතය කෙබඳු එකක් විය හැකිද? ඉදිරියට ඇත්තේ කුමක්ද? ඇතැම්විට එය ඔබව කලකිරීමට පත්කරවන, ප්‍රබෝධමත් කරවන, බියගන්වන සුළු සහ එකවිටම අතිශයින් යහපත් වන්නාවූ දෙයක් විය හැක. යේසුස්වහන්සේ විශ්වාසවන්තව සිටිනවා මෙන්ම උන්වහන්සේගේ වචන සත්‍යවාදී වන බව දැනගන්න (එළිදරව් 3:14). ඉදිරියේදී කුණාටු සහිත අවස්ථා ඇතිවීමට පුළුවන (මතෙව් 24:21, 22). එනමුත් උන්වහන්සේ පොරොන්දුව ඇත්තේ, උන්වහන්සේ කිසිවිටෙක ඔබව අත්හරිනු ලබන්නේවත්, එපාකරනු ලබන්නේවත් නැති බවය (හෙබ්‍රෙව් 13:5). උන්වහන්සේ කරනවායයි පවසා ඇති දේ, ඒ අයුරින්ම උන්වහන්සේ ඉටුකරනවා ඇත (හෙබ්‍රෙව් 10:23). “නුමුත් අන්තිමය දක්වා ස්ථිරව සිටින්නාම ගැළවෙන්නේය” (මතෙව් 24:13). + +අපට මේ ලෝකයේ තවත් කොපමණ කාලයක් ඉතිරිව තිබුණත්, අප විසින් නිතර යේසුස්වහන්සේ වෙත අපේ ඇස් යොමුකරමින්, කිසිවිටෙක නොසැලී සිටිය යුත්තෙමු. නිතර අවධානය සොයමින් දිවයන ලෝකයක මෙය එතරම් පහසු කටයුත්තක් නොවේ, එනමුත් අප දාවිත් මෙන්, “මාගේ ඇස් නිතරම ස්වාමීන් දෙසට යොමුව තිබේ. මක්නිසාද උන්වහන්සේ මාගේ පාද දැලෙන් මුදාගත්සේක” (ගීතාවලිය 25:15) පැවසිය යුත්තෙමු. + +මෙම සතිය තුළ ස්වර්ගයෙන් ලැබෙන විපාක දෙස බලමු (මතෙව් 5:12; එළිදරව් 22:12). ස්වර්ගය කෙබඳු ස්ථානයක් වේවිද; අවසානයේදී අපව මැවූ තැනැන්වහන්සේ සමග වාසය කිරීම කෙතරම් විශ්මයජනක කරුණක් විය හැකිද, උන්වහන්සේ මරණය දක්වා අපට ප්‍රේම කරමින්, අපව පාපයෙන් ගළවා ගත් අතර, ඉක්මණින් නැවත පැමිණෙනු ඇත. අප එතෙක් ඇදහිල්ලෙහි එල්බ සිටිය යුත්තෙමු. + +ජුනි 27 වන දිනට යෙදෙන සබතට සූදානම් වීම පිණිස, මෙම සතියේ පාඩම අධ්‍යයනය කරන්න. \ No newline at end of file diff --git a/src/si/2026-02/13/02.md b/src/si/2026-02/13/02.md index 9f785180096..985df64b743 100755 --- a/src/si/2026-02/13/02.md +++ b/src/si/2026-02/13/02.md @@ -1,7 +1,14 @@ --- -title: පාඩම +title: අද ජීවත්වීම date: 21/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +අප අවට බලන විට, අප දකින්නේ සුසුම්ලමින් සහ කෙඳිරිගාමින් සිටින ලෝකයක් වන අතර, යේසුස්වහන්සේ විසින් වදාල ලකුණු අප ඉදිරියේම ඉටුවෙමින් පවතින අයුරු අපි දකින්නෙමු. යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්තිද, එක්ජාතියක් තවත් ජාතීන්ට එරෙහිව නැගී ඒමද, සාගතද, වසංගතද, භූමිකම්පාද, පීඩා කිරීම්ද (මතෙව් 24:6-11) අප අවට නිතර සිදුවෙමින් පවතින අතර, කාලය ගතවත්ම තව තවත් වැඩිවීමක් මිස, කිසිදු වෙනසක් දකින්නට නැත. ඇත්තවශයෙන්ම, අප ජීවත්වන්නේ අතිශයින් බැරෑරුම් කාලයකය. මෙම කාලය තුළ අපට දෙවියන්වහන්සේ සමග පවතින්නාවූ සබඳතාවයක් අවශ්‍ය වන්නේය. + +අපට පවසා ඇත්තේ, “නුමුත් සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤා කිරීම පිණිස පිබිද සිටින්න” (1 පේත්‍රැස් 4:7). එය එසේ වන බැවින්, අද දවසේ ජීවත්වන ඔබ, අන් කවරදාකටත් වඩා, දෙවියන්වහන්සේ සමග ඇති සම්බන්ධතාවය ආරක්ෂා කොට, ශක්තිමත් කළ යුතු වන්නේය. කාලය කොතරම් දිගට පැවතියත්, අප කොපමණ කල් ජීවත් වුවත්, අපේ පුද්ගලික ජීවිත කාලය සැමවිටම කෙටිවූ එකකි. “මෙන්න: අදවත්, හෙටවත් අපි අසවල් නුවරට ගොස්, එහි අවුරුද්දක් නැවතී සිට, වෙළඳාම් කොට ලාභ උපදවා ගන්නෙමු යයි, කියන්නාවූ තැනැත්තෙනි, අසන්න. මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය (යාකොබ් 4:13, 14). එම අවවාදය සැබවින්ම සත්‍යයක් බව අපි දනිමු. මෙම මොහොතේ මෙය කියවමින් සිටින ඔබෙන් සමහරෙක්, අද දවස හමාරවන විට ජීවතුන් අතර නොසිටින්නට පුළුවන. පව්කාර ලෝකයක ජීවත්වීමේ කනගාටුදායක යථාර්ථයේ කොටසක් සේ මෙය සැලකීමට පුළුවන. එබැවින්, දෙවියන්වහන්සේ සමග යහපත් සබඳතාවයක් පවත්වාගෙන යාම මෙන්ම, අපට උන්වහන්සේව අවශ්‍ය බව මෙන්ම උන්වහන්සේගේ ගැළවීමේ කරුණාවේ අවශ්‍යතාවය අවබෝධ කරගනිමින් ජීවත්වීම කොතරම් වැදගත්ද? + +`ගීතාවලිය 80 තුළින් දෙවියන්වහන්සේ වෙතට ඉතා අලංකාර ආයාචනයක් ඉදිරිපත් කර ඇත. මෙම පරිච්ඡේදය කියවා, පද 1-3, 14-17, 18, 19 කෙරෙහි අවධානය යොමු කරන්න. මෙහි ‘අප’ යන වචනය යොදා ඇති ස්ථානවල ‘මා’ යන පදය යොදන්න. මෙම ගීතිකාව ලියා ඇති කාලය ස්ථානය සහ පසුබිමෙහි කුමන ආකාරයේ වෙනසක් තිබුණත් පුද්ගලිකව මෙම ගීතාවලියට සම්බන්ධ විය හැක්කේ කෙසේද?` + +අප සැම කෙනෙකුගේම ජීවිත තුළ පුනර්ජීවනයක් අවශ්‍ය වේ. දෙවියන් වහන්සේ අපට කර ඇත්තාවූ දේ මෙන්ම උන්වහන්සේ වර්තමානයේ අප උදෙසා කරනු ලබන බොහෝ දේ පිළිබඳව නොතකා හරිමින්, ඒවා අමතක කර දැමීමටද එතරම් අපහසුවකින් තොරව කිරීමට අපට හැකිවේ. මහා අරගලයක් තුළ ජීවත්වන විශ්වාසවන්තව සිටින ඇදහිලිවන්තයෙකු හට මෙවැනි යාච්ඤාවක් කළ නොහැකි තත්ත්වයකට පත්වේද? එනම්: “ඔබගේ මුහුණ බැබළෙව්ව මැනව, එවිට අපි ගැළවෙන්නෙමුව” (ගීතාවලිය 80:19). යේසුස් වහන්සේ විසින් ඔබ උදෙසා ඉටුකර ඇති දේ ඔබ පිළිගන්නා විට, ඔබව උන්වහන්සේගේ සම්පූර්ණ ධර්මිෂ්ඨකමින් ආවරණය කොට, ඇදහිල්ලෙන් එම ධර්මිෂ්ඨකම ඔබට ලැබී ඇති බැවින්, උන්වහන්සේ තුළ ඔබ ගළවනු ලැබ ඇති බව ඔබට දැනෙනවා ඇත. + +`දෙවියන්වහන්සේ “උන්වහන්සේගේ මුහුණ ඔබ මත බබලනවා” යන්න ඔබ අවබෝධ කරන්නේ කෙසේද? උන්වහන්සේගේ මුහුණ ඔබ මත යනු, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම පමණක් ඔබ ගළවනු ලබන බවයි.` \ No newline at end of file diff --git a/src/si/2026-02/13/03.md b/src/si/2026-02/13/03.md index 2162c59f6c3..99569770bd6 100755 --- a/src/si/2026-02/13/03.md +++ b/src/si/2026-02/13/03.md @@ -1,7 +1,14 @@ --- -title: පාඩම +title: අවසානයේ, මුහුණට මුහුණ ලා date: 22/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +අපව සාදා ඇත්තේ දෙවියන්වහන්සේට සමීපව සිටින පිණිසය (උත්පත්ති 2:7). උන්වහන්සේ මානව වර්ගයා මැවූ දා සිට, උන්වහන්සේ සමග පැවති පසුව බිඳී ගියාවූ සම්බන්ධතාවය යලි ගොඩනගනු පිණිස දෙවියන්වහන්සේ සතු සියල්ල දුන්සේක (යොහන් 3:16). උන්වහන්සේ අපේ හදවත් තුළ සදාකාලය තැන්පත් කර ඇති නමුත්, දෙවියන්වහන්සේ ආරම්භයේ සිට අවසානය දක්වා මනුෂ්‍යයන් උදෙසා සිදුකර ඇති දේ අවබෝධ කරගත නොහැකි තත්ත්වයකට මනුෂ්‍යයෝ පත්ව සිටිති (දේශනාකාරය 3:11). අප අවට දැඩි කුණාටුවක් ලෙස හඹායන මහා අරගලයේ කොටස්කරුවන් බවට අප පත්ව ඇති නමුත්, බොහෝ විට, අපට නැවත වරක් දෙවියන්වහන්සේ සමග සබඳතාවයක් ගොඩනගා ගනු පිණිස, උන්වහන්සේට දැරීමට සිදුවූ මහත් මිලය පිළිබඳව සිතා බැලීමට මොහොතක් ගතකිරීමට පවා අපි මැලිවන්නෙමු. බොහෝ අවස්ථාවලදී අප ලෞකික දේවල නිරත වෙමින්, “අපේ නාගරිකත්වය ස්වර්ගයෙහි බව අමතක කරමින්, එතැනින් ගැළවුම්කාරයෙක් වන ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එනවා අපි බලා සිටිමුව. සියලු දේ පවා තමන්ට යටත් කරන්ට පුළුවන් වූ බලය ලෙස උන්වහන්සේ අපේ යහපත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමාන වන පිණිස ඒවා වෙනස්කරනවා ඇත” (පිලිප්පි 3:20, 21). + +ලෝකය එහි අවසානය කරා පැමිණෙමින් සිටියදී, කුඩා කළු වලාකුළක් නැගෙනහිර අහසේ කිසියම් දවසක ඇතිවන බව අපි දනිමු. එම වලාකුළ ක්‍රම ක්‍රමයෙන් පොළොවට ආසන්න වෙද්දී, අප දකින්නේ, “තවද සුදු වලාකුළකුත්, ඒ වලාකුළ පිට බොහෝ හිසේ රන් ඔටුන්නක් සහ තමාගේ අතේ මුවහත් දෑකැත්තක්ද ඇත්තාවූ මනුෂ්‍ය පුත්‍රයෙක් වැනිවූ කෙනෙක් වැඩ ඉන්නවාත් දුටිමි” (එළිදරව් 14:14). “මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල (මතෙව් 25:31), සියලු ඇස්ද ... උන්වහන්සේව දකින්නෝය” (එළිදරව් 1:7). උන්වහන්සේ පහලට පැමිණෙන්නාවූ විට, මහත් හඬක්ද, හොරණෑ නාදයද, අපට ශ්‍රවණය වන අතර, ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාවූ අය පළමුකොට නැගිටින්නාහ (1 තෙසලෝනික 4:16). ඔවුන්ව කැඳවනු ලබන තැනැන්වහන්සේගේ හඬ ඔවුන් හඳුනා ගනිති (යොහන් 5:28). + +`ඊළඟට කුමක් සිදුවේද? 1 තෙසලෝනික 4:17 කියවන්න. අවසානයේදී පාවුල් තුමා විසින් පිලිප්පි 2:10, 11හි ලියන ලද කරුණු විශ්වය පුරා දෝංකාරය නගනු ඇත.` + +මෙය කොතරම් විස්මිත, අත්‍යාලංකාර සිතුවිල්ලක්ද? යම් දිනකදී අපි සැබවින්ම යේසුස්වහන්සේව දකින්නෙමු. අපට උන්වහන්සේගේ හඬ ඇසෙනු ඇත. තවද උන්වහන්සේ ස්වාමීන්වහන්සේ බව අපි පවසා සිටින්නෙමු. අප උන්වහන්සේ පිළිබඳව කියවා ඇත. උන්වහන්සේට යාච්ඤා කර ඇත්තෙමු. අනුන් හට උන්වහන්සේ පිළිබඳව කථා කර ඇත. අප සිත් උන්වහන්සේ දකින තුරු ආශාවෙන් බලා සිට ඇත... නියතවශයෙන්ම අපි මුහුණට මුහුණලා උන්වහන්සේව දකින්නෙමු. උන්වහන්සේ විශ්වාසවන්ත වන බවත්, උන් වහන්සේගේ පොරොන්දු සත්‍යවූ ඒවා වන බවටත් අපට සහතික විය හැක (එළිදරව් 22:6). + +එම මොහොතේදී, හොරණෑ නාදවී සෑම මනුෂ්‍ය ඇසක්ම යේසුස් වහන්සේව දකින විට, මෙතෙක් කල් බලා සිටීම ඉතා වටිනා දෙයක් බව අපට දැනෙනු ඇත. සැම නොපසුබට යාච්ඤාවක්ද, උන්වහන්සේට ප්‍රමුඛත්වය දී ගතකළාවූ සෑම කාල පරිච්ඡේදයක්ද, උන්වහන්සේ උදෙසා නිර්භීතව කථා කළ සෑම අවස්ථාවක්ද, උන්වහන්සේගේ මුහුණ දකිනු පිණිස අවසානය කරා එළැඹි සැම පරීක්ෂාවක්ද කූටප්‍රාප්තියකට පැමිණෙනු ඇත. (එළිදරව් 22:4). \ No newline at end of file diff --git a/src/si/2026-02/13/04.md b/src/si/2026-02/13/04.md index b09fdf2e8c7..282cb59bd3b 100755 --- a/src/si/2026-02/13/04.md +++ b/src/si/2026-02/13/04.md @@ -1,7 +1,22 @@ --- -title: පාඩම +title: මනාලිය date: 23/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +යොහන් නම් ගෝලයා, පත්මොස් නම් දූපතට පිටුවහල් කරනු ලැබ සිටියදී, දෙවියන්වහන්සේ සමග නැවත එක්වීම කුමන ආකාරයේ සදාකාලීන අත්දැකීමක් වනු ඇත්දැයි පෙන්නුම් කරනු පිණිස ඔහුට දර්ශනයක් දෙනු ලැබුණි. + +`එළිදරව් 21:9-11 කියවන්න. කුමන ආකාරයේ සැසඳීමක් යොදාගනු ලැබුවේද? එය යොදාගැනීම පිණිස වූ හේතුව ඔබ සිතන ආකාරයට කුමක් විය හැකිද?` + +මනාලියක් ලස්සන කෙනෙකි, එමෙන්ම ඇගේ මංගල දිනයේදී සියලුදෙනා ඇයව දැකීමට උනන්දු වෙති. මනාලියගේ මෙන්ම මනාලයාගේ මංගල දිනය, ඔවුන්ගේ ජීවිතයේ තීරණාත්මක වෙනසක් ගෙනෙනු පිණිස දෙදෙනා එක්ව ජීවත්වීමට තෝරාගත් දවස වන අතර, දෙවියන්වහන්සේ නැවත පැමිණි විට අපද මේ ආකාරයේ සම්බන්ධතාවයක් උන්වහන්සේ සමග පවත්වාගෙන යන්නෙමු. + +යේසුස්වහන්සේ අප උදෙසා ස්ථානයක් පිළියෙල කරමින් සිටින අතර (යොහන් 14:1-3), එය ඉතා අලංකාර වූද, විස්තර කරනු ලැබීමට පවා විස්මිත එකකි. “ධර්මිෂ්ඨයන්ට ලැබෙන්ට යන විපාක විස්තර කිරීමට මනුෂ්‍ය වචන ප්‍රමාණවත් නොවේ. එය දැනගත හැක්කේ එය දකින අයට පමණය. කිසි මානුෂික මනසකට දෙවියන්වහන්සේගේ පාරාදීසයේ තේජස වටහාගැනීමට නුපුළුවන.” —Ellen G. White, The Great Controversy, p. 675. (මහා බලාපොරොත්තුව, 42 පරිච්ඡේදය, පිටුව 778). + +අලුත් අහසත්, අලුත් පොළොවත් කෙබඳු ස්ථානයක් වේ දැයි අපට ස්ථිර වශයෙන්ම අවබෝධ කරගැනීමට නුපුළුවන් වුවත්, දෙවියන්වහන්සේ විසින් යොහන් තුමා හට මෙම ස්ථානය පිළිබඳව දර්ශනයක් දී ඇති බැවින්, අප බලා සිටින්නේ එම, “සරණ මංගල්‍ය” ඉක්මණින් වන තුරුය. ඇත්තටම අපට ආරාධනා කොට ඇත්තේ, “පොළොවේ තිබෙන දේ නොව උසස් තැන්හි තිබෙන දේම සලකන්න” (කොලොස්සි 3:2) යනුවෙනි. + +දෙවියන්වහ්නසේ මෙම අවස්ථාව උදෙසා ප්‍රවේසමින් සූදානම් වන්නේ, අප කිසිවෙකුට මෙම ‘සරණ මංගල්‍ය’ අනපේක්ෂිත මෙන්ම පුදුම සහගත එකක් වනවාට උන්වහන්සේ තුළ ඇති අකමැත්ත හේතුවෙනි (මතෙව් 22:1-14; මතෙව් 25:1-13). + +මෙම සිද්ධි මාලාව ක්‍රියාත්මක වන ප්‍රේක්ෂකාගාරය වන්නේ, විශ්වය වන අතර, අපෙන් ඇතැමෙක්, මෙම කථාව තුළ ප්‍රධාන චාරිත බවට පත්වනු ඇත. අප “මනාලිය” සමග එක්වන අතර, මෙම නගරය, යේසුස්වහන්සේගේ දෙවන පැමිණීමේදී, උන්වහන්සේ සමග ගෙනයනු ලබනවා ඇත. දේව ජනතාව (සාන්තුවරයන්) “මනාලිය” ලෙසද හඳුන්වා තිබීම අවධානය ගන්නාවූ (එළිදරව් 19:7 බලන්න) කරුණක් වන්නේ, “තවද තම පුරුෂයාට සරසන ලද මනමාලියෙකු මෙන්, සූදානම් කරනු ලැබූ ශුද්ධ නුවර, එනම් අලුත් යෙරුසලම, දෙවියන්වහන්සේ වෙතින්, ස්වර්ගයෙන් බසිනවා දුටිමි” (එළිදරව් 21:2). + +“ශුද්ධ වූ නගරය පිළිබඳව වන අලංකාර විස්තරයෙන් දේව ජනතාවත්, නගරයත් අතර ඉතා සමීප සබඳතාවයක් පැවති බව පෙනී යන්නේ, එම වැදගත් අංග දෙකම “මනමාලියෙකු” ලෙසින් හඳුන්වනු ලැබ ඇති හෙයිනි. රාජධානියේ අගනුවර මෙන්ම ආදර්ශකය වූ යෙරුසලෙම පිළිබඳව බයිබලය තුළ සවිස්තරාත්මකව එළිදරව් කොට ඇත. එමෙන්ම එය මනමාලි නොහොත් බැටළු පැටවාණන්ගේ භාර්යාව වශයෙන්ද හඳුන්වා ඇත.” —Ellen G. White, The Great Controversy, p. 426. + +`එළිදරව් 21:9-27 කියවන්න. අපට මේ පිළිබඳව වර්තමානයේදී පරිකල්පනය කිරීම අපහසු වී ඇත්තේ ඇයි? මේ පාඨ තුළ පොරොන්දුවී ඇති කරුණු පිළිබඳව අවබෝධයක් ලබනු පිණිස අපේ මනස සූදානම් කරන්නේ කුමන ආකාරයෙන්ද?` \ No newline at end of file diff --git a/src/si/2026-02/13/05.md b/src/si/2026-02/13/05.md index 43c186caaac..c4507742b5b 100755 --- a/src/si/2026-02/13/05.md +++ b/src/si/2026-02/13/05.md @@ -1,7 +1,18 @@ --- -title: පාඩම +title: බැටළු පැටවා පසුපස යන්න date: 24/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +සදාකාලය තුළ කිරීමට ඔබ අතිශය ආශාවෙන් බලාපොරොත්තුව සිටින්නේ කුමන දෙයක් කිරීමටද යයි කවදා හෝ යමෙක් ඔබෙන් විමසා තිබෙනවාද? “කොටියෙකුගේ පිට උඩ යන්න,” “ජිරාෆa කෙනෙකුගේ බෙල්ල දිගේ ලිස්සා යන්න,” හෝ “එක එක ග්‍රහලෝකවලට පියාඹා යන්න” යනුවෙන් ළමා වියේ කෙනෙකු පවසා සිටිය හැක. එම ප්‍රශ්නයම නව යොවුන් වියේ කෙනෙකුගෙන් අසනු ලැබුවහොත් “පාසැල් වැඩකටයුතු නැවත කවදාවත් නොකර සිටින්නට” හෝ “කිසි ආපදාවකට ලක් නොවී, මගේ යහලුවන් සමග ස්වර්ගය ගවේෂණය කිරීමට” වැනි පිළිතුරක් ලැබෙන්නට පුළුවන. එම ප්‍රශ්නය වැඩිහිටියන්ගෙන් විමසා සිටියහොත්, “කිසි වේදනාවක්, දුක් විඳීමක් හෝ මරණයක් නැති තැනක” හෝ “ආදරවන්තයන් සමග නැවත එක්වනු පිණිස” වැනි පිළිතුරක් ඔවුන්ගෙන් ලැබෙන්නට පුළුවන. මෙම සෑම ප්‍රතිචාරයක්ම ඉතා යහපත් වූද, සත්‍යවූද ඒවා වන්නාවූ අතර, අළුත් අහස මෙන්ම අළුත් පොළොව පිහිටුවීමෙන් පසුව අපේක්ෂා කළ හැකි තවත් බොහෝ දේවල්ද තිබිය හැක. සදාකාලය අප හදවත් තුළ අත්‍යවශයෙන්ම දැවෙමින් පවතින කරුණක් වන අතර, මේ ලෝකයේ වර්තමානයේ ගතකරන ජීවිතයට වඩා යහපත් ජීවිතයක් තිබිය යුත්තේය. + +`සදාකාලය තුළ අප විසින් අපේක්ෂා කරන්නාවූ වෙනත් ආශිර්වාද මොනවාද? යෙසායා 25:8; එළිදරව් 7:17 සහ එළිදරව් 21:4` + +අනිවාර්යයෙන්ම, ස්වර්ගයෙන් ලැබෙන්නාවූ උතුම්ම ආශිර්වාදය වන්නේ, අවසානයේදී යේසුස්වහන්සේව අපේ දෙනෙතින්ම දැක බලාගැනීමේ අවස්ථාවක් ලැබ, වැටුනාවූ ලෝකය උදෙසා උන්වහන්සේ ඉටුකර ඇති දේවල් පිළිබඳව පුද්ගලිකවම උන්වහන්සේට ස්තූතිවන්ත වීමයි. උන්වහන්සේ කුරුසිය මත වධ වේදනා විඳි අපව ගළවා ගැනීම උදෙසා කටයුතු කළ බැවින්, උන්වහන්සේට අසීමිත ලෙස ප්‍රශංසා කරමින් නමස්කාර කිරීමට අපට උවමනා වේ + +“මරනු ලැබූ බැටළු පැටවාණෝ බලයත්, ධනයත්, ප්‍රඥාවත්, පරාක්‍රමයත්, ගෞරවයත්, තේජසත් ලබන්ට වටින තැනැන්වහන්සේය” (එළිදරව් 5:12). + +යොහන් බව්තීස්ත යේසුස්වහන්සේව හඳුන්වා දුන්නේ, “දෙවියන් වහන්සේගේ බැටළු පැටියාණෝ” (යොහන් 1:36) යනුවෙනි. එය අසා සිටි යොහන්ගේ ගෝලයින් දෙදෙනෙකු, යේසුස්වහන්සේ පස්සේ ගියෝය (යොහන් 1:37), තවද, අපත් එසේම කළයුතු බව එළිදරව් 14:4හි සඳහන්වේ. “බැටළු පැටවාණන් යන යන තැනට උන්වහන්සේ අනුව යන්නෝ මොවුහුය” (එළිදරව් 14:4). එනමුත්, අපට ස්වර්ගයේදී උන්වහන්සේ පසු පස යාමට අවශ්‍ය වන්නේ නම්, පළමුව අප මෙලොවදී උන්වහන්සේ පසුපස යායුත්තෙමු. + +යේසුස්වහන්සේ, බැටළු පැටවාණන් සේම, අපේ එඬේරාණෝද වන බැවින්, වෙන කිසිවෙකුට කළ නොහැකි අයුරින් අපට මගපෙන්වන සේක. අපට දුෂ්කර අවස්ථාවලදී, බොහෝ බාධක මැදින් යන්නට සිදුවන නමුත්, යේසුස් වහන්සේ මෙලොවදී මෙන්ම ස්වර්ගයෙහිදීද අපට නොනවත්වා මගපෙන්වන බව දැනගැනීම, අපගේ සිත් තුළට සහනදායී හැඟීමක් ගෙන එන්නකි. එළිදරව් 7:17හි පවසා ඇත්තේ, “මක්නිසාද සිංහාසනය මැද සිටින බැටළු පැටවාණෝ ඔවුන්ගේ එඬේරාවී, ජීවන - දිය - උල්පත්වලට ඔවුන් ගෙනයන සේක.” අප උන්වහන්සේ සෙනඟ මෙන්ම, උන්වහන්සේගේ බැටළුවන් ලෙස, සදාකාලීනව උන්වහන්සේ ඉදිරිපිට සිටිනු පිණිස උන්වහන්සේ ස්වර්ගයේදී අනුගමනය කරන්නෙමු. දේව ජනතාව හඳුන්වාගනු ලබන විස්තරාත්මක ලක්ෂණයක් වන්නේ, “උන්වහන්සේගේ නාමයද ඔවුන්ගේ නළල්වල තිබෙන්නේය” (එළිදරව් 22:4). ඉන් අර්ථවත් වන්නේ, අප නිතර උන්වහන්සේ පිළිබඳව සිතමින් සිටින බවය. + +`"Follow the Lamb" යන ඇඩ්වෙන්ටිස්ට් ශුභාරංචි ගීතිකාවට සවන් දීමෙන් පසුව එය ගායනා කරන්න. එහි ඇති වචන ඔබේ පුද්ගලික යාච්ඤාවේ වචන ලෙස සලකමින් ගායනා කරන්න.` \ No newline at end of file diff --git a/src/si/2026-02/13/06.md b/src/si/2026-02/13/06.md index c777c8d83aa..a09686cb70c 100755 --- a/src/si/2026-02/13/06.md +++ b/src/si/2026-02/13/06.md @@ -1,7 +1,20 @@ --- -title: පාඩම +title: “එන්න!” date: 25/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +අද දවසේ නැවත වාරයක් මෙම ආරාධනය අපට පිළිගන්වා ඇත: “එන්න” + +`මෙහි දැක්වෙන පාඨ කියවා ඔබට උන්වහන්සේ වෙතට පැමිණන ලෙස දී ඇති ආරාධනය වෙත අවධානය යොමුකරන්න. මතෙව් 11:28-30; යෙසායා 55:1-3; යොහන් 6:44.` + +ඔබව යේසුස්වහන්සේ වෙත අද දවසේ යොමුකිරීමට ශුද්ධාත්මයාණන් වහන්සේට උවමනාවක් ඇත. යේසුස්වහන්සේ, උන්වහන්සේ වෙතට පැමිණෙන ලෙස ඔබට ආරාධනා කර සිටින අතර, ඔබට අදත්, දිනපතාත් මෙන්ම උන්වහන්සේ නැවත පැමිණෙන තෙක් උන්වහන්සේ තුළ පවතින ලෙසද ඉල්ලා සිටින සේක. ඔබ උන්වහන්සේට ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ වෙතට පැමිණෙන විට, ඔබේ සිත මෘදුවී, ඔබේ මනස උන්වහන්සේගේ කැමැත්තට යටත් කළ විට, ඔබ නුසුදුස්සෙකැයි ඔබට කොතෙක් දුරට හැඟී ගියත්, මේ ලෝකයේ අවසාන දවසේදී උන්වහන්සේ ඔබව නැගුටුවනු ලබනවා ඇත. යේසුස්වහන්සේ පැවසුවේ, “මා ළඟට එන තැනැත්තා මා විසින් කිසිසේත් අහක දමන්නේ නැත” (යොහන් 6:37) යනුවෙනි. + +යේසුස්වහන්සේ සමඟ ගැළවීමේ සබඳතාවයකට අන්‍යයන්ට කැඳවීමේදී, ශුද්ධාත්මයාණන්වහන්සේ සමග කටයුතු කිරීමේ හදිසි අත්‍යවශ්‍යතාවය අප විසින් අවබෝධ කරගත යුත්තෙමු. “ආත්මයාණන්වහන්සේද මනමාලිද එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන - වතුර නොමිලයේ ගනීවා” (එළිදරව් 22:17). + +එම ආරාධනය අනුග්‍රහයේ තිළිණයක් ලෙස නොමිලයේ දෙනු ලබන්නකි. අප උන්වහන්සේව අපේ ජීවිතයට පිළිගනිමින්, මුළු සිතින්ද, මුළු ආත්මයෙන්ද, මුළු ශක්තියෙන්ද (ද්විතීය කථාව 6:5) ස්වාමීන්වහන්සේට ප්‍රේම කරන්නේ නම්, අපේ ජීවිත වර්තමානයේදී මෙන්ම අනාගතය උදෙසාද, සදහටම වෙනස් වෙනවා ඇත. + +යේසුස්වහන්සේද, උන්වහන්සේ වෙතට අපව කැඳවන්නාවූ අතර, බයිබලයේ අවසානයට සඳහන් පොරොන්දුවේ වචන මෙවැනිය, “මම ඉක්මනින් එමියි කියන සේක. ආමොන්, ස්වාමි වූ යේසුස්වහන්ස, වැඩිය මැනව” (එළිදරව් 22:20). + +කෙතරම් ඉක්මනින්ද? අපේ දෘෂ්ටි කෝණයෙන් බලන කළ, අපේ මරණය සිදුවන මොහොතේ අපේ දෙනෙත් පියවී ගිය පසු, අප ඊළඟට දන්නාවූ දෙය වනුයේ ක්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීමයි. අපේ ජීවිත ගෙවී යන වේගය පිළිබඳව සිතා බලන විට, ඒ හා සමාන ඉක්මන් බවකින් යේසුස්වහන්සේ අප උදෙසා පැමිණෙන සේක. ඇතැම් විට නැවත නැගිටීමේ දවසේදී අපේ ප්‍රථම සිතුවිල්ල විය හැක්කේ, “අහෝ! ස්වාමීනි, ඔබවහන්සේ අප සිතා සිටියාටත් වඩා ඉක්මනින් වැඩියා නොවේද!” යනුවෙනි. + +`ඔබේ ඇදහිල්ල පවතින ලෙස මෙම මොහොතේම යාච්ඤා කරමින්, ඔබ උදෙසා ජීවිතය පූජා කළාවූද, ඉක්මණින්ම ඔබ උදෙසා නැවත පැමිණෙන්නාවූද තැනන්වහන්සේට සම්පූර්ණයෙන් කැපවීමෙන් සහ උන්වහන්සේට බාරවෙමින් යාච්ඤාවේ නිරතවන්න.` \ No newline at end of file diff --git a/src/si/2026-02/13/07.md b/src/si/2026-02/13/07.md index 7519b2e4b20..11f98c68537 100755 --- a/src/si/2026-02/13/07.md +++ b/src/si/2026-02/13/07.md @@ -3,5 +3,18 @@ title: වැඩිදුර අධ්‍යයනය සඳහා date: 26/06/2026 --- -### අපි මෙම පාඩම මත වැඩ කරමින් සිටිමු. -කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. \ No newline at end of file +දේව වචනයෙන් පෝෂණය නොවී සිsමින්, ක්‍රිස්තුස් වහන්සේගේ ආගම අප විසින් පිළිනොගෙන සිටින්නේ නම්, දෙවියන් වහන්සේගේ නගරයට ඇතුලත් වීම පිණිස අප සුදුස්සන් නොවන්නෙමු. ලෞකික ආහාරවලින් පෝෂණය වෙමින් ජීවත්ව ඇත්තාවූද, අප සොයන්නාවූ රසඥතාවයන් ලෝකයේ උවමනාවලට සරිලන පරිදි රුචිකත්වය සකස්කර ගත්තාවූද විට, අප ස්වර්ගයේ අංගන තුළ ජීවත් වීමට සුදුස්සන් නොවෙමු. එසේ වන්නේ ස්වර්ගයෙහි පවතින සහ සංසරණය වන පවිත්‍ර වූ ස්වර්ගීය සංකල්ප දැරීමට නුහුරක් අප තුළ පවතින බැවිනි. දේවදූතයන්ගේ මිහිරි හඬත්, ඔවුන්ගේ වීණාවලින් නික්මෙන, මිහිරි සංගීතයත් අපව සෑහීමකට පත් නොකරනු ඇත. ස්වර්ගයෙහි පවතින විද්‍යාව අපට අභිරහසක් වනු ඇත. අප ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම උදෙසා සාපිපාසා අත්තෝව සිටිය යුත්තෙමු. අප උන්වහන්සේගේ අනුග්‍රහය අනුව වෙනස්වී, ස්වර්ගයෙහි දේවදූතයන්ගේ සමාජයෙහි සාමාජිකයන් වීමට සුදුස්සන්ව සිටිය යුත්තෙමු. + +“ස්වර්ගයේ නීතිය හැරුණු කොට, එම රාජ්‍යය තුළ වෙන කිසිදු නීතියක් වලංගු නොවනු ඇත. සියලු දෙනා ප්‍රීතියෙන්, පවුලක් සේ එකමුතුකමින්, ප්‍රශංසාවේ සහ කෘතඥතාවයෙහි වස්ත්‍රයෙන් සැරසී සිටින්නෙමු ... මෙම දර්ශනය පසුපස උදෑසන එක්වී ගායනා කරන අතර තුර දේව පුත්‍රයන් ප්‍රීතියෙන් ඉහවහාගොස් මහත්සේ හඬ නගනු ලබන අතර, දෙවියන්වහන්සේත්, ක්‍රිස්තුස්වහන්සේත් එකතුව මහත් හඬකින්, තවත් පාපයද මරණයද තවත් නොවන්නේය” යනුවෙන් ප්‍රකාශ කරන්නාහ. + +“අප ස්වර්ගය පිළිබඳව අලංකාරවූ ස්වර්ගය පිළිබඳව කථා කිරීම පුරුද්දක් කරගත යුත්තෙමු. දෙවියන්වහන්සේ ජීවමානව සිටින තෙක් පවතින එම ජීවිතය පිළිබඳව කථා කරන්න, එවිට ඔබට ඇති සුළු සුළු පරීක්ෂා සහ දුෂ්කරතා අමතක වී යනු ඇත. ඔබේ මනස දෙවියන්වහන්සේ වෙතට ආකර්ශනය වන්නට ඉඩහරින්න. —Ellen G. White, The Faith I Live By, p. 363. + +**සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න:** + +`ඔබ සතුව තිබේනම් කියවන්න, එලන් ජී වයිට් මහත්මිය විසින් ලියන ලද Early Writings, pp. 14–20. මෙම විස්තරය තුළ ඔබේ සිතට තදින් කාවැදුනේ කුමක්ද?` + +`යේසුස්වහන්සේව ඔබ මුහුණට මුහුණ ලා දකින තුරු, දෙවියන්වහන්සේ සමග ශක්තිමත් සබඳතාවයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්, මෙම කාර්තුව තුළ උගත් පාඩම් වලින් කුමන අංගයක් මතකයේ තබාගැනීම ඔබට වැදගත් වන්නේද` + +`ස්වර්ගය පිළිබඳව ඇති බලාපොරොත්තුව පිළිබඳව ඔබේ ජීවිතයට අදාළ වන කුමන පුද්ගලයෙකු විසින් දැනගත යුතු යයි ඔබට හැඟෙන්නේද? හැකි විගස එම පණිවුඩය බෙදාගනු පිණිස ඔබ කැපවිය යුතුය. මතක තබාගන්න: ඔබට පුද්ගලිකවම නැති බලාපොරොත්තුවක් තවත් කෙනෙකු සමඟ බෙදාගත නොහැකි බව මතක තබාගත යුතුය.` + +**සාරාංශය:** අපේ නෙත් එල්ලය කරා තබාගනිමින්, “නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දවස දක්වා ඒක සම්පූර්ණ කරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි”යි සඳහන්ව තිබේ (පිලිප්පි 1:6). දෙවියන්වහන්සේ ඔබ සමඟ පවත්වාගෙන යන සම්බන්ධතාවය ආරම්භ කළේ උන්වහන්සේය, එමෙන්ම උන්වහන්සේ එය සම්පූර්ණ කරනු ඇත. අප එම දවස පැමිණෙන තුරු බලාසිටින අතර තුර, ප්‍රේමයෙන් සහ ඇදහිල්ලෙන් වර්ධනය වෙමින්, අපට ඇදහිල්ලෙන් පවරා ඇති ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම මත රඳා පවතිමු. \ No newline at end of file diff --git a/video-links.txt b/video-links.txt index aca46ad0215..eda0d70cd4d 100644 --- a/video-links.txt +++ b/video-links.txt @@ -1,7 +1,5 @@ -yt-dlp "https://www.youtube.com/watch?v=o9PD6Hx1VIc" -S vcodec:h264,res:1080,acodec:libmp3lame --merge-output-format mp4 --no-overwrites --write-thumbnail --output "iiw/iiw-en-2026-02-04.mp4" +yt-dlp "https://www.youtube.com/watch?v=yiLTEsQU4D8" -S vcodec:h264,res:1080,acodec:libmp3lame --merge-output-format mp4 --no-overwrites --write-thumbnail --output "ro/ro-2026-02-04.mp4" -yt-dlp "https://www.youtube.com/watch?v=0FjoBN_DUus" -S vcodec:h264,res:1080,acodec:libmp3lame --merge-output-format mp4 --no-overwrites --write-thumbnail --output "fr/hope/fr-hope-2026-02-04.mp4" +yt-dlp "https://www.youtube.com/watch?v=reuU6CW200M" -S vcodec:h264,res:1080,acodec:libmp3lame --merge-output-format mp4 --no-overwrites --write-thumbnail --output "de/ssb/de-ssb-2026-02-04.mp4" -yt-dlp "https://www.youtube.com/watch?v=EeT95hB4LVI" -S vcodec:h264,res:1080,acodec:libmp3lame --merge-output-format mp4 --no-overwrites --write-thumbnail --output "ru/bul/ru-bul-2026-02-04.mp4" - -yt-dlp "https://www.youtube.com/watch?v=L-AIOWIL2tw" -S vcodec:h264,res:1080,acodec:libmp3lame --merge-output-format mp4 --no-overwrites --write-thumbnail --output "ilo/ilo-2026-02-04.mp4" \ No newline at end of file +yt-dlp "https://www.youtube.com/watch?v=O7RoWa0iCOM" -S vcodec:h264,res:1080,acodec:libmp3lame --merge-output-format mp4 --no-overwrites --write-thumbnail --output "hr/hr-2026-02-04.mp4" \ No newline at end of file